Pages

Search This Blog

Sunday, 5 November 2023

 


මේ ජිව්ත ගමනේදී අපිට වෛවර්ණ තවරාගත් අය සේම තනිවර්ණ දවටා ගත් අයද මුණගැහෙනු ඇත. ඒ මුණගැසිම් වලින් එක් අයෙකුට ඔබගේ මුළු ආත්මයම සංතෘප්ත කිරිමේ හැකියාව ලැබෙන්නේය. ඔබත් මමත් ඒවැනි දෙන්නෙකී. මම කාල වර්ණ නම් ඔයා ධවල වර්ණය. එකම කාසියක දෙපැත්තක් අප දෙන්නා. මට අපගේ හමුවීම අවර්ණ නමුත් අපගේ කිලෝමීටර් 158 ක දුරස්ථභාවය මොනාලිසාගේ පින්සල් සලකුණු ලෙස මා සියුම්ව හදවතේ චිත්‍රණය කලෙමී.....
🧡  🧡  🧡  🧡  🧡  🧡  🧡  🧡  🧡  🧡  🧡

අත් බැදන් දුර ගියත් එකම පාරක වෙලී...
අතරමග දුටුවේ නැහැ කිසිදාක මල් වෙඩී...
ඉතිරි කරගෙන කදුළු අඩන්නට හොද හැටී...
අහිමි වන බව දැන ම පෙම් කරපු උන් අපී...
🥺🌸 ❤️🖤  🥺🌸 ❤️🖤 🥺🌸 ❤️🖤

2023-02-19 පස්වරු 05.20 යි

Message tone එකේ සද්දේ නිසා Phone එක අතට අරන් බැලුව, මට උන් හිටි තැන් පවා අමතක වුණා.

"මගේ ආත්මය නුඹ 🌍❤️" ලෙස Save කරපු නම්බර් එකකින් මේ Message එක ආපු නිසා

මමත් ආපු Whatapp Message එකට Replay නොකර ඉන්න බැරි නිසාම මගේ සුපුරුදු හැලී කෑලී නැතිව "හ්ම් හ්ම්" කියා Send කලා.

එයා 💙 -
ඔමී අයියේ ඔයා හොදින්ද ?
ඔයාට පුලුවන් ද මේ කවිය තියෙන පොත මට හොයලා කියන්න ?
ඔයා මේ කවියේ තේරුම දන්නවාද?
කියලා Whatapp Messages ආවා

මමත් හිතට ධෛර්ය අරන් Messages කියවන ගෙන යද්දී ඇස් වලින් කදුළු වාන් දාන්න ගත්තා. වේලි ගෙන ආපු තුවාලයක් ආයේ පැරූවා වගේ. මේ එක්කම බස් එක බස් හෝල්ට් එකේ නතර කලා. මම කිසිම දෙයක් ගැන හිතන්නේ නැතිව බැස්සේ මම බහින්න ඔන බස් හෝල්ට් එක කියලාවත් නොදැන.

එයා 💙 - ඔයා ඇයි නිශ්ශබ්ද ඔමී අයියේ....

මම උන් හිටි තැන පවා අමතක නිරුත්තර මිනිහෙක් කියලා එයාට Message එකක් යවන්න හදද්දීම එක පාරටම "මගේ ආත්මය නුඹ 🌍❤️" නම්බර් එකෙන් කෝල් එකක් එනවා. ඒ එයා....

දැන් නම් ඇත්තටම මාව හීතල වුණා කෑගහලා අඩන්න තරම් දුකක් හිත ඇතුලේ තෙරපෙනවා. ඒත් මම ඉන්නේ පාරේ කියලා හිත හදාගන්නත් බෑ. මම ඉක්මනින් විහාරමහාදේවී පාර්ක් එක ඇතුලට ගියේ ඔන දෙයක් වෙච්චදෙන් මම මේ කෝල් එක ආන්සර් කරනවා කියලා හිතලා.

මම ❤️ - හලෝ......

එයා 💙 - ඔමී අයියේ...... ඔයා හොදින් නේ.....

