අතීතයේ ජිවත් වෙන්නේ අනාගතයට බය මිනිස්සු. තමන්ට වටිනාකමක් නොදෙන්නේ ආත්ම ශක්තියක් නැති මිනිස්සු. එවැනි අවස්ථාවක තමන් ගාව රැදෙන්නේ ප්‍රේමණීයම මිනිස්සු. ඒබැවින් ඒම ප්‍රේමණීය මිනිස්සු වෙනුවෙන් ඔබගේ ජිවිතය අංශක 360° හැරවීමට බිය නොවන්න. ඉඩෝරයේ පතොක් මලක් නොවන්න තමන්ට ආදරේ කරන්න. අතීතය වල දමන්න. අනාගතය ගොඩ නගන්න. මම මට ආදරේයි 🌼🌸🥺
Saturday, 25 March 2023
මං කොහොමද දෙයියනේ ඒ ඇත්ත ඔයාට කියන්නේ. මම මාරම අසරණයි නේ.
Sunday, 19 March 2023
"ප්‍රේමය මාරන්තිකය ඒය ඔබට ඔබව සේම ඔබගේ ආත්මයද අහිමි කරවයි. ඇත්තෙන්ම ප්‍රේමයට ඇබ්බැහි නොවන්න "
සැගවී ඈත මේ හිම යායේ,
තවත් අකුරු වචන වලට හරවා ගෙත්තම් කිරිමට අපහසුය. කදුලු ඒ තරමට ගිණියම් වී ඇත. හුස්ම තව තවත් සිරවෙන්නට ලගය. අතැගිලි ද වෙව්ලන්නට විය.
✒️ මම ඔම්ශාන්
Wednesday, 15 March 2023
අපි දෙන්නාට තිබ්බේම රාගය ගැන පරස්පර හා අන්ත දෙකක මතයන් වීම ගැන මට තියෙන්නේ මහාම මහ අමුතු කියවීමක්.
රාගය කියන්නේම ඉරු රශ්මිය වැනිය. දවාලන්න හැකි සේම නිවාලීය හැකි. අපි හැමෝම ලගම රාගය විවිධාකාර ප්‍රමාණයන්ගෙන් සමන්විතයි. අඩුවැඩි වශයෙන්. රාගය නැති මිනිහා මළ අයෙක් සේ මා නිර්වචනය කරන්නේමී. මන්දයත් රාගය ජිවිතේදී යම් යම් සම්බන්ධතා ශක්තිමත් කිරිමට හා පවත්වාගෙන යාමට දක්වන සහයෝගය අතිමහත්ය බැවින් ය.
අපි දෙන්නාට තිබ්බේම රාගය ගැන පරස්පර හා අන්ත දෙකක මතයන් වීම ගැන මට තියෙන්නේ මහාම මහ අමුතු කියවීමක්. මට රාගය ක්‍රිඩාවක් වු නමුත් ඔයාට රාගය කියන්නේ ම භාවනාවක්.
අනේ මන්දා ඔයා හැමදාම කිව්වේ. අපි හැම රෝම කූපයක්ම ස්පර්ශ වෙන රාගය මුසු ප්‍රේමයෙන් හෝ ප්‍රේමය මුසු රාගයෙන් බැදෙමු කියලා. මටත් ඔයාගේ රාගය මුසු හුස්ම වලින් එන ශබ්දයට හා රාග රසය විදින්න ආසයි. ඒ බව පරිකල්පනය කල වාර අනන්තයි අප්‍රමාණයි.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඒ රාගික සුවද මගේ සයනයේ හතරමුල්ලේ තවරා. සීතල රෑයවල් පහන් කලේම මහාම මහා කාලකණ්නී මුසල සිතුවිලි වලට තිත තබමින්. ඉදින් මාද මිනිහෙක් බැවින් මා සිතේද රාගය නොඉපද තියේ වීද.
ඒදා මද සිතල මුසු වුණ, සෞම්‍ය ලෙස හද පායා තිබු රාත්‍රීයක්. නිවසේ සියල්ලන්ම බණ ගෙදරකට ගොස් සිටි බැවින් නිවසේ මා තනිව සිටියෙමී.
-----------------------------------------------------------------
මම උඩුමහලේ තිබු මගේ කාමරයෙන් එලියට පැමිණ මුහුදත් හදත් පෙනන ලෙස පුටුවක් ගෙන ඉදගත්තේ සිතල වතුර නා පැමිණ මා හට හද එලිය මුසු සීතල, මගේ නිරුවත් උඩු කයට තවරා ගැනිම පිණිසය.
නිවැසියන්ට හොරෙන් පෙර සැලසුම් කල පරිදී, මා පහල කුස්සියේ ඇති ශීතකරණයේ තිබු බියර් බෝතල් දෙකක් කමරයට ගෙනාවේ. මගේ අල්මාරියේ තිබු ශිත නොකල බියර් බෝතල් දෙකක් එහි තබමින් ය.
නංගි - "මං බණ ගෙදරින් එන්න කලින් ඔයාට කෝල් එකක් දෙන්නම් අයියා. තෝ ඉක්මනින් කාලා බීලා නිදා ගන්නවා. නැත්තම් තාත්තා තෝව මරයි. මතකයිනේ එක පාරක් පුටුවක් කැඩෙන්න ගුටි කෑවා."
මම 😁 - "යකෝ.... මං එදා පොලිසියට ගියා නම් තාත්තා අද වැලිකඩ. මං හයිය හත්තියට ඉන්න මිනිහෙක් නිසාම හොදට ගියා."
නංගී - "අනේ මේ.... එදා නොගහ හිටියානම් තමා පුදුම. එදා නම් ඕවර් වැඩී තමුසේ. නටපු නාඩගම් අපි නේ දන්නේ."
මම 😁 - "හරි !! හරි !! එනකොට කෝල් එකක් දෙන්න. බොරුවට කෑම එකක් ගෙන්නද අහලා. හරිද ?"
නංගි - "හරි හරි මටත් චීස් කැලි දෙකක්, තුනක් තියෙනවා හරිද?. මේ තමුසේ බිලා, වමනේ එහෙම දාන්නේ නෑ තෙරුණා නේ."
මම 😁 - "පිස්සු ද !!! මම වමනේ දාන්න. යකෝ මං මේවා බොන්නේ ඔලේවල් කරන කාලේ ඉදං."
නංගි - "එදා එහෙම වමනේ දාලා තමයි පුටු කැඩෙන්න කෑවේ. මතකද ??"
මම 😁 - "හරි හරි කෝල් එකක් දෙනවා කෝ... එන්න කලින්"
කියා මා දුරකථනය විසන්ධි කලේ. බියර් බිමට මේසය සකස් කරන අතර වාරයේදීය. රේඩියෝවට Pen Drive එක සම්බන්ධ කර කසුන් කල්හාරගේ සිංදු වාදනය විමට සලස්වා, ඉක්මනින් තුවාය ගලවා විසි කලේ. කලිසමක් ඇද බියර් බෝතලයේ කුල් එක යාමට පෙර බීමටය.
මම 😁 - දැන් ඔක්කෝම හරි... බියර් හරි... බයිට් හරි.... සිංදු හරි.... ටීෂු පේපර් හරි... ටුත් පික් හරි... මුහුද හරි... හද හරි 🌙 සිතලත් ගාණටම තියෙනවා.😊
ආදර මල්වල පාට කියන්නද....🎵🎵
මත් මල් සේනා.....🎶🎵
ඇරඹුමම කදුලක් වේලා....🎼🎵
මල් මිටක් තියන්න ඔබ අතේ....🎶🎵🎼
(සිංදු එකින් එක වාදනය වී ගියේ පලවෙනී බියර් බෝතල හිස් කරමින්ය.)
මම 😁 - යකෝ එකක් එච්චර ඉක්මනින් මම එක බියර් බෝතලයක් බිලාද. ඔම්ශාන්.... දැන් නම් උඹ වෘත්තියමය බේබද්දෙක් වෙලා බම්. කමක් නෑ.... තාත්තා එන්න කලින් අනික් එකත් කඩපං.... 😁😁😁
අනෙක් බියර් බෝතලයක් විවෘත කලේ. අතැති සිගරැටුවද පසෙක තබා මගේ දත්වලින්ය.
