Pages

Search This Blog

Saturday, 11 March 2023

සරත් කියන වචනේ මගේ ජිවිතේට නැතිවම බැරි වචනයක්. ඒක කොහොම, කෙසේද කියලා නම් දන්නේ නෑ. නමුත් මං දන්න එක දෙයක් නම් තියෙනවා.


සරත් කියන වචනේ මගේ ජිවිතේට නැතිවම බැරි වචනයක්. ඒක කොහොම, කෙසේද කියලා නම් දන්නේ නෑ. නමුත් මං දන්න එක දෙයක් නම් තියෙනවා. ඒ මං ජිවිතේදී සහමුලින්ම කඩා ගෙන වැටුණ දවසක් තියෙනවා නම් ඒ අද කියන්න යන දවස කියලා මං දන්නවා. නමුත් ඒදා මං නොහඩා ඉන්නේ නැතිව, ඇඩුවා නම් හෝ පණ පිටින් ඒ හැගිම් වල නොදැම්මා නම්, අද ඒවායේ විලාප වලට, මට නින්ද නොයා තියෙන්නේ නෑ. ඒ විලාප බය නිසා අදටත් මම වැස්සේ දී අකුණු කොටනවාටත් ගොඩාක් බයයි.

🖤❤🖤❤🖤❤🖤❤🖤❤

-----------------------------------------------------------


ජිවිතේදී අපි සීමීත කාලයක් එකට ගෙව්වාත්. අපි දෙන්නා එකට ඉන්න එක ෆෝටෝ එකක් වත් නැති වීම පිලිබදව මට පසුතැවිල්ලක් වගේම කෝපයක් තියෙන්නේ. මොකද අපි කවදාවත් නොහිතපු දෙයක් අපිට මුහුණ දෙන්න වුණේ. නමුත් ඔයා මට කලින් එ දේ දැනගෙන හිටියා. මේක ලියන කොටත් මගේ ඇස් වලින් කදුලු වාන් දානවා. මේ පාර නම් මං ඒවා නවතාලන්නේ නෑ. තවමත් ඒ දුක දරා ගන්න පුලුවන් මනුස්සයෙක් නෙවෙයි මං. මමත් හැගිම් දැනිම් තියෙන ඇටමස් ලේ නහර වලින් සමන්විත මනුස්සයෙක්.

"ඇයි...... 
ඇයි......  
ඇයි...... 
මට මෙහෙම කලේ " කියලා 
අදටත් මං මගෙන්ම අහන ??????
මගේ කාමරේ බිත්ති හතරේ දෝංකාර 
දෙන වචනයක් ඒක...
ඇත්තෙන්ම මාව දාලා යනකොට ඔයාට පුංචීම පුංචී වේදනාවක්වත් දැණුනේ නැද්ද ?

දෙසැම්බර් 30 සිකුරාදා දවසක්. 
ඔයාගේ මුහුණේ මං කවදාවත් නැති දිප්තියක් දැක්කා. ලොකු බරකින් නිදහස් වෙන බවක් පෙනුණා. ඇස් පවා දිප්තියෙන් දිස්වුණා. තරු පවා පැරදවිය හැකි ඒ ඇස්වලට. මං හිතුවෙම හෙට අලුත් අවුරුදු උදාවෙන නිසා කියලායි.
🖤❤🖤❤🖤❤🖤❤🖤❤

