🤴🌼❤🌸🥺☸️
ඒ ගමන අතරමගයි. මට ඇයව මුණගැහෙන්නේ. මං
දැකපු ගමන් ඇය වියපත් දෙමළ ආච්චිඅම්මා කෙනෙක් කියලා තේරුම් ගත්තා. මා ඇය අසලින් යන
විටත් බුලත් පිරුණු මුවෙන් දිස් වුයේ හුරුපුරුදු අයෙක් වෙත යොමන සුපුරුදු සිනාවක්.
මමද මදක් වෙහෙසකර ගමන අතරතුර ඇය හා සිනාසුණේ වෙහෙස කර බවින් මිදෙන්න.
ඇය සිටියේ වසා තිබු ගේ මිදුල කෙළවර ළා දම්
පාට මල් පැළය අසලයි. මම එකවරම නතර වුණේමී. ඒ ළා දම් පාට මල් මට ඉදිරියට යාමට ඉඩ නොදුන්නේය.
නෙළාගන්නයයි මට ඇවටිලි කරන්නීය. කැඩුණු මගේ දෙමළ වාග් කෝෂය හරහා මම ඇයගෙන් මල් ඉල්ලුවෙමී.
(දෙමළෙන් සංවාදය ගෙන ගියෙමී )
🙃මම - මට මේ මල් දෙක තුනක් දෙන්න පුලුවන් ද ?
❤ඇය - මොකටද ?
🙃මම - මම දළදා මාලිගාවට යනවා. පුජා කරන්න
❤ඇය - මල් ගහම ගන්න. එත් එක පොරොන්දුවක් දෙන්න...(
මල් කඩා දෙන අතරතුර)
🙃මම - මොකක්ද පොරොන්දුව ? ඔයාට ඔන..
❤ඇය - (සිනාසෙමින්) ඔයා මට පොරොන්දු වුණා නම් කොහොම
හරි ඉෂ්ඨ කරන්න ඔනේ...
🙃මම - මං පොරොන්දු රකින කෙනෙක්. කවදාවත් පොරොන්දු
කඩන්නේ නැහැ වුවමනාවකින්. (මල් මගේ අතට ගනිමින්)
❤ඇය - මම දන්නවා ඔයා පොරොන්දු ඉෂ්ඨ කරනවා කියලා ඒකයි.
ඔයාගෙන් මම මේ පොරොන්දුව ගන්නේ.
🙃මම - කියන්න....
❤ඇය - මේ මල් දළදා මාළිගාවේ කරඩුව ඉස්සරහා තියෙන
මල් ආසනේම පුජා කරන්න ඔනේ. ඔයාට පුලුවන් ද ඒ පොරොන්දුව දෙන්න. මමත් ඔයාට එතකොට පොරොන්දුවක්
දෙන්නම්
🙃මම - හා... ඒක මොකක්ද මං ඒක කරන්නම්. මං ඔයාට පොරොන්දු
වෙනවා.
❤ඇය - ඔයා කැමති දෙයක් කියන්න ?
🙃මම - දැනට මුකුත් නෑ... අපි ආයේ හමුවුණාම ඉල්ලන්නම්.
දැන් මට පරක්කු වෙනවා මගේ යාලුවෝ උඩ ඉන්නේ. උන් කෑගහයි.
❤ඇය - හරි අනිවාර්යයෙන්ම අපි ආයේ මුණගැහෙනවා. ඔයා
"හන්තානෙයින් ඉලෛයිවරසන්" කෙනෙක්. (මගේ නළලත මගේ කිසිදු අවසරයකින් තොරව සිපගනිමින්
කිවේය. නමුත් එහි හුරුපුරුදු සුවදක් හා උණුසුමක් ගැබ්ව තිබුණේය.) පරිස්සමෙන් යන්න කොළඹ.
🙃මම - ඔයා කොහොමද දන්නේ මං කොළඹ කියලා ?