සිගරට් දුම් වලලු 🌙 හද දෙසට මම යොමු කලේ හදට නොක්කාඩු කරන ලෙසයි. 😏 එකවරම ඒ හඩ මා සලිත කරන්නට විය...
එයා 😊 - "ආ මේ ඉන්නේ.. තමුසේ මොකද කරන්නේ."
මම 😁 - "කෑ ගහන්න එපා මං මේ... මේ දන්නේ නැද්ද පොඩි ශොට් එකක් ගත්තා."
එයා 😊 - "හොද පොඩි... බියර් බෝතල් දෙකක්. යකෝ එකටද පොඩි කියන්නේ..."
මම 😁 - "හ්ම් හ්ම්"
එයා 😊 - (මා අසල තිබු පුටුව ගෙන ඉදගත්තේය)
"කෝ ගෙදර අය.... ඇයි? පෙන්න නැත්තේ"
මම 😁 - "ඒයාලා බණ ගෙදරකට ගියා..."
එයා 😊 - "ඒකයි හාම් පුතා මේතරම් සෙල්ලමක් දාන්නේ.."
මම 😁 - "මේ අහනවා කෝ.... මං දෙයක් අහන්නද ඔයාගෙන් ?"
එයා 😊 - "අපෝ එපා ඔම්ශාන්.... ඔයාගේ ප්‍රශ්න වලට මං ගාව උත්තර නෑ. අනික ඒ ප්‍රශ්න ඉවර වෙන ඒවාත් නෙවෙයි."
මම 😁 - "අනේ මේ පොඩ්ඩක් අහන්නම්"
එයා 😊 - "ආ... කියනවාකෝ කෙටියෙන්"
මම 😁 - "ඔයා ඇයි හැමදාම මං අහද්දී කියන්නේ රාගය කියන්නේම භාවනාවක් කියලා. ඇයි ඔයා ඒ හැගිම එච්චර රාමු කරන්න හදන්නේ."
ඒයා 😊 - "මාත් බැලුවා, කෝ තවම ඔයාගේ රෝමාන්තිකයා ඇහැරුනේ නැත්තේ ඇයි කියලා..."
(එයා, මම විවෘත කර තිබු බියර් බෝතලයෙන් බියර් කෝප්පයකට දමා ගෙන එක හුස්මට හිස් කලේය.) 😊😊😊
මට නම් මෙය විශ්මයක් නොවේ අප දෙදෙනා එක්ව බොන පලමු අවස්ථාවද මේ නොවන බැවින්, මම එයාට ආදරේ කරන්න සමීපතම එක් හේතුවක් එයා මත්පැන් ගැනිම 😁😁😁
ඒයා 😊 - "දැන් නම් කියන්න බෑ ඔම්. ඔයා දැන් ගිහිං කාලා නිදා ගන්නවා. තාත්තා එන්න කලින්. (මං යනවා කියා එයා චීස් කැල්ලක් කන ගමන් නැගිටින ලදී.)
මම එක වරම එයාගේ අතින් අල්ලා ගෙන මා අසලට ගත්තෙමී.
(රේඩියෝවෙන් තරුකා නිවා දුර ඈත තනිවෙලා වාදනය වන්නට විය)
පායා තිබු හද 🌙 මේඝයක් ඇවිදින් සැගවෙන්නට විය. මුහුදු රළ නිහඩ වන්නට විය. සීතල සුළග අප වටා වඩාත් ලං වෙන්නට විය. ඒතරම් සීතලක් මගේ නිරුවත් උඩු කය ස්පර්ශ කරන විටද මා රාගය නැමති ගිනි දැල් වලින් ඇවිලෙන්නට පටන් අරගෙනය. මං ගිනි කන්දක්සේ රාග සිතුවිලි වලින් දැවෙන්නේය.
එයා 😊 - "ඔම්ශාන් ඔයා බීලා වැඩී ගිහිං නිදා ගන්නවා. මං මේ යන ගමන් නිකං බලලා යන්න ආවේ."
මම 😁 - "බෑ.... මට ඒ භාවනාවට දැන් සම වදින්න ඔනේ. අනේ ප්ලීස්...."
(කියලා මං එයාව මගේ සමීපයට ගෙන ඒ ඇස් දිහා වඩා සරාගී ලෙස බැලුවෙමී. ඒ ඇස්ද රාගයෙන් පරිපුර්ණ වී ඇත.)
තවත් ඇයි එක මොහොතක් හරි නිකං අපතේ යවන්නේ කියලා. මම එයාගේ දෙතොල් මගේ දෙතොල් වලින් ස්පර්ශ කරන්න විය. මගේ අතැගිලි ඒයාගේ කන්පෙති අතර තදින් රදවා ගෙන එයාට මගේ ග්‍රාහනයෙන් මිදෙන්නට නොදුන්නෙමී. 😊😁
--------------------------------------------------------------------
මී මැස්සෙක් මලක රොන් ගන්නා සේ මම ඒ තොල් පෙතිවල පහස විදින්නට විය. තත්පර විනාඩි ගෙවෙන්නට විය. ඒයාද මට ආයාසයකින් තොරව අවනත වු බවක් දැනුනේ, ඒ අත්ද මගේ කන්පෙති තදින් අල්ලා ගන්නා බව දැණුනු විටය. දැන් මුලු ක්‍රිඩා පිටියම අපගේය.
හද 🌙 හොරෙන් හොරෙන් අප දිහා බලයි. ඒ බව මට පසක් වුයේ ඒයාගේ මුහුණට හද එලිය විටෙන් විට වැටෙන විටය. දැන් මගේ දෙතොල් වලින් බෙල්ලට පැමිණියේ අනාරාධිත අමුත්තෙක් ලෙස එයායි ප්‍රථමයෙන්. මට මේ රාගික ගින්නෙන් නිවෙන්න බෑ මයි හිත කියන්නේ. රාගය තියෙන්නේ ඇස්වලද තොල් වලද බෙල්ලේද යන්න මට තවමත් හිතා ගන්න බෑ.
මම 😁 - "දැන් නම් සිමාව ඉක්මවා අපි යනවා කියලා දැනෙන්නේ." (යැයි සිහින් කෙදිරියක් සමග මම මිමිණුවේ, එයාව තදින් වැලදගෙන සිටින විටය.)
ඒයා 😊 - (මගේ කට එක් අතිකින් වසන ගමන්) "කමක් නෑ..... මං ආසයි මේ අසම්මත රාගික ගිනි දැල් වලට පිච්චීලා, අලුවෙලා ආයේ ෆිනික්ස් කුරුල්ලෙක් වගේ ඒ අලුවලින්ම ඉපදිලා අලු වෙන්න. තාමත් ඒ දෙතොල් මගේ බෙල්ල වටා දගකරමින් සිටි...
මම 😁 - "ඔයාට අවසර දෙනවා මං. ඒ අසම්මත රාගික ගින්නෙන් මාවත් දවා අලු කරන්න. (අඩවන් මගේ ඇස් හද 🌙 දකිද්දී ලැජ්ජාවක් ඇති වෙන බැවින් මා ඇස් වසා ගත්තෙමී.)
දෙතොල් වලින් බෙල්ලටත්, බෙල්ලෙන් දෙතොල් වලටත් අප දෙදෙනා රාගය මුසු ප්‍රේමය තවරන්න විය.
මේ අතර වාරයේ හිස් නොකල බියර් බෝතලය බිදී කැඩෙන්නට විය. මුලු කාමර මිදුලම බියර් සුවද වෙලාගත්තේය.
මම 😁 - "මේ බියර් සුවදට වඩා මං ඔයාගේ සුවදට ආසයි. මං ඒ සුවදට කෑදරයි."
ඒයා 😊 - "ඒක රාගික සුවද. දැන් මං ඔයාව මගේ භාවනාවේ උච්චතම අවස්ථාවට ගෙනියන්න හදන්නේ."
තවම එයා මගේ දෙතොල්, කන් පෙති, බෙල්ල මතම. එයාගේ තොල් පෙති වලින් එහෙ මෙහෙ යන්නේ මගේ නිරුවත් උඩු කයට සිතලක් නොදැනෙන ලෙසට අසම්මත රාගික ගින්න අවුලමින්ය.
තාත්තා - පුතා කැවාද ????