රෑට කන්න හිටියේ ඉදිආප්ප. ඔයා මගෙන් ඇහුවා මං කවන්නද කියලා. 
මම හ්ම්.... හ්ම්.... ගැහුවා මිසක්, 
ඒය ප්‍රතික්ෂේප කිරිමට තරම් මගේ හිතට හේතුවක් තිබ්බේ නෑ. නමුත් කවන අතරමගදී ඔයාගේ ඇස්වලින් කදුලක් කඩාගෙන වැටුණා, මං දැක්කාත්. ඔයා මං දකින්න කලින් ඒක පිහදානවා මං දැක්ක නොදැක්ක ගාණට හිටියා. මං කාලා නැගිටින්න හදන කොටම ඔයා ලග තිබුණ වතුර එක මගේ අතට දිලා බොන්න කිව්වා. ඔයාගේ අත් මාරම සීතලයි. මගේ අතඅල්ලන කොටම මට දැනුනා. නමුත් මට කිසිවක් වැටහුණේ නෑ. රෑ අහස දිහා බලද්දී හදත් නෑති අමාවක දවසක්ද කොහෙද ඒදා !!!...... හදත් නැති නිසා මං නින්දට ගියේ හරියටම ඔරලෝසුවේ 9.00 ට වදින කණිමේ ශබ්දයත් එක්කමයි.
🖤🖤🖤🖤🖤🖤🖤🖤

2006 දෙසැම්බර් 31 උදේ කුකුලා කෑගහන්නත් කලින්
"අයින් වෙන්න.......
අයින් වෙන්න........
ලමයාව පරිස්සමෙන් අයින් කරන්න " කියන ශබ්දයට මුලු ගේම ඇරුණේ එක මිටට බය වේලා...

ජිවිතේ දැකපු ලොකුම ගින්න එදා මං දැක්කා.
🔥🖤🔥🖤🔥🖤🔥🖤🔥🖤🔥🖤🔥🖤🔥🖤🔥

ආච්චිගේ විලාපය, සියාගේ හතරඅතට දිවිම මධ්‍යයේ මං දැක්කා තාත්තා වතුර බාල්දීයක් ගෙනවිත් ගින්න නිවනවා.

ඒ එක වතුර බාල්දියකින් ඒ ගින්න නිවුණාත්, ඇත්තම ගින්න ඇවිල්ලෙන්න පටන් ගත්තේ ඒ ගින්න නිවුණාට පස්සෙයි...

🥺 මම - අම්මේ......( කියලා යටි ගිරියෙන් කෑ ගහන්න ගත්තා) මගේ අම්මාගේ ඇගෙන් දුම දානවා...  ඒයා වේදනාවෙන් මං දිහා බලාං ඉන්නවා.

සියා - අනේ ජුඩ් ඉක්මනින් වාහනයක් ගෙන්නකෝ. නැත්තම් කෙල්ලගේ පණ මෙතැනම යයි.

🥺 මම - අම්මේ නැගිටින්න කෝ..... ( කියලා කෑගහලා අඩන කොටත් ආච්චී ගෙදර තිබ්බ ජේසුගේ කුරුස දිහා බලාගෙන පපුවට ගහා ගත්තා )

😭 ආච්චි - මට මේවා දකින්නද මගේ හුස්ම ටික ගන්න නැතිව තිබ්බේ ජේසු ස්වාමී දරුවනේ........ අඩු මාසෙන් ඉපදුණ මගේ මගේ කෙල්ලව මං හැදුවේ පරිස්සමෙන් නේ දෙයියනේ...... අද ඒකී ගිනිබත් වෙලා ඉන්නවා නේ.......

මං අත උස්සලා ඔයාගෙන් ඉල්ලුවානේද මේකිට ඉවසීම දෙන්න කියලා ජේසූ....... ඇයි??? ජේසු ඔයා මාව අත් හැරියේ...... මට වාවන්නේ නෑ ස්වාමී දරුවනේ..... මගේ පපුව පත්තුවෙනවා දෙයියනේ......... ( කියමින් ආච්චී අම්මා විලාප තියමින් අඩනවා )

අල්ලපු ගෙදර නැන්දා මාව අම්මා ලගින් ඈත් කලාත්, මම දැක්කා අම්මා ගේ ඇස් මං දිහාම බලාං ඉන්නවා.

🖤 අම්මා - "හර්ෂණ මගේ පුතේ............." කියලා කෑ ගැහුවා.

අල්ලපු ගෙදර නැන්දා මගේ කන්දෙක ඉක්මනින්ම වැහුවා...

