Pages

Search This Blog

Sunday, 5 November 2023

 


මේ ජිව්ත ගමනේදී අපිට වෛවර්ණ තවරාගත් අය සේම තනිවර්ණ දවටා ගත් අයද මුණගැහෙනු ඇත. ඒ මුණගැසිම් වලින් එක් අයෙකුට ඔබගේ මුළු ආත්මයම සංතෘප්ත කිරිමේ හැකියාව ලැබෙන්නේය. ඔබත් මමත් ඒවැනි දෙන්නෙකී. මම කාල වර්ණ නම් ඔයා ධවල වර්ණය. එකම කාසියක දෙපැත්තක් අප දෙන්නා. මට අපගේ හමුවීම අවර්ණ නමුත් අපගේ කිලෝමීටර් 158 ක දුරස්ථභාවය මොනාලිසාගේ පින්සල් සලකුණු ලෙස මා සියුම්ව හදවතේ චිත්‍රණය කලෙමී.....
🧡  🧡  🧡  🧡  🧡  🧡  🧡  🧡  🧡  🧡  🧡

අත් බැදන් දුර ගියත් එකම පාරක වෙලී...
අතරමග දුටුවේ නැහැ කිසිදාක මල් වෙඩී...
ඉතිරි කරගෙන කදුළු අඩන්නට හොද හැටී...
අහිමි වන බව දැන ම පෙම් කරපු උන් අපී...
🥺🌸 ❤️🖤  🥺🌸 ❤️🖤 🥺🌸 ❤️🖤

2023-02-19 පස්වරු 05.20 යි

Message tone එකේ සද්දේ නිසා Phone එක අතට අරන් බැලුව, මට උන් හිටි තැන් පවා අමතක වුණා.

"මගේ ආත්මය නුඹ 🌍❤️" ලෙස Save කරපු නම්බර් එකකින් මේ Message එක ආපු නිසා

මමත් ආපු Whatapp Message එකට Replay නොකර ඉන්න බැරි නිසාම මගේ සුපුරුදු හැලී කෑලී නැතිව "හ්ම් හ්ම්" කියා Send කලා.

එයා 💙 -
ඔමී අයියේ ඔයා හොදින්ද ?
ඔයාට පුලුවන් ද මේ කවිය තියෙන පොත මට හොයලා කියන්න ?
ඔයා මේ කවියේ තේරුම දන්නවාද?
කියලා Whatapp Messages ආවා

මමත් හිතට ධෛර්ය අරන් Messages කියවන ගෙන යද්දී ඇස් වලින් කදුළු වාන් දාන්න ගත්තා. වේලි ගෙන ආපු තුවාලයක් ආයේ පැරූවා වගේ. මේ එක්කම බස් එක බස් හෝල්ට් එකේ නතර කලා. මම කිසිම දෙයක් ගැන හිතන්නේ නැතිව බැස්සේ මම බහින්න ඔන බස් හෝල්ට් එක කියලාවත් නොදැන.

එයා 💙 - ඔයා ඇයි නිශ්ශබ්ද ඔමී අයියේ....

මම උන් හිටි තැන පවා අමතක නිරුත්තර මිනිහෙක් කියලා එයාට Message එකක් යවන්න හදද්දීම එක පාරටම "මගේ ආත්මය නුඹ 🌍❤️" නම්බර් එකෙන් කෝල් එකක් එනවා. ඒ එයා....

දැන් නම් ඇත්තටම මාව හීතල වුණා කෑගහලා අඩන්න තරම් දුකක් හිත ඇතුලේ තෙරපෙනවා. ඒත් මම ඉන්නේ පාරේ කියලා හිත හදාගන්නත් බෑ. මම ඉක්මනින් විහාරමහාදේවී පාර්ක් එක ඇතුලට ගියේ ඔන දෙයක් වෙච්චදෙන් මම මේ කෝල් එක ආන්සර් කරනවා කියලා හිතලා.

මම ❤️ - හලෝ......

එයා 💙 - ඔමී අයියේ...... ඔයා හොදින් නේ.....

මම ❤️ - හ්ම් හ්ම්

එයා 💙 - ඔමී අයියේ ඔයා ඒ කවිය තියෙන කවි පොතේ නම දන්නවාද

මම ❤️ - ඔව්...... ඒක අම්මපයි මං කඩුව දුන්නා කවි පොතේ කවියක්

එයා 💙 - ඔයාට මාරම මතකයක් නේ තියෙන්නේ අයියේ, කවිය කිව්ව ගමන් පොතේ නම කියන්න.