ඇවිලෙමින් තිබු අසම්මතේ රාගික ගින්නට නගර සභාවේ ගිනි නිවන හමුදාවෙන් ජල ප්‍රහාරයක් එල්ල කලා සේ අප දෙදෙනාම බියෙන් නිවී ගියෙමු.😞😞😞😞😞
මම - (බියටම උඩු මහලේ සිට) "ඔව්....." තාත්තේ කියන්නට විය
තාත්තා - "තව කවුද උඩ ඉන්නාව පෙන්නේ."
එයා - "මම අංකල්"
තාත්තා - "හා... පුතා මොකද රෑ වෙලා මෙහෙ"
මේ ලෝකයේ රාගයට බොහෝ නිර්වචන තිබේ. ඉතිං තවත් කුමකටද මා අටුව ටිකා එක් කරන්නේ. රාගය විදින්න සියල්ලම කැමතිය ඒ තමන් ප්‍රේමය කරන උන් සමග. ඒ ප්‍රේමය මුසු රාගයක් විදින්නට.
ඔබත් උපුලී උත්තමාවිය සේ රාගය උපක්‍රමශීලීව විදින්නට උත්සහ නොකර ලැබෙන සෑම අවස්ථාවකම ප්‍රේමය මුසු රාගයෙන් ඇවිලෙන්න.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
"ඒයා මාව ඇල්ලුවා. 😍
අත ගෑවා.... ඉම්බා...😊😁
ගොරව ගොරවා නිදා ගත්තා....
පස්සේ නැගිටලා යන්ඩ ගියා.. එච්චරයි."🥺
නිල්කට්‍රෝල් (පිටුව 78 )
මොහාන් රාජ් මඩවල
✒️ මම ඔම්ශාන්
Saturday, 11 March 2023
සරත් කියන වචනේ මගේ ජිවිතේට නැතිවම බැරි වචනයක්. ඒක කොහොම, කෙසේද කියලා නම් දන්නේ නෑ. නමුත් මං දන්න එක දෙයක් නම් තියෙනවා.
සරත් කියන වචනේ මගේ ජිවිතේට නැතිවම බැරි වචනයක්. ඒක කොහොම, කෙසේද කියලා නම් දන්නේ නෑ. නමුත් මං දන්න එක දෙයක් නම් තියෙනවා. ඒ මං ජිවිතේදී සහමුලින්ම කඩා ගෙන වැටුණ දවසක් තියෙනවා නම් ඒ අද කියන්න යන දවස කියලා මං දන්නවා. නමුත් ඒදා මං නොහඩා ඉන්නේ නැතිව, ඇඩුවා නම් හෝ පණ පිටින් ඒ හැගිම් වල නොදැම්මා නම්, අද ඒවායේ විලාප වලට, මට නින්ද නොයා තියෙන්නේ නෑ. ඒ විලාප බය නිසා අදටත් මම වැස්සේ දී අකුණු කොටනවාටත් ගොඩාක් බයයි.
🖤❤🖤❤🖤❤🖤❤🖤❤
-----------------------------------------------------------
ජිවිතේදී අපි සීමීත කාලයක් එකට ගෙව්වාත්. අපි දෙන්නා එකට ඉන්න එක ෆෝටෝ එකක් වත් නැති වීම පිලිබදව මට පසුතැවිල්ලක් වගේම කෝපයක් තියෙන්නේ. මොකද අපි කවදාවත් නොහිතපු දෙයක් අපිට මුහුණ දෙන්න වුණේ. නමුත් ඔයා මට කලින් එ දේ දැනගෙන හිටියා. මේක ලියන කොටත් මගේ ඇස් වලින් කදුලු වාන් දානවා. මේ පාර නම් මං ඒවා නවතාලන්නේ නෑ. තවමත් ඒ දුක දරා ගන්න පුලුවන් මනුස්සයෙක් නෙවෙයි මං. මමත් හැගිම් දැනිම් තියෙන ඇටමස් ලේ නහර වලින් සමන්විත මනුස්සයෙක්.
"ඇයි......
මගේ කාමරේ බිත්ති හතරේ දෝංකාර
ඇත්තෙන්ම මාව දාලා යනකොට ඔයාට පුංචීම පුංචී වේදනාවක්වත් දැණුනේ නැද්ද ?
දෙසැම්බර් 30 සිකුරාදා දවසක්.
රෑට කන්න හිටියේ ඉදිආප්ප. ඔයා මගෙන් ඇහුවා මං කවන්නද කියලා.
2006 දෙසැම්බර් 31 උදේ කුකුලා කෑගහන්නත් කලින්
"අයින් වෙන්න.......
අයින් වෙන්න........
ලමයාව පරිස්සමෙන් අයින් කරන්න " කියන ශබ්දයට මුලු ගේම ඇරුණේ එක මිටට බය වේලා...
ජිවිතේ දැකපු ලොකුම ගින්න එදා මං දැක්කා.
ආච්චිගේ විලාපය, සියාගේ හතරඅතට දිවිම මධ්‍යයේ මං දැක්කා තාත්තා වතුර බාල්දීයක් ගෙනවිත් ගින්න නිවනවා.
ඒ එක වතුර බාල්දියකින් ඒ ගින්න නිවුණාත්, ඇත්තම ගින්න ඇවිල්ලෙන්න පටන් ගත්තේ ඒ ගින්න නිවුණාට පස්සෙයි...
🥺 මම - අම්මේ......( කියලා යටි ගිරියෙන් කෑ ගහන්න ගත්තා) මගේ අම්මාගේ ඇගෙන් දුම දානවා... ඒයා වේදනාවෙන් මං දිහා බලාං ඉන්නවා.
සියා - අනේ ජුඩ් ඉක්මනින් වාහනයක් ගෙන්නකෝ. නැත්තම් කෙල්ලගේ පණ මෙතැනම යයි.
🥺 මම - අම්මේ නැගිටින්න කෝ..... ( කියලා කෑගහලා අඩන කොටත් ආච්චී ගෙදර තිබ්බ ජේසුගේ කුරුස දිහා බලාගෙන පපුවට ගහා ගත්තා )
😭 ආච්චි - මට මේවා දකින්නද මගේ හුස්ම ටික ගන්න නැතිව තිබ්බේ ජේසු ස්වාමී දරුවනේ........ අඩු මාසෙන් ඉපදුණ මගේ මගේ කෙල්ලව මං හැදුවේ පරිස්සමෙන් නේ දෙයියනේ...... අද ඒකී ගිනිබත් වෙලා ඉන්නවා නේ.......
මං අත උස්සලා ඔයාගෙන් ඉල්ලුවානේද මේකිට ඉවසීම දෙන්න කියලා ජේසූ....... ඇයි??? ජේසු ඔයා මාව අත් හැරියේ...... මට වාවන්නේ නෑ ස්වාමී දරුවනේ..... මගේ පපුව පත්තුවෙනවා දෙයියනේ......... ( කියමින් ආච්චී අම්මා විලාප තියමින් අඩනවා )
අල්ලපු ගෙදර නැන්දා මාව අම්මා ලගින් ඈත් කලාත්, මම දැක්කා අම්මා ගේ ඇස් මං දිහාම බලාං ඉන්නවා.
🖤 අම්මා - "හර්ෂණ මගේ පුතේ............." කියලා කෑ ගැහුවා.
අල්ලපු ගෙදර නැන්දා මගේ කන්දෙක ඉක්මනින්ම වැහුවා...
මම කන්දෙකේ තියෙන අත්දෙක අයින් කරන්න හැදුවත් මට ඒ දේ කරන්න බැරි වුණා. මොකද මං අවුරුදු 10 පොඩි එකෙක්. ඒ දරදඩු අත් එක්ක හැප්පෙන්න බෑ. නමුත් ඒ අත්වලට ඒ විලාපයේ ඇසීම නවතාලන්න බැරි විය.
🖤 අම්මා -" අම්මේ මට දැවිල්ලයි අම්මේ...." (කියලා ආච්චි අම්මා දිහාවට හැරිලා කිව්වා)
😭 ආච්චි - ජේසු ස්වාමි දරුවනේ මගේ බඩින් වදාපු දරුවා ගිනිබත් වෙලා කෑ ගහනවා, උඹ ඔය කුරුසෙන් බැහැලා ඇවිත් මගේ කෙල්ලව බේරපං ජේසු............. මේ අම්මාගේ කදුලුවලට උත්තර දීපං ජේසු..... (කියලා තවත් හයියෙන් අඩමින් කෑ ගහනවා මං දැක්කා )
මුලු ගේ පිරෙන්න කට්ටිය ආවා. මං කාවදාවත් අපේ ගේ මේ තරම් මිනිස්සුන්ගෙන් පිරිලා දැකලා තිබ්බේ නෑ.