මම කන්දෙකේ තියෙන අත්දෙක අයින් කරන්න හැදුවත් මට ඒ දේ කරන්න බැරි වුණා. මොකද මං අවුරුදු 10 පොඩි එකෙක්. ඒ දරදඩු අත් එක්ක හැප්පෙන්න බෑ. නමුත් ඒ අත්වලට ඒ විලාපයේ ඇසීම නවතාලන්න බැරි විය.

🖤 අම්මා -" අම්මේ මට දැවිල්ලයි අම්මේ...." (කියලා ආච්චි අම්මා දිහාවට හැරිලා කිව්වා)

😭 ආච්චි - ජේසු ස්වාමි දරුවනේ මගේ බඩින් වදාපු දරුවා ගිනිබත් වෙලා කෑ ගහනවා, උඹ ඔය කුරුසෙන් බැහැලා ඇවිත් මගේ කෙල්ලව බේරපං ජේසු.............  මේ අම්මාගේ කදුලුවලට උත්තර දීපං ජේසු..... (කියලා තවත් හයියෙන් අඩමින් කෑ ගහනවා මං දැක්කා )

මුලු ගේ පිරෙන්න කට්ටිය ආවා. මං කාවදාවත් අපේ ගේ මේ තරම් මිනිස්සුන්ගෙන් පිරිලා දැකලා තිබ්බේ නෑ.

අල්ලපු ගෙදර නැන්දා -" මෙයා ගොඩාක් පිච්චිලා. මං හිතන්නේ නෑ ගොඩාක් වෙලා අල්ලං හිදිවී කියලා. හුස්ම ටික ඉක්මනින් යයි. ලක්මාලිගේ තාත්තේ" කියලා නැන්දා මාමට කියනවා මට ඇහුණා.

ඒයා යන ගමන කොයි වගේද ? ඒ වේදානාව කොහොමද කියලා නොදන්නවා වුණත්. එයා ලොකු දුර ගමන් යනවා එකයි. ඒයා පිච්චීලා ඉන්නැද්දි ඒක බලාගෙන නොහඩා ඉන්න පුලුවන් කමකුයි මට තිබ්බේ නෑ. අම්මේ....... අම්මේ............ කියලා කදුලු නොආවාත් මං අඩන්න ගත්තා

🖤 අම්මා -" හර්ෂණ මගේ පුතේ.........." කියලා (මට ලග එන්න පිලිස්සුණූ වේදනාව සහිත සිරුරෙන් ඉගිකලා)

😭 ආච්චි - දෙයියනේ මං මේ දණිස් රිදෙනකං යාච්ක්දා කාලා.......... අද මාව මේ වගේ අසරණ කරන්නද ජේසූ ඒම කලේ...... මගේ බඩපපුව පත්තු වෙනවා........ මේ කොල්ලාට මං මොකක්ද කියන්නේ ජේසු ස්වාමීන් දරුවනේ.....

අල්ලපු ගෙදර නැන්දා - "ලක්මාලිගේ තාත්තේ මං හිතන්නේ නෑ ඉස්පිරිතාලෙට ගෙනියන්න පුලුවන් කියලා. මෙයා ගොඩාක්ම පිච්චීලා නේ. ගෙදරම පණයි"
මෙහෙම කියන ගමන් ලක්මාලිගේ අම්මා මාව වරුකරගෙන අම්මා ලගට එක්කගෙන ගියා.

😭 ආච්චී - " එරිනෝ...... උඹට ඔය භූමිතෙල් ඇගට වැටෙද්දී කොල්ලාව මතක් වුණේම නැද්ද? ගිනිකූර ගහන්න හයියක් කොහොමද ආවේ එරීනෝ......( කියා විලාප නගන්නීය)

ලක්මාලිගේ අම්මා මාව පිච්චීලා අන්තිම හුස්ම ටික අදින අම්මා, ලගට මාව එක්කක් ගියා.

