ඔයා මං ලගට එන්නේ මට මාවම එපා වුණ මහාම මහා මුසල පරිච්ඡේදයක. මම කවුද කියලාවත් දන්නේ නැතිව හතර හතේ දුවද්දී ඔයා මගේ ලගට ආවා. ඔයා ආවා විතරක් නෙවෙයි මං ලඟ බලහත්කාරයෙන් නතර වුණා.
කාලය...
ශීඝ්‍රගාමීයව ගෙවී ගියාද ?
මන්දගාමීව ගෙවී ගියාද ?
කියලාවත් මට කාලයක් යන තෙක්ම වටහා ගැනීමට නොහැකි තත්ත්වයක ඉන්න වුණා. ඒ අමිහිරීම කාලච්ඡේදයේ දීත් ඔයා දුර ඉදිමින් මං දිහා බලාං උන්නා...
-------------------------------------------------------------------
හඳ දිහා බලාගෙන හීන මවන්න ඕන මම, දැවෙමින් ඉන්න හිරු දිහා බලමින් ප්‍රාර්ථනා කරපු දවස්මයි තිබුණේ, දින පොතේ පිටු පිරෙන්න.
සමහර දවස් ඇත්තෙන්ම තිබුණා...
❤️🖤 මං නිවාඩු දවස්වල නොදන්න ගම් පළාත් වලට බස් ටිකට් අරන් ජනෙල විදුරුවට හාන්සී වී ඔන්න ඔහේ ගමන් ගිය.
❤️🖤 වරු ගණන් කකුල් වෙව්ලනකං හිත නිවෙන්න කියලා මුහුදු රළට ප්‍රේම කරපු.
ඒවායින් තව තවත් වුණේ රිදුණු තැලුණු තැන් තව තවත් පැරෙන එක මිසක්, පෑරුණු තැන් වලින් ලේ ගලන එක මිසක් වෙන කිසිවක් ම නෙවෙයි.
🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸
වහලට අමුණලා තියෙන උළු කැට වහලෙන් අයින් කලා නම්, මටත් අහසටත් වැඩි දුරක් නෑ නේ. එහෙම නම් අතින් තරුවක් ඇදලා ගන්න තිබුණා කියලා හිතපු මම, අද කඩා වැටෙන තරුවක් දැකපු ගමන් ඉන්න තැන හිදමින් ඇස් දෙක තදින් වහගෙන ප්‍රාර්ථනා පුරන්නේ හැමදාම මම දැකපු ඒ හීනය හැබෑ වෙන්න කියලයි.
නමුත් කාලය ද, සොභාව ධර්මය ද, දෙවියන් ද, මම ද, ඔයා ද, කවුද කින්දමන්ද, කාටද, ඇයි, මොකටද, කියලා හිතන්නවත් බැරි අහිකුණ්ඩක මං අතට ඔයා ආවා ළමයෝ...
මට තවම මතකයි.
"❤️ - මට කොච්චර ආදරෙයි ද ?
කියලා ඇහුවාම."
ඔයා මට දුන්න උත්තරය...
ඔයා නිහඩව හිනා වුණා මිසක්. කවමදාකවත් මට උත්තර බැන්දේ නෑ…
මම හැමදාම ඒ නිහඩ බවට තදින් වෛර කලත්. අන්තිමේටම ඒ නිහඩ බවට, නිවුණ බවට, මං ආදරේ කරන්න පටන් ගත්තා.
අන්තිමේට මම ඔයාව පේලියෙන් පේලිය කියවන්න ගත්තා. පිටුවෙන් පිටුව කාටවත් නොඇසෙන්න කළුවර කෑලී කපන්න පුලුවන් මහා රෑක, නා කපන වැහි දවස්වල කාටවත් නොඇසෙන්න ඒ පිටු පෙරලුවා. සමහර දවස් තිබුණා කාටත් හොරෙන් මම ඔයාව පපුවට තුරුල් කරන් නිදාගත්ත.
-------------------------------------------------------------------
අන්තිමේට මමත් නොදැන, මම ඔයාව කියවන්න පටන් අරන්. ඔයාට ආදරේ කරන්න පටන් අරන්. අපි දැන් පරිච්ඡේද කිහිපයක් පසු කරන ගමන් ඉන්නේ ළමයෝ. මම විශ්වාස කරනවා ඔයා මට නොලැබුණා නම් මම තවමත් ඒ වැටුණු තැන, නැවතුන තැන ඉදීවී කියලා.
ඉතිං " ඔයා තමයි මට මේ ජිවිතේට ලැබුණ ලස්සනම තෑග්ග ❤️".
ඔව්... මගේ ජිවිතේ අසම්මත ඒ අංශක 180° වේ හැරවුම් ලක්ෂය වෙන්න ඔයාට පුලුවන් වුණා. තහනම් බව දැන දැනත් තහනම් ගහේ ගෙඩි කන්න අපි ලෑස්ති වුණා...
ඇත්තෙන්ම මෙහෙම සටහනක් ලියන්න හේතුව. මට 2024 - 05 - 03 (අද) සිදු වු සිදුවිමක්. උදේ 4.33 ට වැඩට යන්න නැගිටපු මං, මුලින් කලේ ෆෝන් එක අතට අරන් මට ආපු CALL, MESSAGE බලපු එක. ඒ ටික බලපු මම කම්මැලිකමට WHATAPP STATUS බැලුවා. යාලුවෙක් ඒයාලාගේ ප්‍රේමයේ දෙවැනි සංවත්සරයේ සුබ පැතුම දාලා තිබුණා. මතක සටහන් ගොන්නක විඩියෝ එකකුත් එක්ක.