මම ❤️ - මං හිතන්නේ මම ඒවාට ඇබ්බැහි වුණ නිසා වෙන්න ඇති

එයා 💙 - අනේ සොරි සොරි... මට අමතක වුණා ඔයා ඒ දවස් වල ඉදන්ම කවී වලට ආදරෙයි කියලා... මගේ කවීකාරයෝ මට සමාවෙන්න

මම ❤️ - කමක් නෑ.... සමහර ඒවා හරි ඉක්මනින් අමතක වෙනවා නම් හොදයි. නැත්තම් ඒක මහාම මහ මුසල හැගිමක් වෙනවා....

එයා 💙 - ඔයාට පුලුවන් ද මට ඒ කවි පොතක් හොයලා දෙන්න. මට යන්න කලින්.

මම ❤️ - ඔයා යනවාද ? ? ? ? ? ? ?

එයා 💙 - එයා ඔව් අයියේ මම යනවා.... හා මේ යන්නේ කවද්ද කියලා දන්නවා ද ?

මම ❤️ - නෑ

එයා 💙 - මෝඩයෝ ඒ ඔයාගේ උපන්දිනය දවසේ

මම ❤️ - මගේ උපන්දිනය දවසේ.....

එයා 💙 - ඔව්! ඔව්! මගේ නිරුත්තර හීනවල අයිතිකාරයෝ....  මම යන්නේ සැප්තැම්බර් 20 දවහල් 3.00 ට

මම ❤️ - ඔයාට මගේ උපන්දිනය මතකද?

එයා 💙 - ඔයා කලින් කියපු දේ තමයි මටත් කියන්න තියෙන්නේ අයියේ "සමහර ඒවා හරි ඉක්මනින් අමතක වෙනවා නම් හොදයි. නැත්තම් ඒක මහාම මහ මුසල හැගිමක් වෙනවා...."

මම ❤️ - හරි පරිස්සමෙන් යන්න. මං ගාව වැඩිපුර අම්මපයි කඩුව මං දුන්නා පොතක් තියෙනවා මම එක ඔයාට දෙන්නම්

එයා 💙 - හරි හරි මම යන දවසේ ටිකක් කලින් එන්නම් ටවුන්හෝල් එකට. ඔයාව හම්බවෙලා විහාරමහ දේවී පාර්ක් එකේ ඇවිදලාම යන්න.

මම ❤️ - එපා!!! එපා!!! ඔයි

එයා 💙 - ඒ ඇයි අයියේ....

මම ❤️ - දැන් නම් "අ" යනු "ස" යනු මැද්දේ ජිවත් වෙලා මට මාරම මහන්සි. ඔයා Address එක එවන්න මම තැපැල් කරන්නම්.

එයා 💙 - ඔමී මට ඔයාව බලන්න ඔනේ අන්තිම පාරට... මොකද අපි ආයේ කවදා හමුවේවීද දන්නේ නෑ. අනික මේක අපේ දෙවැනි හා අවසන් හමුවීමයි...
මට ඔයාගේ හිත පැහැරෙන්න ඔයාව ඉඹින්න ඔනේ.
අන්තිම පාරටවත් ඒ සුවද මගේ කරගන්න ඔනේ. ඔයාගේ ඔය ඇස් අඩනවා බලන්න ඔනේ.

මම ❤️ - මේක අපිට හීන දකින්න අයිතියක් නැති ලෝකයක්. ඉතිං අපි මේ දකින දේ හීනයක් විතරක් වේවී ළමයෝ. එකේ වේදනාව අපේ ආත්මයන් පවා පුච්චලා අළු කරාවී, ආයේ සලකුණක් වත් ඉතුරු නොවෙන්න.

එයා 💙 - මම ඔයාට ඔමී කියන්නද ඒක මගේ හිත සැහැල්ලුවක් දනවනවා...

මම ❤️ - හා ඔයාගේ කැමැත්තක්.

එයා 💙 - මට පොරොන්දුවක් ඔනේ ඔමී..

මම ❤️ - මොකක්ද

එයා 💙 - ඒ සැප්තැම්බර් 20 මම ඔයාව බලන්න එනකං අම්මපයි මං කඩුව දුන්නා පොත පරිස්සමෙන් තියාගන්නවා කියලා.

මම ❤️ - බලමු

💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚
දෛවය මමත් සමග කරන සෙල්ලම සුළුපටු නැත. ඔව්...... කවිවලට ප්‍රේම කරන බව සත්‍යයකි. ඒ ප්‍රේමය නිසා වේදනා විදින මගේ හදවතේ අභ්‍යන්තර තුවාල වලට ඖෂධයක් ලෙසයි.