මම ❤️ - හ්ම් හ්ම්

එයා 💙 - ඔමී අයියේ ඔයා ඒ කවිය තියෙන කවි පොතේ නම දන්නවාද

මම ❤️ - ඔව්...... ඒක අම්මපයි මං කඩුව දුන්නා කවි පොතේ කවියක්

එයා 💙 - ඔයාට මාරම මතකයක් නේ තියෙන්නේ අයියේ, කවිය කිව්ව ගමන් පොතේ නම කියන්න.

මම ❤️ - මං හිතන්නේ මම ඒවාට ඇබ්බැහි වුණ නිසා වෙන්න ඇති

එයා 💙 - අනේ සොරි සොරි... මට අමතක වුණා ඔයා ඒ දවස් වල ඉදන්ම කවී වලට ආදරෙයි කියලා... මගේ කවීකාරයෝ මට සමාවෙන්න

මම ❤️ - කමක් නෑ.... සමහර ඒවා හරි ඉක්මනින් අමතක වෙනවා නම් හොදයි. නැත්තම් ඒක මහාම මහ මුසල හැගිමක් වෙනවා....

එයා 💙 - ඔයාට පුලුවන් ද මට ඒ කවි පොතක් හොයලා දෙන්න. මට යන්න කලින්.

මම ❤️ - ඔයා යනවාද ? ? ? ? ? ? ?

එයා 💙 - එයා ඔව් අයියේ මම යනවා.... හා මේ යන්නේ කවද්ද කියලා දන්නවා ද ?

මම ❤️ - නෑ

එයා 💙 - මෝඩයෝ ඒ ඔයාගේ උපන්දිනය දවසේ

මම ❤️ - මගේ උපන්දිනය දවසේ.....

එයා 💙 - ඔව්! ඔව්! මගේ නිරුත්තර හීනවල අයිතිකාරයෝ....  මම යන්නේ සැප්තැම්බර් 20 දවහල් 3.00 ට

මම ❤️ - ඔයාට මගේ උපන්දිනය මතකද?

එයා 💙 - ඔයා කලින් කියපු දේ තමයි මටත් කියන්න තියෙන්නේ අයියේ "සමහර ඒවා හරි ඉක්මනින් අමතක වෙනවා නම් හොදයි. නැත්තම් ඒක මහාම මහ මුසල හැගිමක් වෙනවා...."

මම ❤️ - හරි පරිස්සමෙන් යන්න. මං ගාව වැඩිපුර අම්මපයි කඩුව මං දුන්නා පොතක් තියෙනවා මම එක ඔයාට දෙන්නම්

එයා 💙 - හරි හරි මම යන දවසේ ටිකක් කලින් එන්නම් ටවුන්හෝල් එකට. ඔයාව හම්බවෙලා විහාරමහ දේවී පාර්ක් එකේ ඇවිදලාම යන්න.

මම ❤️ - එපා!!! එපා!!! ඔයි

එයා 💙 - ඒ ඇයි අයියේ....

මම ❤️ - දැන් නම් "අ" යනු "ස" යනු මැද්දේ ජිවත් වෙලා මට මාරම මහන්සි. ඔයා Address එක එවන්න මම තැපැල් කරන්නම්.

එයා 💙 - ඔමී මට ඔයාව බලන්න ඔනේ අන්තිම පාරට... මොකද අපි ආයේ කවදා හමුවේවීද දන්නේ නෑ. අනික මේක අපේ දෙවැනි හා අවසන් හමුවීමයි...
මට ඔයාගේ හිත පැහැරෙන්න ඔයාව ඉඹින්න ඔනේ.
අන්තිම පාරටවත් ඒ සුවද මගේ කරගන්න ඔනේ. ඔයාගේ ඔය ඇස් අඩනවා බලන්න ඔනේ.

මම ❤️ - මේක අපිට හීන දකින්න අයිතියක් නැති ලෝකයක්. ඉතිං අපි මේ දකින දේ හීනයක් විතරක් වේවී ළමයෝ. එකේ වේදනාව අපේ ආත්මයන් පවා පුච්චලා අළු කරාවී, ආයේ සලකුණක් වත් ඉතුරු නොවෙන්න.