අල්ලපු ගෙදර නැන්දා -" මෙයා ගොඩාක් පිච්චිලා. මං හිතන්නේ නෑ ගොඩාක් වෙලා අල්ලං හිදිවී කියලා. හුස්ම ටික ඉක්මනින් යයි. ලක්මාලිගේ තාත්තේ" කියලා නැන්දා මාමට කියනවා මට ඇහුණා.
ඒයා යන ගමන කොයි වගේද ? ඒ වේදානාව කොහොමද කියලා නොදන්නවා වුණත්. එයා ලොකු දුර ගමන් යනවා එකයි. ඒයා පිච්චීලා ඉන්නැද්දි ඒක බලාගෙන නොහඩා ඉන්න පුලුවන් කමකුයි මට තිබ්බේ නෑ. අම්මේ....... අම්මේ............ කියලා කදුලු නොආවාත් මං අඩන්න ගත්තා
🖤 අම්මා -" හර්ෂණ මගේ පුතේ.........." කියලා (මට ලග එන්න පිලිස්සුණූ වේදනාව සහිත සිරුරෙන් ඉගිකලා)
😭 ආච්චි - දෙයියනේ මං මේ දණිස් රිදෙනකං යාච්ක්දා කාලා.......... අද මාව මේ වගේ අසරණ කරන්නද ජේසූ ඒම කලේ...... මගේ බඩපපුව පත්තු වෙනවා........ මේ කොල්ලාට මං මොකක්ද කියන්නේ ජේසු ස්වාමීන් දරුවනේ.....
අල්ලපු ගෙදර නැන්දා - "ලක්මාලිගේ තාත්තේ මං හිතන්නේ නෑ ඉස්පිරිතාලෙට ගෙනියන්න පුලුවන් කියලා. මෙයා ගොඩාක්ම පිච්චීලා නේ. ගෙදරම පණයි"
මෙහෙම කියන ගමන් ලක්මාලිගේ අම්මා මාව වරුකරගෙන අම්මා ලගට එක්කගෙන ගියා.
😭 ආච්චී - " එරිනෝ...... උඹට ඔය භූමිතෙල් ඇගට වැටෙද්දී කොල්ලාව මතක් වුණේම නැද්ද? ගිනිකූර ගහන්න හයියක් කොහොමද ආවේ එරීනෝ......( කියා විලාප නගන්නීය)
ලක්මාලිගේ අම්මා මාව පිච්චීලා අන්තිම හුස්ම ටික අදින අම්මා, ලගට මාව එක්කක් ගියා.
🖤 අම්මා - "හර්ෂණ මගේ පුතේ ඔයා හොදට ඉගෙන ගන්න ඔනේ. අම්මා වගේ මුරණ්ඩු වෙන්න ඒපා. ආත්තම්මා කියන දේ අහං ඉන්න. අම්මා ඔයා දිහා බලාං ඉන්නවා"
"ලක්මාලිගේ අම්මේ මට තිබායි. වතුර ටිකක් කොල්ලාගේ අතින් පොවන්න කෝ"
ඉක්මනින් ලක්මාලීගේ අම්මා වතුර එකක් අරන් එන්න මාව අම්මා ගාව දමා යන්නට ගියේය. අම්මා එකවරම එයාගේ අතින් මගේ අත අල්ලන්න විය. ඒ වෙලාවේ මං හිතූවේ අත පිච්චීලා නැ කියන්නේ අම්මා බේරෙවී කියලා මයි.
🖤 අම්මා - "අම්මා එක්ක තරහා වෙන්න එපා මගේ රත්තරං පුතේ. අම්මා ඔයාට ගොඩාක් ආදරේයි මගේ මැණික". කියද්දීම ලක්මාලිගේ අම්මා වතුර විදුරුවක් ගෙනවිත් මා අතින් අල්ලං අම්මාට පොවන්නට විය තවමත් අම්මා මගේ අත අල්ලාගෙනය.
ලක්මාලිගේ අම්මා - ඇතිද එරින්...
🖤 අම්මා - අක්කේ මගේ කොල්ලාගේ අතින් වතුරත් බිව්වා. මට දැන් සැනසිල්ලේ යන්න පුලුවන් අක්කේ. මගේ කොල්ලාව බලාගන්න.
තාත්තා හා සියා ත්‍රිවිල් එකක් ගේ අසලටම ගෙනාවේ. අම්මාව රෝහල කරා ගෙන යාමටයි. ත්‍රීවීල් එකෙන් බැස නිවස ඇතුලට හා තාත්තාත් සීයාත් අම්මාව ඉස්පිරිතාලෙට එක්කගෙන යාමට වත්තම් කරද්දී
🖤 අම්මා - ජුඩ්....... මම යනවා ලමයින් ටික පරිස්සමෙන්. මට සමාවෙන්න. කොල්ලාව අයියෙන් අල්ල ගන්න කියලා මගේ අත තාත්තාගේ අතට භාර දී ඒයා සදහටම මගේ අත අත්හරින ලදී.
😭 ආච්චී - "ජේසු ස්වාමීන් දරුවනී මොකක්ද මේ කලේ. මගේ කෙල්ලව ඇයි මට කලින් ඔයා ගවට ගත්තේ" කියලා කෑ ගසා අඩද්දී. මෙතෙක් නොහඩා සිටිය අය පවා අයියෝ.....අයියෝ..... කියා අඩන්න ගත්තේය..මුලු ගේම කදුලු හා විලාප වලින් පිරියන්නට විය..
කුමක් වුවේද ? කුමක් කරන්නද ? කියා මගේ පුංචි හදවතට වගේම මගේ දෙසවන් වලටද දරා ගන්නට නොහැකි විය. මං ක්ලාන්ත වන්නට විය.
ඔන්න ඔහොමයි සරත් කියන කොළ හැලෙන සෘතුව මගේ ජිවිතේට ලං වුණේ අදත් හෙටත් හැමදාමත් සමහර දේවල් අපි එක්ක බැදිලාම තියෙනවා හරියට සරත් සෘතුව වගේ. අම්මෙක් නැති ලමයින්ට වසන්ත සෘතුවක් නෑ කවදවත්ම ඉතුරුව ඇති එකම සෘතුව සරත් පමණී..
අදටත් මං ඇගේ සොහොන් කොතට නොයන්නේය. මන්දයත් කරදඩු උස්මහත් වුවද හදවත තවම මුදු මොලොක් බැවින්...
ඔබට මෙවන් විපතක් කිසි දිනක නොවේවා
✒️ මම ඔම්ශාන්
Wednesday, 8 March 2023
හුදෙකලාවට තිත තියන්න, රෝබරෝසියා වර්ණ තැවරුණු අතකින්. ප්‍රේමය අවසරයි
අවසන් උල්පතද සිදිගිය පසුත්,
2023-03-07 දින ඊයේ මම Blog එකට මොනවාද ලියන්නේ? කියලා,
මේක ලියන්නේ ඔන්න ඔය වේලාවේ. දැන් මගේ දිනපොත තියෙන්නේ මගේ පොත් මේසේ උඩින්මයි. පෑනද අතට ගත් මා නිල් පෑනෙන් රෝස පාට පෑනට මාරු වුණේ, මේක ප්‍රේමය තවරමින් ලියන්න ඔනෑ නිසායි. දින පොතද සියල්ල දන්නාක් මෙන් සුලං පොදක් නැති මගේ කාමරයේ දිනපොතේ පිටු එහෙ මෙහෙ පෙරලුවේ ලැජ්ජාවට පත් වුවා සේය.
මට ඔයාව හමුවන්නේ කැළණිය විශ්ව විද්‍යාලයේ දී වීම ගැන දෛවයට මා චෝදනා නැගුවෙමී.
මට ඒ දවසත් අද දවස වගේම මතකයි. අදටත් ඔයා මාව දන්නවාද දන්නේ නෑ. මම ඔම්ශාන්. නමුත් මං ඔයාව දන්නවා.