🖤 අම්මා  - "හර්ෂණ මගේ පුතේ  ඔයා හොදට ඉගෙන ගන්න ඔනේ. අම්මා වගේ මුරණ්ඩු වෙන්න ඒපා. ආත්තම්මා කියන දේ අහං ඉන්න. අම්මා ඔයා දිහා බලාං ඉන්නවා"

"ලක්මාලිගේ අම්මේ මට තිබායි. වතුර ටිකක් කොල්ලාගේ අතින් පොවන්න කෝ"

ඉක්මනින් ලක්මාලීගේ අම්මා වතුර එකක් අරන් එන්න මාව අම්මා ගාව දමා යන්නට ගියේය. අම්මා එකවරම එයාගේ අතින් මගේ අත අල්ලන්න විය. ඒ වෙලාවේ මං හිතූවේ අත පිච්චීලා නැ කියන්නේ අම්මා බේරෙවී කියලා මයි.

🖤 අම්මා - "අම්මා එක්ක තරහා වෙන්න එපා මගේ රත්තරං පුතේ. අම්මා ඔයාට ගොඩාක් ආදරේයි මගේ මැණික". කියද්දීම ලක්මාලිගේ අම්මා වතුර විදුරුවක් ගෙනවිත් මා අතින් අල්ලං අම්මාට පොවන්නට විය තවමත් අම්මා මගේ අත අල්ලාගෙනය.

ලක්මාලිගේ අම්මා - ඇතිද එරින්...

🖤 අම්මා - අක්කේ මගේ කොල්ලාගේ අතින් වතුරත් බිව්වා. මට දැන් සැනසිල්ලේ යන්න පුලුවන් අක්කේ. මගේ කොල්ලාව බලාගන්න.

තාත්තා හා සියා ත්‍රිවිල් එකක් ගේ අසලටම ගෙනාවේ. අම්මාව රෝහල කරා ගෙන යාමටයි. ත්‍රීවීල් එකෙන් බැස නිවස ඇතුලට හා තාත්තාත් සීයාත් අම්මාව ඉස්පිරිතාලෙට එක්කගෙන යාමට වත්තම් කරද්දී

🖤 අම්මා - ජුඩ්....... මම යනවා ලමයින් ටික පරිස්සමෙන්. මට සමාවෙන්න. කොල්ලාව අයියෙන් අල්ල ගන්න කියලා මගේ අත තාත්තාගේ අතට භාර දී ඒයා සදහටම මගේ අත අත්හරින ලදී.

😭 ආච්චී - "ජේසු ස්වාමීන් දරුවනී මොකක්ද මේ කලේ. මගේ කෙල්ලව ඇයි මට කලින් ඔයා ගවට ගත්තේ"   කියලා කෑ ගසා අඩද්දී. මෙතෙක් නොහඩා සිටිය අය පවා අයියෝ.....අයියෝ..... කියා අඩන්න ගත්තේය..මුලු ගේම කදුලු හා විලාප වලින් පිරියන්නට විය..
කුමක් වුවේද ? කුමක් කරන්නද ? කියා මගේ පුංචි හදවතට වගේම මගේ දෙසවන් වලටද දරා ගන්නට නොහැකි විය. මං ක්ලාන්ත වන්නට විය.

ඔන්න ඔහොමයි සරත් කියන කොළ හැලෙන සෘතුව මගේ ජිවිතේට ලං වුණේ අදත් හෙටත් හැමදාමත් සමහර දේවල් අපි එක්ක බැදිලාම තියෙනවා හරියට සරත් සෘතුව වගේ. අම්මෙක් නැති ලමයින්ට වසන්ත සෘතුවක් නෑ කවදවත්ම ඉතුරුව ඇති එකම සෘතුව සරත් පමණී..

අදටත් මං ඇගේ සොහොන් කොතට නොයන්නේය. මන්දයත් කරදඩු උස්මහත් වුවද හදවත තවම මුදු මොලොක් බැවින්...
ඔබට මෙවන් විපතක් කිසි දිනක නොවේවා
🖤❤🖤❤🖤❤🖤❤🖤
🌸🌼🌸🌼🌸🌸🌼🌸🌼

✒️  මම ඔම්ශාන්