එයා 💙 - මම ඔයාට ඔමී කියන්නද ඒක මගේ හිත සැහැල්ලුවක් දනවනවා...

මම ❤️ - හා ඔයාගේ කැමැත්තක්.

එයා 💙 - මට පොරොන්දුවක් ඔනේ ඔමී..

මම ❤️ - මොකක්ද

එයා 💙 - ඒ සැප්තැම්බර් 20 මම ඔයාව බලන්න එනකං අම්මපයි මං කඩුව දුන්නා පොත පරිස්සමෙන් තියාගන්නවා කියලා.

මම ❤️ - බලමු

💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚
දෛවය මමත් සමග කරන සෙල්ලම සුළුපටු නැත. ඔව්...... කවිවලට ප්‍රේම කරන බව සත්‍යයකි. ඒ ප්‍රේමය නිසා වේදනා විදින මගේ හදවතේ අභ්‍යන්තර තුවාල වලට ඖෂධයක් ලෙසයි.

අන්තර්ජාලයෙන් අම්මපයි කඩුව දුන්නා පොතක් ඇණවුම් කලේ ඒ ඇති වු තුවාල ඉතා ඉක්මනින් සුවකර ගැනිමට හැකි වනු ඇතැයි සිතමිණි . දැන හෝ නොදැන එකම පොත මා දෙවරක් ඇණවුම් කර ඇත. ඒ බව දන්නෙත් එකම දිනක දෙවරකට පොත් දෙක පැමිණිමෙන්ය. එදින නාගරික කොමසාරිස් කාර්‍යාලායේ සේවයේ කරමින් සිටි මම ඒ අම්මපයි පොත් දෙක රැගෙන විහාරමහා දේවී උද්‍යානය දෙසට දිගු කර ප්‍රාර්ථනා පිරූවේ එකකී. ඒ " මේ පොත් දෙකෙන් එකක් මට අනික ඔබට කියාය " 

නමුත් දැන් නම් දෛවයේ මේ ක්‍රියාවට මුහුණ දිමට තරම් මා ශක්තිමත් පුද්ගලයෙකු නොවෙමී. සැප්තැම්බර් 20 මා කුමක් කරන්නේ ද යන්න දැඩි උදාසීන බවින් මමත් මගේ හදවත් පසුවන්නේය..

මම යනවා එයාව හම්බ වෙන්න..........

නෑ මම යන්නේ නෑ එයාව හම්බ වෙන්න........

කුමක් කරන්න ද කියා ලැතැවෙමී මම.
❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤

වැස්සකට පොළොව මත බොහෝ ගස් මුල් තෙමෙයි...
එහෙව් හැම ගසකින්ම කල් යද්දි මල් පිපෙයි...
හිතවතුනි ප්‍රේමයට නොයෙක් පැහැ තටු තිබෙයි...
මල් වලට පෙම් කලෙත් බඹරු චිතරක් නොවෙයි...
🌼🌸❤️🖤
හීන with shashi


✒️ මම ඔම්ශාන්
2023 - 08 - 30

සමලිංගික විවාහ සඳහා අවසර දෙන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය රජයට නියෝග කරයි


සමලිංගික විවාහ සඳහා අවසර දෙන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය රජයට නියෝග කරයි

- Indian Media - adaderana.lk
❤🌸  ❤🌸  ❤🌸  ❤🌸  ❤🌸

සමරිසි යුවළකට දරුවන්  සෑදීමේ අයිතිය ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අද  තහවුරු කරන ලදී.

2018 වර්ෂයේ දී ඉන්දියාව සමරිසි සම්බන්ධතා නීතිමය වශයෙන්  තහවුරු කරන ලද අතර අද  ලබා දුන් තීරණයද ඓතිහාසික වේ.