මට ඔයාව මුණගැහෙන්නේ කැළණිය විශ්ව විද්‍යාලයට ඇතුල් වෙන ගල් අතුරපු පාර අයිනෙන් ඔයා ඇවිදන් යද්දී. ඒ දෙපා හරිම ආගන්තුක පියවරයන් තිබ්බේ කැළණියට. මට හිනාත් එක්ක ඒවා දැකලා. නමුත් තවමත් මං ඔයාව දැක්කේ නෑ . මං තාමත් ඔයාගේ පසුපස.
-------------------------------------------------------------------
ඔයා පියවරෙන් පියවර තියෙනවා. කැළණිය විශ්ව විද්‍යාලයට. මං ඒ දිහා බලාං ඉන්නේ හරියට පුංචි ලමයෙක් ඇවිදින කොට තාත්තෙක් බලාං ඉන්නවා වගේ. ඉතිං මම නම නොදන්න නමුත් ළා දම් පාටක් තැවරුණු මල්, ඒ ගල් අතුරපු පදික වේදිකාව දිගේම වැටිලා තිබුණා. ඔයා හරිම අහිංසක විදිහට පළවෙනි මල මගහැරලා යන්න ගියා. දෙවැනි මලත් මගහැරියා. තෙවන මලත්, සතරවන මලත් එහෙමයි. ඔයා එහෙම හැම මලක්ම මගහරිමින් විශ්ව විද්‍යාලයට ඇතුලට ආවා. ඔයා විශ්ව විද්‍යාලයට ඇතුලු වන තැන තියන බුදු මැදුර ඉදිරියෙන් පදික වේදිකාව මාරු වුණා. මාත් ඔයා පසු පස්සේම ආවා. මොකද මං හරි ආස කලා ඒ අහිංසක දෙපාවලට. ඔයා වලේ තිබෙන පැසිපන්දු ක්‍රිඩා පිටිය රසවිදිමින් ඔයාගේ දබර ඇගිල්ලෙන් ඒ කම්බී වැටේ කම්බී ස්පර්ශ කරමින් යනවා. ඒ කම්බී මලකඩ කාලා කියලා බැලූ බැල්ලමට ඔනෑම කෙනෙකුට පෙනෙනවා
මම 😍 - ඒයි!!!!!!!! අත කැපෙයි ළමයෝ. මෝඩයෙක් වගේ ඔහොම කරන්න ඒපා.
තුවාල වුණෝත් පිට ගැස්මට ඉන්ජේක්සන් ගහන්න වෙයි.
ඒයාට ඇහිලා නෑ මොකද ඒක මං මාත් එක්කම කියාගෙන තියෙන්නේ. ඒත් ඇයි මං එහෙම කිව්වේ කියලා හිතා ගන්න බෑ. ඇය කවුද මගේ? නුහුරු නොපුරුදු හිතවත්කමක් දැනෙනවා මට. ඉතිං වලේ තිබුණු පැසිපන්දු ක්‍රිඩා පිටිය පසු කරමින් යන ඇයට තවත් බාධකයක් හමු වීය. ඒ පෙර ලෙසටම කහ වර්ණය තැවරුණු මල් පදික වේදීකාව සිඹගෙන සිටිම. මා දැන් පෙරට වඩා ආඩම්බරකාරයෙක් ලෙස සිනාසුනෙමී. ඇය පෙර භවයක තුසිත දෙව්ලෝව දිව්‍යාංගනාවක් දෝ නොදනී. ඒ භවයේ උරුමකම් ඇත්තෙක් ලෙස එකදු මලකට හෝ වේදනවාක් තම දෙපා වලින් ලබා නොදෙන්න අදිටන් ගත් අයෙක් විලසට ඇය හැසිරෙන්නේය. ඇය සමාජීය විද්‍යා පිඨයට ඇතුල් විය. බෑගයෙන් දුරකථන අතට ගෙන ඉදිරියටම පියනගන්නටම විය. මාද පැමිණි කාරය අමතක වී ඇය පසු පය යන්නේ මලට සුවද අයිතිද, සුවදට මල අයිතිද නොදන්න මලක ඇති සුවද විලසිනය. ඇයගේ පියවරයන් දැන් කඩිනම් විය. මාද ඇයගේ පියවරයන්නට සමාන්තර පියවරයන් දුර සිට තබමින් ඇය හා පිය නැගුවෙමී ඇය නතර වුයේ ජනසන්නිවේදන අධ්‍යයනාංශයේය. මා එවිට විමතියට පත් වුවෙමී.
මම 😍 - ඔම්ශාන් උඹට මොකක්ද යකෝ වෙලා තියෙන්නේ. උඹ බුට් දෙකක් කාපු එකෙක්. උඹ ආයේ බුටක් කන්නද ඔනේ. මැරුං නොකා. ඉගෙන ගන්න ආවා නම් ඉගෙන ගනින්.
දැන් නම් මා පියවී සිහියට ඇවිත් හමාරය. ඇයත් මාත් එකම දේශණ ශාලාවට පිය නැගුවෙමී. මා හිත අහිංසක සතුටක ස්වර තන්තු පිරි මදින්නට විය. මා ඈදී ගන්නා ලද පේලීයකම ඇයද ඉදගත්තේය. ඇය ඇයට නොක්කාඩු කියන හිසකෙස් තරවටු කරන්නට විය. ඇයව මා මුලින්ම දුටුවේය. ඔව් ඒයා දෙව්දුවක් මට අයිතිද නැද්ද නොදන්න තුසිත දිව්‍යලෝකයෙන් ආවා දෙව් දුවක්....
ප්‍රේමයට හා රෝබරෝසියා කියන්නේම පුරාවෘත්තයක්. රෝබරෝසියාවේ අයිතිය පේරාදෙණියට කීවාට, මට මගේම රෝබරෝසියාව මුණගැහුණු කැළණියට මං ගොඩාක් ආදරෙයි. පත්තිනි මැණියන්ට ගින්නෙන් උපදින්න පුලුවන් නම් ඇය රෝබරෝසියා මලින් උපන් තුසිත දෙව්ලොව දිව්‍යාංගනාවක්🌼👸🌸
ප්‍රේමය තරවටු නොකරන්න තවත් මට, අවසර දෙන්න සිපගන්න ඒ දෙතොල්. හුදෙකලාවට තිත තියන්න, රෝබරෝසියා වර්ණ තැවරුණු අතකින්. ප්‍රේමය අවසරයි පසාරු කරන්න හදවත අනවසරයෙන් ඇයගේ. ❤️💜️💚💛🧡
මාත් එක්කම ඉන්න හන්තානයේ අධ්‍යයන චාරිකාව සහ හන්තානය කුමාරයා හා රෝබරෝසියා කුමාරිකාවගේ ප්‍රේමයේ රසමුසුතැන් විදින්න.... ❤🤴👸🌸🌼
Monday, 6 March 2023
ගිහිං සමාව ඉල්ලපං. දන්නවා නේ ඒයා උඩරට පරම්පරාවක නිසා ලොකූ සීන් එකේ ඉන්නේ කියලා.
සමහර මතකයන් ආයේ ආයේ දලුලන කොට සුන්දරයි වගේම. නන්නාදුනන වේදනාකාරී බවක් දැනෙනවා. හිනාව යට සතුට හැමදාම ගැබ්බර වුණේ නෑ. පත්තිනි සලුවලටත් ඇත් තුත්තිරි තිබුණා වගේ, සමහර හිනාවල් අස්සේ තිබ්බේම අසරණ වේදනාකාරි නීරසම කතාන්තර. මේකත් අන්න ඒ විදියේ අපි දෙන්න විතරක් දන්න ලෝකය නොදන්න නමුත් දැන් ලෝකයාට විවෘත දින පොතක තවත් එක පරිච්ඡේදයක්....