අන්තර්ජාලයෙන් අම්මපයි කඩුව දුන්නා පොතක් ඇණවුම් කලේ ඒ ඇති වු තුවාල ඉතා ඉක්මනින් සුවකර ගැනිමට හැකි වනු ඇතැයි සිතමිණි . දැන හෝ නොදැන එකම පොත මා දෙවරක් ඇණවුම් කර ඇත. ඒ බව දන්නෙත් එකම දිනක දෙවරකට පොත් දෙක පැමිණිමෙන්ය. එදින නාගරික කොමසාරිස් කාර්‍යාලායේ සේවයේ කරමින් සිටි මම ඒ අම්මපයි පොත් දෙක රැගෙන විහාරමහා දේවී උද්‍යානය දෙසට දිගු කර ප්‍රාර්ථනා පිරූවේ එකකී. ඒ " මේ පොත් දෙකෙන් එකක් මට අනික ඔබට කියාය " 

නමුත් දැන් නම් දෛවයේ මේ ක්‍රියාවට මුහුණ දිමට තරම් මා ශක්තිමත් පුද්ගලයෙකු නොවෙමී. සැප්තැම්බර් 20 මා කුමක් කරන්නේ ද යන්න දැඩි උදාසීන බවින් මමත් මගේ හදවත් පසුවන්නේය..

මම යනවා එයාව හම්බ වෙන්න..........

නෑ මම යන්නේ නෑ එයාව හම්බ වෙන්න........

කුමක් කරන්න ද කියා ලැතැවෙමී මම.
❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤

වැස්සකට පොළොව මත බොහෝ ගස් මුල් තෙමෙයි...
එහෙව් හැම ගසකින්ම කල් යද්දි මල් පිපෙයි...
හිතවතුනි ප්‍රේමයට නොයෙක් පැහැ තටු තිබෙයි...
මල් වලට පෙම් කලෙත් බඹරු චිතරක් නොවෙයි...
🌼🌸❤️🖤
හීන with shashi


✒️ මම ඔම්ශාන්
2023 - 08 - 30

සමලිංගික විවාහ සඳහා අවසර දෙන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය රජයට නියෝග කරයි


සමලිංගික විවාහ සඳහා අවසර දෙන ලෙස ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය රජයට නියෝග කරයි

- Indian Media - adaderana.lk
❤🌸  ❤🌸  ❤🌸  ❤🌸  ❤🌸

සමරිසි යුවළකට දරුවන්  සෑදීමේ අයිතිය ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අද  තහවුරු කරන ලදී.

2018 වර්ෂයේ දී ඉන්දියාව සමරිසි සම්බන්ධතා නීතිමය වශයෙන්  තහවුරු කරන ලද අතර අද  ලබා දුන් තීරණයද ඓතිහාසික වේ.

සමරිසි විවාහ සම්බන්ධ තීරණය ගැනීම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඉන්දියානු  පාර්ලිමේන්තුවට පවරා ඇත.
(උපුටා ගැනිම අවසන් )
----------------------------------------------------------------

ලාංකීකයන් වශයෙන් බොහො දෙනෙක් මගෙන් අසන පැනය වන්නේ සමලිංගිකත්වය නිතී ගත කලයුත්තේ ඇයිද යන්නයි...
සිරකරුවෝ ද මනුස්සයෝය පමණක් නොව සමලිංගිකයෝද  මනුස්සයෝය යන්න පැහැදිලි කලයුතුව ඇත. තවමත් වික්ටෝරියානු යල් පැනගිය නිතී පද්ධතියකින් පාලනය වන අප ලෝක සෞඛ්‍ය සංවිධානය සමලිංගිකත්වය මානසික රෝගයක් නොවන බවට ප්‍රකාශ කර ඇති පසුබිමක එම ප්‍රජාවගේ ජිවත් වීමේ අයිතිය තහවුරු කල යුතු නොවේද?

තවමත් තමන් කැමති සහකරු හෝ සහකාරිය සමග ප්‍රේමයෙන් බැදීමට හා විවාහ ජිවිතයක් ගත කිරිමට, දරුවන් රැකබලා ගැනිමට ඔවුන්ට අවසර ලබා නොදීමට ඇති සදාචාරාත්මක අයිතිය කවරේද?

දණ්ඩ නිතී සංග්‍රහයේ  365 සහ 365 (අ) වගන්ති මගින් හා අයාලේ යෑමේ පනත මගින්ද දැනටමත් සමලිංගික ප්‍රජාවගේ ජිවත් වීමේ අයිතිය අපගේ නිතී පද්ධතිය විසින් අභියෝගයට ලක් නොකරන්නේද?