🥺😔🥹 🥺😔🥹 🥺😔🥹 🥺😔🥹 🥺😔🥹
ඉතිං ලස්සන මගේ හිතුවක්කාර මෝඩ ළමයෝ. අපිට කොහෙද ප්‍රේමය සමරන්න දවසක්. සමහර දේවල්වල තත්පර කටුවේ මිණුම එක්ක මතක තියාගෙන ඉන්න මට කොහොමද ඒක මතක නැත්තේ. 🥵
ඇත්තෙන්ම අතපසුවෙන්න මොකක්ද හේතුව කියලා, හිතන්න ගනිද්දි.....
බය වැඩිකමට අඩන්න ගත්තා, ගත්තා නෙවෙයි ඇඩුණා. දිනපොත් කිහිපයක් පෙරලලා හෙව්වත් හොය ගන්න බැරි තරමට මං අසරණ වුණා. ඒක මොහොතක මගේ මුළු ලෝකයම නතර වෙන්න පටන් ගත්තා. ඔයාට කිව්වොත් බනින නිසාම මම තවත් බය වුණා. තවත් හයියෙන් අඩන්න ගත්තා. මුළු පොත් රාක්කයම බිමට පෙරලලා දැම්මා. අන්න ඒතකොටයි මං දැක්කේ
🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤
" සම්බන්ධය තියෙන්නෙ අපි දෙන්නා අතර නම්. අපි දෙන්නට ඕන නැති කෙළවරක් අනික් මිනිස්සු හොයන්නෙ ඇයි ?
විවාහ වෙච්ච බිරිඳ එක්ක තියෙන සම්බන්ධය වලංගු වෙන්නෙයි,
අපි අතර තියෙන සම්බන්ධය අවලංගු වෙන්නෙයි එයා කොළේක අත්සන් කරපු නිසා ද?
විවාහයේ දී අත්සන් කරලා ඔප්පු කරන්නෙ සදාකාලිකවම ආදරෙයි කියන එක ද?
මේ ලෝකෙ ඕන දෙයක් වලංගු වෙන්නේ අත්සන් කළාම කොලේක ලිව්වම විතර ද? මිනිස්සුන්ගෙ හිත වැඩ කරන විදිහට, උන්ගේ හිත ඇතුළෙ තියෙන හැඟීම් වලට වටිනාකමක් නැද්ද?
අපි අතර තියෙන සම්බන්ධෙ වලංගු නැත්තෙ ඒක කොලේක ලියලා ඔප්පු කරලා නැති නිසාද?
එහෙම මිනිස් ගණුදෙනු හිත්වල තියෙන්න බැරි ද?
සම්බන්ධයක් කොහේ හරි ස්ථානගත වෙන්නම ඕන ද?
කෙළවරක් තියෙන්න ම ඕන ද?
අපි දෙන්නා මැරුණහම ඒක කෙළවර වෙයි. ඔයා මුලින් මැරුණොත් මාත් ඒ එක්කම මැරෙයි. මැරුණෙ නැත්නම් මං මතකෙන් එක්ක ජීවත් වෙන්නනම්,
මං මුලින් මැරුණොත් ඔයත් ඒ එක්කම මැරෙයි. මැරුණෙ නැත්නම් මතකෙත් එක්ක ජීවත් වෙන්න.
ඉතිං එච්චරයි නේ.
අපේ ආදරේට ඊට වඩා කෙළවරක් ඕන ද?"
ඉෂා සිරිනිවාසන්
කොළ පාට ඇස් කෘතිය 💚💚💚
මේ වචන ටික මාව සුවපත් කලා. ඇඬිල්ල නතර කලා. ලොකු හුස්මක් අරන් නිදහස් වෙන්න පුලුවන් වුණා. ඒ මේ පොත අපි දෙන්නාට ලැබුණ විදිහ නිසාම. මේ පොත කියවන්න අපි ගිවිසුම් ගත වුණ විදිහ නිසාම.
❤️ "ඇයි... ලස්සන හිතුවක්කාර මෝඩ ලමයෝ මාව හොයාගෙන එන්න මෙච්චර කල් ගත්තේ.... ?"
මං කිහිප වතාවක්ම ඔයාගෙන් අහපු ප්‍රශ්නක් මේ.....
ඒ හැම වේලාවකම ඔයා....
🖤 " ලස්සන දේවල් හමුවෙන්නේ පමාවෙලා "
කියලා මගේ තොල් තදින් සිපගත්තා...
මට ඔයා නැතිව පාළුයි ළමයෝ.
ඒ වාගෙම මං ඔයාට ගොඩාක් ආදරෙයි. ඉක්මනින් එන්න...
වේලාවට කන්න බොන්න...
හවස් වෙලා නාන්න එපා...
පරිස්සමෙන් ඉන්න...
මම ඔයාගේ
ලස්සන,
හිතුවක්කාර,
මෝඩ ළමයා.....
✒️ ඔමී ©️