🌼❤️🌼❤️🌼❤️🌼❤️🌼❤️
2023 මාර්තු 05 අපිට තිබුණේ එම්.ඩී. මහින්දපාල මහතාගේ දේශණයක්. මමත් ඉතිං ප්‍රශ්න අහන්න සුදානමින් ඉන්නකොට, ඔන්න ඉතිං K3105 දේශණ ශාලාවට අපිව එක්ක ගිහිං පෙන්නුවා නිධානය චිත්‍රපටියේ කොටසක්. ගාමිණී හෙණ ආඩම්බරයකින් ඉන්න කොට, මාලණී හරිම අහිංසක විදිහට චිත්‍රපටියේ එහේ මෙහේ සැරිසරනවා. මේක නිධානය ගැන නම් නෙවෙයි. මෙහෙම චිත්‍රපටියක් ගැන දේශණයක් යද්දී මට මගේ හිතේ වැලලීලා තිබුණ නිධානයක් ආයේ ගොඩ ගන්න හිතුණා. නිධානයක් නෙවෙයි ඒක තුවාලයක්. ආයේත් පාරවලා වේදනාව විදින්න ආස කරන පුංචී උණත් ලොකු වේදනාවක් දෙන තුවාලයක්.
ඒදා 2020 සැප්තැම්බර් 05 දින සෙනසුරාදා දවසක්. කෝරෝනා වලින් මුලු රටටම ඇදිරි නීතිය දාලා තියෙන කොටත්. අපිට අපිව මුණුගැහෙන්න, මගේ රස්සාවට පුලුවන් කරපු දවසක්. 😷 ඒ... මං මේ රස්සාව නිසා සතුටු වුණමයි. තාල චිත්‍රපටිය ටීවී චැනල් එකකින් විකාශය වෙන බව දැන ගත් අපි හැමෝම, හරියටම පස්වරු 1.00 වෙද්දී ටීවී එක ගාවට ආවේ හෝල් එකක ෆිල්ම් බලන ෆීලින් එක අරං.
ඒයා ❤ - ඔම් එනකොට මට තේ එකක් හදං එන්න.
මම 🥺 - මේ දවල් නේ. දැන් තේ බොන්න ඔයාට පිස්සු ද?
ඒයා ❤ - පුලුවන් නම් පුලුවන් කියන්න !!! හදනවා කෝ..... මං උදේ ඉදං කාලා මුකුත්.
මම 🥺 - හා හා ඉන්න ඉක්මනින් මං හදන්නම්.
රවිදු 😛 - එහෙනම් "ඔමා" උඹ ඔක්කෝටම තේ හදපං හරිද ?
මම 🥺 - ඇයි!!! උඹ ඉතුවාද මං සයිවර් කඩේක වැඩ කරන්නේ කියලා.
රවිදු 😛 - ඇයි උඹට පුලුවන් අරයාට තේ හදන්න විතරද?
මම 🥺 - හරි හරි යකෝ.... කෑහැ ගහන්න ඒපා. වාචාලකමට කියවන්නේ නැතිව කියපං පිටි සිනි තියෙන තැන
රවිදු 😛 - ප්ලෙන් ටී හදපං !!!
මම ❤ - උඹ දන්නවානේ අරයට ගෑස්ට්‍රික්. ප්ලෙන් ටී බොන්න හොද නෑ බම්.
රවිදු 😛 - අනේ !!! මේ... නන්ලේ මල්ලේ බබා, නොකර දීපං ප්ලෙන් ටී. උඹ තමා හුරතල් කරන්නේ....
මම 🥺 - එහෙනම් තෝම හදා ගනින්. මම යනවා.
රවිදු 😛 - යකෝ මූ බලං කෝ. පිටි සීනී තේ කොළත් දීලා මුන්ගේ ගෑස් බලන්නත් වේලා.
මම 🥺 - ඉක්මනින් කිහාං රවිදු මටත් ෆිල්ම් එක බලන්න ඔනේ.
රවිදු 😛 - අන්න අර උඩ බැග් එකේ ඇති
(වතුර උතුරන්න ලිපේ තියා කෝප්ප සෝදපු මා. ඉගුරු කෑල්ලක් හීනයට කෑලී කපා තලන්නට විය)
රවිදු 😛 - යකෝ වතුර පැහෙනවා. උඹ ඉගුරු තලනවා. ඒයාට ආස නිසා ඉගුරු දාලා තේ හැදුවාට මදී නිවලා උකුලට අරං පොවපං. මල සමයං උඹලාගේ
මම 🥺 - වතුර පැහෙන්න නෑ උතුරනවා මිසක්.
(තේ සාදා රුපවාහිනි ඉදිරියට පැමිණී මම පුටුවක් ගෙන වාඩි වුවෙමී)
රවිදු 😛 - යකෝ කෝ බන් තේ.... මොකද කෝප්ප දෙකක් විතරක්. උඹ, තොපි දෙන්නාට විතරද හැදුවේ.
මම 🥺 - කෑ ගහන්න ඒපා බල්ලෝ. ඔක්කෝටම හැදුවා. ගිහිං දාගෙන බීපං.
උඹ දන්නවා නේ ඒයාට හැමෝටම කලින් දුන්නෝත් විතරයි බොන්නේ කියලා. 🥺🥺🥺
රවිදු 😛 - උඹ ඔහොම හුරතල් කරහං ඉදාං දවසක හොටු පෙරාං අඩන්න වෙන්නේ තොට. මිනිස්සුන්ට ඔනාවට වඩා ඇබ්බැහි වෙලා.
මම 🥺 - පලයං ධාතු සුනඛයා යන්න.. 😁😁😁
(රුපවාහිනියේ චිත්‍රපටිය විකාශය වන්නට විය ඒයාද පුටුවක් රැගෙන, එතරම් ඉඩ ඇති අවකාශයක මා අසලම පැමිණ වාඩි වීය)
මම 🥺 - තේ එක බොන්න.
ඒයා ❤ - මට නේ මුලින්ම දැම්මේ
මම 🥺 - ඔව් ඔව් අප්පා
එයා ❤ - මේ මොකෝ... මෙතැන තව තේ එකක්.
මම 🥺 - මේක මගේ. නිවෙන්න තිබ්බා
එයා ❤ - හැමදාම තේ නිවලාම බොන්න ඒපා ඔම්ශාන්. සමහර ඒවා රසවත් පිච්චී පිච්චී බොන කොට.
මම 🥺 - හාකෝ හාකෝ
(චිත්‍රපටියේ පලමු විරාමය යාමට පෙර මම තේ කෝප්පය පානය කර අවසන් කරයි)
මම 🥺 - අද මං තේ ඉක්මනින් බීලා නේ..🤔
ඒයා ❤ - (ආඩම්බරකාර සිනාවක් පාමින්) මං බීපු එක බිව්වාම ඉක්මනින් ඉවර වෙනවානේ මැට්ටෝ.
මම 🥺 - මොකක්ද කරපු ඒ ජරා වැඩේ. 😡 මං කවුරුත් බීපුවා බොන්නේ නෑ කියලා දන්නවා නේ.
ඒයා ❤ - කවුරුත් වෙන්නේ කොහොමද. ආ... ඒ කියන්නේ මං පිට කෙනෙක් ?
මම 🥺 - නෑ මං එහෙම කිව්වේ නැහැ....
එයා ❤ - එහෙනම් කොහොමද කිව්වේ ?
මම 🥺 - නෑ මට කවුරු හරි බීපුවා බොන්න අප්පිරියායි. අනික ඔයා දන්නවා නේ. මං තේ බොන්නේ නිවාල කියලා
ඒයා ❤ - දැන් ඔයාට මං බීපු එක බිව්ව, එකට අප්පිරියායි.
මම 🥺 - නෑ නෑ මේ අහන්නකෝ
එයා ❤ - මුකුත් ඒපා. ආයේ මුකුත් නෑ. මං ඔයාට මාරම ආදරේන් හිටියේ. ඔයා එක වචනයකින් මාව රිද්දුවා.
මම 🥺 - මෙහෙ අහනවා කෝ පොඩ්ඩක්.....
එයා ❤ - මුකුත් කියන්න ඔනේ නෑ. ඇති..... තමුසේ මං ගැන හිතන්නේ එහෙමයි.
මම 🥺 - මම ඔයා ගැන හිතනවා. ඒත් වැරදි විදිහට නෙවෙයි. තේරුම් ගන්න.
ඒයා ❤ - බම්බුව මං බීපු තේක බොන්න බෑ. මං ගැන තව හිතනවා ලු.
මම 🥺 - බීපු තේක නොබොන්න එකයී. ඔයා ගැන හිතන්න එකයි අතර මොකක්ද සම්බන්ධය.