නිතීය ඇත්තේ සමාජයේ යහපැවැත්ම උදෙසා වන අතර ඒම නිතී පද්ධතිය නිසා කිසිදු ජන කොට්ඨාසයකට අගතියක් සිදුවිය නොහැක. අප දිර්ඝ ඉතිහාසයක් ඇති සේම යහපත් සදාචාරාත්මක සංස්කෘතිකයකට උරුමකම් කියන සමාජයක් ලෙස සමලිංගික ප්‍රජාවගේ ජිවත්විමේ මුලික අයිතිය උල්ලංගනය කල යුතුද?

සබුද්ධික ජන සමාජයක් ප්‍රජාතන්ත්‍රවාදී පාලනය පිළිබඳව දැඩි විශ්වාසයකින් පසුවෙන අතර ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම නිතී රිති අණ පනත් තුලින් ප්‍රතිස්ථාපනය කරයි. යම් නිතියක් මගින් යම් ජන කණ්ඩායමකට හෝ ජන කොට්ඨාසයකට ලබා දෙන පිළිගැනිම සදාචාරසම්පන්න සමාජයක් පිළිගෙන ඒ සදහා අනුගත වෙයි.

සමලිංගික ප්‍රජාවට සමාජය තුළ යම් පිළිගැනිමක් හා සමාජ සන්දර්භයේ අවස්ථා ලබා දීමට නම් නිතීමය රාමුව තුල දී ඔවුන්ට ඇති නිතීමය අවකාශය පුළුල් කල යුතු අතරම ඔවුන්ව අභියෝගට ලක් වන නිතී පරිච්චින්න කල යුතුව ඇත. ශිෂ්ට සම්පන්න සමාජයක යම් ජන කණ්ඩායමකට හෝ ජන කොට්ඨාසයකට පිළිගැනිම ඇති වන්නේ එම සමාජයේ පිළිගත් නිතී පද්ධතියේ අවසරය ලැබෙන විට බැවින් සමලිංගික ප්‍රජාවට සමාජයේ පිළිගැනිමට සමලිංගිකත්වය නිතී ගත කල යුතුව හෝ එය අභියෝගයට ලක්වන නිතී ඉවත් කල යුතුව ඇත.

තවද ඉන්දියාව ආසියාතික රටක් වුවත් ඉතාමත් ප්‍රගතිශීලී පියවරක් ගෙන ඇත. ඔවුන්ගේ මෙම ක්‍රියාවලිය මගින් ආසියාවේ අනෙකුත් රටවල සිටින  සමලිංගික ප්‍රජාව ලිංගික ශ්‍රමිකයන් ලෙස බලන සමාජයට අතුල් පහරක් දී ඇත. සමලිංගිකත්වය නිර්සාපරාධිකරණයෙන් නොනැවති ඔහුටද ඉතාමත් සදාචාරසම්පන්න ලෙසත් ශිෂ්ට ලෙසත් ජිවත් වීමට පාර්ලිමේන්තු කමිටුවකින් අවකාශය ලබා දීම ඉන්දිය අධිකරණ නිර්දේශ කොට ඇත. සමලිංගික ප්‍රජාව වෙන් කොට සැලකිමෙන් ඉවත්ව අනෙකුත් සමාන්‍යය පුරවැසියන් ලෙස සැලකිමට ඉන්දියාව ඉදිරි අනාගතයේ දී කටයුතු කරන්නේය.

ලාංකීකයන් ලෙස අප ද මෙවැනි ගෝලීය ක්‍රියාමාර්ග දෙස ඉතාමත් විනිවිදභාවයකින් නිරික්ෂය කර ලංකාවේ සිටින සමලිංගික ප්‍රජාවට ඔවුන්ගේ අයිතිය ලබා දීමට අවශ්‍ය සමාජ සන්දර්භය හා දේශපාලන වටපිටාව සකස්කළ යුතුව ඇත. ලෝකය යාවත්කාලීන වෙමින් පවතින බැවින් ලංකීකයන් වන අප ද ලිං මැඩියන් සේ පූජ්‍ය වස්ත්‍රයන්ට හා හිස කෙස් පැසුණු මතයන්ට වසන් නොවී නව ලෝකය කරා ඉගිලීමට නම් සමලිංගික ප්‍රජාවට ද ඔවුන්ගේ ජිවත් විමේ අයිතිය ලබා දෙමින් ශිෂ්ට සම්පන්න සමාජයක් කරා පියනගමු.

✒️ මම ඔම්ශාන්
📷 ජායාරුපය හා උපුටා ගැනිමේ අයිතිය Thushara Manoj සතුය.