❤ඇය - ඔයා නොදන්න තවත් දෙයක් තියෙනවා. ඒ තමයි කෑළෑ
මල් දළදා මාලිගාවට පුජා කරන්න බෑ. ඒත් ඔයා දැන් පොරොන්දුව ඉෂ්ඨ කරන්න ඔනේ.
මගේ කාලය තවත් ඇය හා මිඩංගු නොකර හන්තාන
කන්ද උඩට දිවගියේය. නමුත් මග දුරක් ගිහිං ඇයට ස්තූතියි කරන්න අමතක විම නිසා ආපු හැරි
බැලු නමුත් ඇය එහි නොසිටියේය...
ආපසු එන විටත් වසා තිබු නිවස තවමත් එසේ
විය. මා හද දැන් මාලුවෙක් ගොඩබිමට දැමුසේ කලබලකාරී විය.
ඇය කවුද ?
කොහොමද දන්නේ මාව ?
ඇයි පොරොන්දු වුණේ ?
මොකද දැන් කරන්නේ ?
වගේ ප්රශ්නය රාශියක් මගේ හද තුළ හට ගන්නා
ලදී. කමක් නෑ කොහොම හරි කරමු. දැන් පොරොන්දු වුණානේ යැයි සිතමින් එන අතරමග හමුවූ තවත්
කෑළෑ මල් ඒ මල් අතරට එක කොට මල් පොකුරක් සැදුවෙමී.
කිසිවක් කිසිවෙක්ට නොපෙන්නමින් බස් රථයට
ගොඩ වු මම. කොහොම හරි දැන් එක කරන්න වෙනවා කියා සිතා දලදා මාලිගාවට මල් ගෙන යන ආකාරය
සිතා කල්පනා කළේය.
බස් රථය වැව රවුමේ නතර කරන ලදී. මා හද තවත්
වේගයෙන් ගැහෙන්නේය. සුපරික්ෂාකාරී ලෙස සවන්දුන්නේ නම් අසළ සිටි උන්ටද ඒ ඇසෙන්නේය.
කේසේ හෝ මම මාලිගාව පිට්ටනිය තෙක් ඒ මල්
ටික ගෙන ආවෙමී. පසුව මා දන්නා යුවතියකට ඇත්ත බාගයට කියමින් මල් ටික දුන්නේය. එනම්
" මේ මල් ටික බෑග් එකට දාගන්න මං ගන්නම් කියාය " ඇයද මගෙන් ප්රතිප්රශ්ණ
නොකර එසේ කලේය. දළදා මාලිගාව තුළ ඒ මල් මා අතට නිරායාසයෙන් ම ආවේය. මම වික්ෂිප්ත වුවේමී.
දැන් කුමක් කරන්නද. මම ඉන්නේද කරඩුව ඉස්සරහා
මල් ආසනය අසලයි.
හැමෝටම හොරෙන් ඇයගේ හන්තාන කෑළෑ මල් පොරොන්දු
වු විලසින් පුජා කළෙමී.
🧡💙💚💛🧡💜️
නමුත් මට "හන්තානෙයින් ඉලෛයිවරසන්"
කියු ඇය කවුද ?
ඇය කොහොමද මං කොළඹ කියලා දන්නේ ?
මං පොරොන්දු රකින බව දන්නේ කොහොමද ?
මාව විශ්වාස කළේ ඇයි ?
මොකටද මාගේ නළලත සිප ගන්නේ ?
ආයේ අපි ඇත්තටම මුණගැහෙයිද ?
ඒ සිනාව, උණුසුම, සුවද මට හුරුපුරුදු ඇයි ????????
තවමත් මට සිතාගත නොහැකි කාරණයක් එය නම්.
නමුත් එක් දෙයක් ඉතුරු විය ඒ "හන්තානෙයින්
ඉලෛයිවරසන්" කියන දේ
💜️🧡💚💙❤💛
✒️ මම ඔම්ශාන් 🙃