සමරිසි විවාහ සම්බන්ධ තීරණය ගැනීම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඉන්දියානු  පාර්ලිමේන්තුවට පවරා ඇත.
(උපුටා ගැනිම අවසන් )
----------------------------------------------------------------

ලාංකීකයන් වශයෙන් බොහො දෙනෙක් මගෙන් අසන පැනය වන්නේ සමලිංගිකත්වය නිතී ගත කලයුත්තේ ඇයිද යන්නයි...
සිරකරුවෝ ද මනුස්සයෝය පමණක් නොව සමලිංගිකයෝද  මනුස්සයෝය යන්න පැහැදිලි කලයුතුව ඇත. තවමත් වික්ටෝරියානු යල් පැනගිය නිතී පද්ධතියකින් පාලනය වන අප ලෝක සෞඛ්‍ය සංවිධානය සමලිංගිකත්වය මානසික රෝගයක් නොවන බවට ප්‍රකාශ කර ඇති පසුබිමක එම ප්‍රජාවගේ ජිවත් වීමේ අයිතිය තහවුරු කල යුතු නොවේද?

තවමත් තමන් කැමති සහකරු හෝ සහකාරිය සමග ප්‍රේමයෙන් බැදීමට හා විවාහ ජිවිතයක් ගත කිරිමට, දරුවන් රැකබලා ගැනිමට ඔවුන්ට අවසර ලබා නොදීමට ඇති සදාචාරාත්මක අයිතිය කවරේද?

දණ්ඩ නිතී සංග්‍රහයේ  365 සහ 365 (අ) වගන්ති මගින් හා අයාලේ යෑමේ පනත මගින්ද දැනටමත් සමලිංගික ප්‍රජාවගේ ජිවත් වීමේ අයිතිය අපගේ නිතී පද්ධතිය විසින් අභියෝගයට ලක් නොකරන්නේද?

නිතීය ඇත්තේ සමාජයේ යහපැවැත්ම උදෙසා වන අතර ඒම නිතී පද්ධතිය නිසා කිසිදු ජන කොට්ඨාසයකට අගතියක් සිදුවිය නොහැක. අප දිර්ඝ ඉතිහාසයක් ඇති සේම යහපත් සදාචාරාත්මක සංස්කෘතිකයකට උරුමකම් කියන සමාජයක් ලෙස සමලිංගික ප්‍රජාවගේ ජිවත්විමේ මුලික අයිතිය උල්ලංගනය කල යුතුද?

සබුද්ධික ජන සමාජයක් ප්‍රජාතන්ත්‍රවාදී පාලනය පිළිබඳව දැඩි විශ්වාසයකින් පසුවෙන අතර ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම නිතී රිති අණ පනත් තුලින් ප්‍රතිස්ථාපනය කරයි. යම් නිතියක් මගින් යම් ජන කණ්ඩායමකට හෝ ජන කොට්ඨාසයකට ලබා දෙන පිළිගැනිම සදාචාරසම්පන්න සමාජයක් පිළිගෙන ඒ සදහා අනුගත වෙයි.

සමලිංගික ප්‍රජාවට සමාජය තුළ යම් පිළිගැනිමක් හා සමාජ සන්දර්භයේ අවස්ථා ලබා දීමට නම් නිතීමය රාමුව තුල දී ඔවුන්ට ඇති නිතීමය අවකාශය පුළුල් කල යුතු අතරම ඔවුන්ව අභියෝගට ලක් වන නිතී පරිච්චින්න කල යුතුව ඇත. ශිෂ්ට සම්පන්න සමාජයක යම් ජන කණ්ඩායමකට හෝ ජන කොට්ඨාසයකට පිළිගැනිම ඇති වන්නේ එම සමාජයේ පිළිගත් නිතී පද්ධතියේ අවසරය ලැබෙන විට බැවින් සමලිංගික ප්‍රජාවට සමාජයේ පිළිගැනිමට සමලිංගිකත්වය නිතී ගත කල යුතුව හෝ එය අභියෝගයට ලක්වන නිතී ඉවත් කල යුතුව ඇත.

