සමහර මිනිස්සුන්ගේ ගමනාන්තයන් දරාගන්න මට බෑ. මම සමහර අයගේ නික්ම යාම් දරාගත්තා නෙවෙයි ඉවසා ගත්තා.
හෙට හෝ අනිද්දා මං මේ දෙයට මුහුණ දිය යුතුව ඇත. ඒදාට ඔබට සරල හා චාම් සමුදීමක් සදහා, මං නොහඩා සිටිවී. ඒ මා සංවේදනා අත්හල නිසා නොවෙයි. ඔබව එදිනටත් හදවත තුල දරා ගන්නා නිසා. නික්ම ගිය පසු මොකට අකුරු කර කවී පේළී. ඉන්න කොට කියන්නම් මෙහෙමයි මට දුක උහුලගන්න බැරි වේවී...... කියා 🥺😭🖤🌼🌸
මුණුපුරාගේ වේදනාත්මක සිතුවිල්ල 🖤❤️
දෙවියන් කෝප වී දඩුවම් කලත් මා හට,
නැත ඇය කලේ දඩුවම් මේ කොල්ලට.
කෝප වු දෙවියන් හට නොහැකි විය
ඇය හා සටන් කර දිනන්නට.
------------------------------------------
තිස්තුන් කෝටියක් දෙවියන්ට සමකල
ඇය ලග ගෙදර බුදුන් අම්මා අසරණ වු කල් ඇත.
බුලත් ගද පිරුණු ඔබේ මුව.ඔබ මා අනෙක වරක් සිපගත්තා මගෙන් වැරැද්දක් වු කල.
අම්මාලග නොතිබුණු ආදරයක් දැක්කා මං,
කිරි අම්මාවරු එන පාන්දර.
-----------------------------------------
ඉර අවරට යන්නට තව මොහොතයි.
ඉතිං ඇයි නුඹ තවම නිදි උඩුවියන් බැද,
උඩු බැලි අතට.
නැගිටපං අත්තම්මේ මේ කොල්ලාගේ කෑ
ගහ අඩන සද්දේට.
අම්මාට පුලුවන් වුණාත් අඩමින්,
නුඹ යවන්නට.
මට බෑ... නැගිටපං අත්තම්මේ...
දෙවියන්ට පිං දීගෙන.
✒️ - මම ඔම්ශාන්
දින පොත 2023 මාර්තු 05
🥺🖤🌼🖤🌸🖤😭🖤

👌👌
ReplyDelete❤
Deleteඅනේ ඔමියෝ
ReplyDelete🖤🥺
Deleteමේ මේ හැමදේම publish කරන්න එපා අප්ප
ReplyDeleteමිනිස්සු ඇතුලාන්තය නොදැන චෝදනා නගන වාර අනන්තයි. මේ ඇතුලාන්තය පෙන්විමට ඇති අවසන් හා එකම අවස්ථාවයි 🖤🥺
Delete❤️
ReplyDelete🌼
Deleteහිතට දැනෙන වදන්
ReplyDeleteThak you
Deleteඒක මරු 💖ඕම්
ReplyDeleteThak you
ReplyDeleteආච්චි අම්මා ❤️
ReplyDelete