රවිදු 😛 - නවත්තපල්ලා..... උඹලා දෙන්නාගේ රණ්ඩු. තොපි දෙන්නා ලං වුණොත් ඇති මරා ගන්නවා.
එයා ❤ - අයින් වෙනවා මට යන්න.
( එයා තේ කෝප්පය රැගෙන සේදීම සදහා කෝපයෙන් පිටව යයි )
මම 🥺 - රවිදු, මම මුකුත් කලේ නෑ බම්
රවිදු 😛 - උඹ අතර මුකුත් නොවුණ එක තමා අවුල....😁😁😁😁😁
(මමද ඉක්මන් ගමනින් ඒයා කෝප්පය සෝදන වතුර කරාමය අසලට ගියෙමී.
එක් වරම එයා හැරෙන්නට විය.)
ඒ හුස්ම මගේ මුහුණ ස්පර්ශ කරන්න විය. ඒ හුස්මට මගේ හද වේගයෙන් ගැහෙන්නට විය. මට එහි ශබ්දය පවා ඇසෙන්නේය. ඒ මුව මගේ මුවට වඩා සමීප වන බවක් දැනෙන්නට විය. දැන් හුස්ම වඩා අපගේ දෙතොල් ලං වෙන බව දැනෙන්නේ ය.
"ඔම්ශාන් නැගිටපං බල්ලෝ" කියලා දේශණ ශාලාවේ මට ඉදිරි අසුනේ සිටි දසුනී ධර්මවර්ධන කෑ ගහන්නට විය.
Sunday, 5 March 2023
මුණුපුරාගේ වේදනාත්මක සිතුවිල්ල 🖤❤️
සමහර මිනිස්සුන්ගේ ගමනාන්තයන් දරාගන්න මට බෑ. මම සමහර අයගේ නික්ම යාම් දරාගත්තා නෙවෙයි ඉවසා ගත්තා.
හෙට හෝ අනිද්දා මං මේ දෙයට මුහුණ දිය යුතුව ඇත. ඒදාට ඔබට සරල හා චාම් සමුදීමක් සදහා, මං නොහඩා සිටිවී. ඒ මා සංවේදනා අත්හල නිසා නොවෙයි. ඔබව එදිනටත් හදවත තුල දරා ගන්නා නිසා. නික්ම ගිය පසු මොකට අකුරු කර කවී පේළී. ඉන්න කොට කියන්නම් මෙහෙමයි මට දුක උහුලගන්න බැරි වේවී...... කියා 🥺😭🖤🌼🌸
මුණුපුරාගේ වේදනාත්මක සිතුවිල්ල 🖤❤️
දෙවියන් කෝප වී දඩුවම් කලත් මා හට,
නැත ඇය කලේ දඩුවම් මේ කොල්ලට.
කෝප වු දෙවියන් හට නොහැකි විය
ඇය හා සටන් කර දිනන්නට.
------------------------------------------
තිස්තුන් කෝටියක් දෙවියන්ට සමකල
ඇය ලග ගෙදර බුදුන් අම්මා අසරණ වු කල් ඇත.
බුලත් ගද පිරුණු ඔබේ මුව.ඔබ මා අනෙක වරක් සිපගත්තා මගෙන් වැරැද්දක් වු කල.
අම්මාලග නොතිබුණු ආදරයක් දැක්කා මං,
කිරි අම්මාවරු එන පාන්දර.
-----------------------------------------
ඉර අවරට යන්නට තව මොහොතයි.
ඉතිං ඇයි නුඹ තවම නිදි උඩුවියන් බැද,
උඩු බැලි අතට.
නැගිටපං අත්තම්මේ මේ කොල්ලාගේ කෑ
ගහ අඩන සද්දේට.
අම්මාට පුලුවන් වුණාත් අඩමින්,
නුඹ යවන්නට.
මට බෑ... නැගිටපං අත්තම්මේ...
දෙවියන්ට පිං දීගෙන.
✒️ - මම ඔම්ශාන්
දින පොත 2023 මාර්තු 05
🥺🖤🌼🖤🌸🖤😭🖤
Saturday, 4 March 2023
සද්ධන්ත කුලේ ඇතෙක්, නොකියාම නික්ම යාමේ කතාව....
සද්ධන්ත කුලේ ඇතෙක්,
නොකියාම නික්ම යාමේ කතාව....
🌼🥺❤🌸🤴🐘
මගේ ජිවිතේ කවදාවත් අයිතිවාසිකම් නොකියු අයිතිකාරයා. ගහක මුදුන් මුල කපා දැම්මාට පස්සේ සෙසු මුල් වලින් පලක් තියෙවීද ගහට. මං පුංචීම පුංචී වරදක් ලොකු කරගෙන, උද්දච්ච තිරණයක් ගැනිම.
හඩා වැටිමෙන් හා පාශ්ච්තාප වීමෙන් අවසන් කල හැකිද ?
නෑ..... තවමත් අඩනවා තනිවෙන හැම මොහොතකම. හඩනොනගා...
ඇස් අගිස්ස වෙන තෙක් කදුලු පුරවගෙන
බිංදුවක් හෝ බිම නොහෙලා...
(2021-06-18 සෙනසුරාදා දින උදෑසන 10.34 ට ඔහුගෙන් දුරකථන ඇමතුම මා හට ලැබිණී. ගන්දෝ නොගන්දෝ කියා දැඩි මානසික පොර බැදිමක සිටින විට කුමක් හෝ අදුර්ශමාණ බලවේගයක ක්‍රියාවෙන් දුරකථනය ආන්ස්වර් කලෙමී )
❤තාත්තා - මං ඉතුවේ ආන්ස්වර් නොකරයි කියලා. මොකද මං දැන් සතියක ඉදලාද ගන්නේ.
🥺මම - හරි දැන් ගත්තානේ මොකක්ද කාරණය ?
❤තාත්තා - පුතා.. අද කියටද ගෙදර එන්නේ ?
🥺මම - ඇයි මොකටද ?.. හැමදාම එන වෙලාවට තමයි එන්නේ. මොකද මෙතැන මම නෙවෙයි නේ අයිතිකාරයා.
❤තාත්තා - අද සෙනසුරාදා. ඔයා වෙනදා වගේ 2.00 ට ඔෆ් වේලා එනවා නේද ?
🥺මම - එක කියන්න බෑ.
❤තාත්තා - පුතා තවම මාත් එක්ක තරහායින්ද ඉන්නේ ?
🥺මම - ඔව් ඇයි..... කියන්න ආවා කාරණය කියන්න මට වැල් වටාරම් ඔනේ නෑ.
❤තාත්තා - පුතා මං අද ඔයා ආසම කෑමක් හැදුවා.
🥺මම - ඉතිං මං මොනවා කරන්නද ඒකට
❤තාත්තා - පුතා ඔයා මාත් එක්ක තියෙන තරහාට මේච්චර දවසක් පිටින් කෑවා ඇති. අද ඉදං ගෙදරින් කන්න.
🥺මම - මං ආයේ කනවා නම් කන්නේ ඔය ගෙදරින් ඔයාගේ දානේ තමයි.
❤තාත්තා - හ්ම් හ්ම්
🥺මම - එක කියන්න ද ගත්තේ....
❤තාත්තා - පුතා... මම ඔයා ආසම ඉස්සෝ අල දාලා උයලා බීට්රූට් හොදි හැදුවා. කහ බතක් හදලා මැල්ලුම් මැලෙව්වා.
🥺මම - ඔව් ඉතිං දැන් කලින් කිව්වා නේ මං ආසම ඒවා ඉව්වා කියලා. ආයේ ඒවා විස්තර කරන්න ඔනේ නෑ. ඒක මං දන්නවා නේ.
❤තාත්තා - ඔයා තවම මාත් එක්ක තරහායිද ?
🥺මම - ඇයි !!! යාලුයි වගේද ඔයාට පෙන්නේ.
❤තාත්තා - පුතා මට ඔයාට කියන්න දෙයක් තියෙනවා දැන් සතියක් තිස්සේ. හා... තව ඔයා එක්ක මට තැනකට යන්නත් තියෙනවා ඔයාට පුලුවන් ද එන්න ?
🥺මම - මොකක්ද කියන්න තියෙන්නේ. සල්ලී ඔනේ, බැංකුවට ගිහිං අරන් දෙන්න කියලා නේ.