තවද ඉන්දියාව ආසියාතික රටක් වුවත් ඉතාමත් ප්‍රගතිශීලී පියවරක් ගෙන ඇත. ඔවුන්ගේ මෙම ක්‍රියාවලිය මගින් ආසියාවේ අනෙකුත් රටවල සිටින  සමලිංගික ප්‍රජාව ලිංගික ශ්‍රමිකයන් ලෙස බලන සමාජයට අතුල් පහරක් දී ඇත. සමලිංගිකත්වය නිර්සාපරාධිකරණයෙන් නොනැවති ඔහුටද ඉතාමත් සදාචාරසම්පන්න ලෙසත් ශිෂ්ට ලෙසත් ජිවත් වීමට පාර්ලිමේන්තු කමිටුවකින් අවකාශය ලබා දීම ඉන්දිය අධිකරණ නිර්දේශ කොට ඇත. සමලිංගික ප්‍රජාව වෙන් කොට සැලකිමෙන් ඉවත්ව අනෙකුත් සමාන්‍යය පුරවැසියන් ලෙස සැලකිමට ඉන්දියාව ඉදිරි අනාගතයේ දී කටයුතු කරන්නේය.

ලාංකීකයන් ලෙස අප ද මෙවැනි ගෝලීය ක්‍රියාමාර්ග දෙස ඉතාමත් විනිවිදභාවයකින් නිරික්ෂය කර ලංකාවේ සිටින සමලිංගික ප්‍රජාවට ඔවුන්ගේ අයිතිය ලබා දීමට අවශ්‍ය සමාජ සන්දර්භය හා දේශපාලන වටපිටාව සකස්කළ යුතුව ඇත. ලෝකය යාවත්කාලීන වෙමින් පවතින බැවින් ලංකීකයන් වන අප ද ලිං මැඩියන් සේ පූජ්‍ය වස්ත්‍රයන්ට හා හිස කෙස් පැසුණු මතයන්ට වසන් නොවී නව ලෝකය කරා ඉගිලීමට නම් සමලිංගික ප්‍රජාවට ද ඔවුන්ගේ ජිවත් විමේ අයිතිය ලබා දෙමින් ශිෂ්ට සම්පන්න සමාජයක් කරා පියනගමු.

✒️ මම ඔම්ශාන්
📷 ජායාරුපය හා උපුටා ගැනිමේ අයිතිය Thushara Manoj සතුය.

"ඒක වර්තමානයට රැගෙන නොඇවිත් අතීතයේම තියෙන්න ඉඩ හරින්න" 🌼 පිටුව 213

 


මාව මේ මහා විසල් ජිවිතේ අතරමං කරන්න පුංචීම පුංචී වචන ටිකකට හෝ එකදු බැල්මකට හැකී.


නගර ශාලාව කියන්නේම වික්ටෝරියානු සුළගට ප්‍රේමය මදි නොකියන්න මුසු වෙච්ච තැනක්. ඒ කාර්‍යබහුල හුස්ම අස්සෙත් මාව උඩුයටිකුරු කරන්න පුලුවන්  ඇස් කොණකින් බලන අය හමුනොවුණාම නොවෙයි.
🧡 💛 💚 💙 💜 ️❤️ 🖤

නමුත් මේ දේ ගෙතෙන්නේ වචන වලින් මාව, හුරුපුරුදු තැනක අතරමං කල අනුලා ගැන.

"කෙනෙකුගේ හිතේ තවත් කෙනෙකු පිළිබඳව ඇතිවෙන ආදරයක් හෝ වෛරයක් එක මොහොතකින් උදුරා විසි කල නොහැකි බවය. එය කොතරම් පළුදු වුවත් අවුරුදු ගණන් ගතවී, බාගවේලාවට මරණාසන්න මොහොතේදී පවා හිතට බලපෑම් කල හැකිය."
🌼 පිටුව 213


ඔව් සමහර මිනිස්සු තම ප්‍රේමය වහලේ ඇති කුඩා සිදුරකින් පලා ගිය පසුත්, තනිමංසලයන් හී අතරමං වෙන්න මේ හේතුව බලපාන්නත් ඇති. කොපමණ උත්සහා කලත් හදවතේ පුංචීම පුංචී කෝණක ශේෂ වී ඇති, ඒ ප්‍රේමය තමන්ට මරණ මොහොතකවත් අමතක නොවන්නේ අන්න ඒ නිසා වෙනී...

"ඒක වර්තමානයට රැගෙන නොඇවිත් අතීතයේම තියෙන්න ඉඩ හරින්න"
🌼 පිටුව 213


Mohan Raj Madawala මේ කරන අකුරු කිරිම මාව පණ පිටින් ඉදිද්දී ම පපුව පසාරු කරගෙන, මගේ රුධීර නාලිකා වලට ප්‍රේමය මුසු කරන්න හදනවා වැනිය. එක් පසකින් කාර්‍යබහුල බව තවත් පසකින් ප්‍රේමය මුසු වු වික්ටෝරියානු සුළග, තවත් එක පරිච්ඡේදයක් හෝ කියවන්න බැරි තරම් ඇස් ද රතුවී ඇත.

අනුලා... අනුලා... අනුලා...
ඇයි ඔයා ඔච්චර ඉවසන්නේ.
ඔයාගේ අතේ තියෙන කිරිච්චියෙන් මේ පපුව පසාරු කරන්න. ඔයාගේ කතාවත් මගේ කතාවම වුණාට, මම නොඉවසුවා ඔයා ඉවසපු හැම තැනකම.

අකුරෙන් අකුර, වචනෙන් චචනය, පිටුවෙන් පිටුව, පරිච්ඡේදයෙන් පරිච්ඡේදය මට මේ කෙන්දගම් පොළව අමතක කරලන්න, අනුලා ඔයාට පුලුවන් වුණා.

මේක තමයි අවසානය, ඇත්තටම අනුලා ඔයා විතරක් නෙවෙයි. මේ පිරිමියාත් ඇඩුවා. ඒ සහ විශාල විහාරමහා දේවී බුද්ධ ප්‍රතිමාව දිහා බලාගෙන.

" මෙලොව ජිවත්වත් කවරකුට වුවද ආදරයෙන් ස්පර්ශ කරන ලද හදවතක්, තියුණු කඩු පතකින් පසාරු කිරිම කල නොහැකිය. එහෙත් මෙලොව ජිවත් වුවත් හදවතින් මිය ගිය කෙනෙකුට එය කිසිවිටෙක අපහසු නැත"
🌼 පිටුව 228


වාසුකි... ඔයා පසාරු කලේ තිස්සගේ පපුව විතරක් නෙවෙයි. රිදුණේ අනුලාට විතරක් නෙවෙයි. ඇඩුවේ අනුලාගේ ඇස් විතරක් නෙවෙයි.

බුර බුරා නැගෙන ගිණි දැල් වගේ, වාසුකී ඔයා තිස්සට වෛර කලේ නම්. ඇයි ? අනුලාගේ අන්තිම මොහොතේ දී....
ඔයා තියපු ගින්නට තිස්ස එක්ක අනුලාට දැවිලා නිවෙන්න නොදුන්නේ. වාසුකී, ඔයා අනුලා ඉස්සරහා පැරදුණා නේද. තිස්ස ඒ දේ දන්න නිසායි ඔයාට පපුව පසාරු කරන්න ඉඩදුන්නේ කියලා දැණුනා නේද...

පිටු 288 කින් රැජිණ පොත Mohan Raj Madawala ලියා අවසන් කලාත් දෙදිනකින් මාද එය කියා අවසන් කලද, තවමත් මම අනුලා සමග හැම රෑකම වැලපෙමී. තිස්ස සමග අනුලා දිහා ආඩම්බරයකින් බලා හිමී. වාසුකී සමග අනුලාට ශාප කරමී. මොහාන් රාජ් මඩවල සගවපු මිත්තා සමග මම ගිනි ගෙන දැවෙන රාජ මාළිගාවෙන් එලියට අනුලා එනතෙක් බලා හිමි.

අවසානයට මෙපමණකී මට සමාවෙන්න අනුලා රැජිණියනී 👑 ❤️🥺

✒️ මම ඔම්ශාන්