❤තාත්තා - නැහැ... නැහැ... පුතේ මට ආයේ සල්ලී ඒපා. පුතා එන්න කෝ. මම පුතා එනකං ඉන්නම්.
🥺මම - බලන්නම්... එත් මට හරියටම එනවේලාවක් කියන්න බෑ.
❤තාත්තා - හරි කමක් නෑ පරිස්සමෙන් පුතේ ඔයා. මං ඔයා එනකං බලාං ඉන්නවා
උඩගුකම උපතින්ම උරුම කරගත් මම මේ දුරකථන කතාබහ පිලිබදව කිසිදු තැකිමක් නොකලේ. මට ඔහු පිලිබදව ඇති දැඩි කේන්තිය නිසායි. මාද නැවත මගේ සුපුරුදු රාජකාරි වැඩවල යෙදෙන්නට විය
-------------------------------------------------------------------
තවමත් මම සේවා ස්ථානයේ
වේලාව දවහල් 01.55 යි
නැවත දුරකථන නාද විය. දුරකථන තිරය "අක්කා" නමින් දිස් විය.
🥺මම - ආ.... අක්කා කියන්න
🌼අක්කා - මල්ලී තාත්තාට අද ඔයා එක්ක ජාතික රෝහලට යන්න ඔනේ කියලා කිව්වා.
🥺මම - ආ.. ඔව්.. ඔව්.. කිව්වා. කොහෙද යන්න ඔනේ කියලා නම්.
🌼අක්කා - මම තව පැයකින් පොඩ්ඩක් එලියට යනවා. ඔයා එහෙනම් තාත්තාව එක්කං යන්න.
🥺මම - ඔයා ඒයාව එක්කං යන්න කෝ අක්කා.
🌼අක්කා - මං එක්කං යන්න ඇහුවා දැන් සතියක් තිස්සේ. ඔයා එක්කම යන්න ඔනේ කියලා මුරණ්ඩු වෙනවා. ඔන්න ඔහේ එක්කං යනවා තාත්තා නේ.
🥺මම - හ්ම් හ්ම්
🌼අක්කා - දැන් ඔෆ් වෙලා එනවා නේ
🥺මම - නෑ අද පොඩ්ඩක් වැඩ වැඩි ඉවර කරලාම එනවා. ( කිසිදු රාජකාරියක් නොතිබුණු අතර තාත්තා එක්ක රෝහලට යාම ප්‍රතික්ෂේප කිරිම මා විසින් ප්‍රමාද කිරිමෙන් සිදු කල යුතු බව සිතමින් බොරුවක් කිවෙමි. )
-------------------------------------------------------------------
ඉර ගිනියම් කරමින් පොළවට කාෂ්ඨකය තවරමින් වේලාව 02.30 යි බව මතක් කලේ අක්කා නැවත කෝල් එකක් ගත් බැවිනී.
🌼අක්කා - මල්ලී තාත්තාට සනිප නෑ. මං ජාතික රෝහලට එනවා. ඔයාත් එන්න.
❤මම - (නිරුත්තරයි)
🌼අක්කා - තාත්තාට ඔයා එක්ක කතා කරන්න ඔනේ කිව්වා. ඉක්මනින් එන්න.
🥺මම - (නැවතත් නිරුත්තරයි) කියන්නේ කුමක්ද කරන්නේ කුමක්ද කියා නොදැනන උන් තැන හිද ගත්තේමී.
ගිනියම් වු ඉරු එකවරම අහසෙන් පැන යන්නට ගියේය. හද තියා තනී තරුවක් වත් නැති අහසක් හා මුසල සීතලක් එක්ක මං තනිවිය.
කෙසේ කොහොම ගියාද නම් නොදනී.
මා විනාඩි කිහිපයකින් ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය අසල සිටි බව අක්කාගේ කටහඩන් මා පියවී සිහියට පැමිණිමෙන් තේරුම් ගියේය.
මල්ලී, තාත්තා පපුව රිදෙනවා කියලා කිව්වා සතියක් තිස්සේ. බොහෙත් ගන්න යමු කිව්වාම මල්ලී එක්ක යන්නම් කිව්වා. අදත් අහද්දී කිව්වා ඔයා වැඩ හැරිලා ආවාම යමු කියලා. නිකමට ගිහිං බලද්දී තාත්තා පපුව අල්ලං හිටියා. මං බයවුණා එකයි එක්කං ආවේ දැන් තාත්තා කතා කරන්නේ නෑනේ.( අක්කා එක හුස්මට කියාගෙන ගියේ මට පියවී සිහියට එන්නටවත් ඉඩ නොදී)
🌼අක්කා - තාත්තේ..... මල්ලී ආවා නැගිටලා බලන්න කෝ... (කදුලු වගුරුවමින් කියන්නට විය)
🥺මම - තාත්තේ......(දින 513 ට පස්සේ නැවතත් තාත්තා කියා මම ඇමතුවෙමී)
තාත්තා ඇස් හැර මා දෙස සිනාවක් පා
❤තාත්තා - මාත් එක්ක තවමත් තරහායිද ? මගේ රත්තරං පුතේ.... (අවසානයේ, පැණයක මා අතරමං කළේය - වේලාව 05.32 යි )
🥺💔🥺💔🥺💔🥺
මුලු රෝහලම කඩි ගුලක් වගේ. ත්‍රීවීල් රථයේ සිටි තාත්තාව රෝහල් කාර්‍ය මණ්ඩලය හදිසි ප්‍රතිකාර ඒක්කයට රැගෙන ගොස් ප්‍රතිකාර කරන බව ඒකකය දොර අසල සිටි මට දැක ගන්නට විය...
තාත්තේ.... තාත්තේ.... තාත්තේ යැයි කිවාත්. හඩක් පිට නොවන වචන, මගෙන් පිට විය.....
තවත් මිනිත්තු කිහිපයක් ගෙවී ගියේ ඒ හදක් තියා තනී තරුවක් වත් නැති අහසක් යටයි....
වෛද්‍යවරයා මගේ හැගිම් වලින් තාත්තාගේ පුතා බව දැනගත්තේය. මට ඔහු වෙතට පැමිණෙන ලෙස පැවසීය.
🌸වෛද්‍යවරයා - ඇයි මේච්චර පරක්කු වුණේ. උදේම එක්කං එන්න එපැයි ඔයාලා, එනම් ඒයාව බේර ගන්න තිබ්බා.
🥺මම - ඩොක්ටර් මට සමාවෙන්න... ( කියා බිමට ඇද වැටුණේ ඒ පැණයට මුලු ඇගම පණ නැති විම නිසායි )
🌸වෛද්‍යවරයා - මටත් සමාවෙන්න තාත්තාව බේරා ගන්න බැරි වුණා.
කලුවර අහස මුළු පොළවම වේලා ගත්තා. සිතල මුසු මුසල සුලග ගහක තිබුණ එකදු වේලුණු කොළයකට වත් රැදෙන්න නොදී බිම හෙලුවා. සප්ත මහා සාගරය එක හුස්මේ රස්නේටම හිදුණා.
ජිවිතේ එකම එක උද්දච්චකමක්, ආඩම්බරකමක්, කෝපයක්, නොවිසිලිවන්ත කමක් අදටත් මාව නොමරා මරණවා.....
සමාවෙන්න තාත්තේ.... කියා
අහස පුපුරන්න කෑ ගැසුවත්
ඇසෙන මානයක ඔයා නෑ....
ලේ බිංදුවක් හෝ නොහෙලා මං මැරුණේ. රෝහලේ තාත්තාගේ නිසල සිරුර අසල සිටින විට "තාත්තා" යන නමින් දුරකථනය නාද වන විටයි......
සමාවෙන්න තාත්තේ......
🥺❤🥺💙🥺💛🥺💚🥺🧡
දින 642 ක් ගෙවිලාත් තවමත් ඔයාගේ නමීන් ඒ අංකය මගේ ෆෝන් එකේ තියෙනවා තාත්තේ. ඔයා දන්නවාද මගේ ෆෝන් එකේ දැන් Miss Call නෑ. Call ආහපු ගමන් ම මං Answer කරනවා.ඒදා ඒ වරද මට තවමත් වද දෙනවා. මට සමාවෙන්න මගේ රත්තරං තාත්තේ.......
✒️ මම - ඔම්ශාන්