"ඒක වර්තමානයට රැගෙන නොඇවිත් අතීතයේම තියෙන්න ඉඩ හරින්න" 🌼 පිටුව 213

 


මාව මේ මහා විසල් ජිවිතේ අතරමං කරන්න පුංචීම පුංචී වචන ටිකකට හෝ එකදු බැල්මකට හැකී.


නගර ශාලාව කියන්නේම වික්ටෝරියානු සුළගට ප්‍රේමය මදි නොකියන්න මුසු වෙච්ච තැනක්. ඒ කාර්‍යබහුල හුස්ම අස්සෙත් මාව උඩුයටිකුරු කරන්න පුලුවන්  ඇස් කොණකින් බලන අය හමුනොවුණාම නොවෙයි.
🧡 💛 💚 💙 💜 ️❤️ 🖤

නමුත් මේ දේ ගෙතෙන්නේ වචන වලින් මාව, හුරුපුරුදු තැනක අතරමං කල අනුලා ගැන.

"කෙනෙකුගේ හිතේ තවත් කෙනෙකු පිළිබඳව ඇතිවෙන ආදරයක් හෝ වෛරයක් එක මොහොතකින් උදුරා විසි කල නොහැකි බවය. එය කොතරම් පළුදු වුවත් අවුරුදු ගණන් ගතවී, බාගවේලාවට මරණාසන්න මොහොතේදී පවා හිතට බලපෑම් කල හැකිය."
🌼 පිටුව 213


ඔව් සමහර මිනිස්සු තම ප්‍රේමය වහලේ ඇති කුඩා සිදුරකින් පලා ගිය පසුත්, තනිමංසලයන් හී අතරමං වෙන්න මේ හේතුව බලපාන්නත් ඇති. කොපමණ උත්සහා කලත් හදවතේ පුංචීම පුංචී කෝණක ශේෂ වී ඇති, ඒ ප්‍රේමය තමන්ට මරණ මොහොතකවත් අමතක නොවන්නේ අන්න ඒ නිසා වෙනී...

"ඒක වර්තමානයට රැගෙන නොඇවිත් අතීතයේම තියෙන්න ඉඩ හරින්න"
🌼 පිටුව 213


Mohan Raj Madawala මේ කරන අකුරු කිරිම මාව පණ පිටින් ඉදිද්දී ම පපුව පසාරු කරගෙන, මගේ රුධීර නාලිකා වලට ප්‍රේමය මුසු කරන්න හදනවා වැනිය. එක් පසකින් කාර්‍යබහුල බව තවත් පසකින් ප්‍රේමය මුසු වු වික්ටෝරියානු සුළග, තවත් එක පරිච්ඡේදයක් හෝ කියවන්න බැරි තරම් ඇස් ද රතුවී ඇත.

අනුලා... අනුලා... අනුලා...
ඇයි ඔයා ඔච්චර ඉවසන්නේ.
ඔයාගේ අතේ තියෙන කිරිච්චියෙන් මේ පපුව පසාරු කරන්න. ඔයාගේ කතාවත් මගේ කතාවම වුණාට, මම නොඉවසුවා ඔයා ඉවසපු හැම තැනකම.

අකුරෙන් අකුර, වචනෙන් චචනය, පිටුවෙන් පිටුව, පරිච්ඡේදයෙන් පරිච්ඡේදය මට මේ කෙන්දගම් පොළව අමතක කරලන්න, අනුලා ඔයාට පුලුවන් වුණා.

මේක තමයි අවසානය, ඇත්තටම අනුලා ඔයා විතරක් නෙවෙයි. මේ පිරිමියාත් ඇඩුවා. ඒ සහ විශාල විහාරමහා දේවී බුද්ධ ප්‍රතිමාව දිහා බලාගෙන.

" මෙලොව ජිවත්වත් කවරකුට වුවද ආදරයෙන් ස්පර්ශ කරන ලද හදවතක්, තියුණු කඩු පතකින් පසාරු කිරිම කල නොහැකිය. එහෙත් මෙලොව ජිවත් වුවත් හදවතින් මිය ගිය කෙනෙකුට එය කිසිවිටෙක අපහසු නැත"
🌼 පිටුව 228


වාසුකි... ඔයා පසාරු කලේ තිස්සගේ පපුව විතරක් නෙවෙයි. රිදුණේ අනුලාට විතරක් නෙවෙයි. ඇඩුවේ අනුලාගේ ඇස් විතරක් නෙවෙයි.

බුර බුරා නැගෙන ගිණි දැල් වගේ, වාසුකී ඔයා තිස්සට වෛර කලේ නම්. ඇයි ? අනුලාගේ අන්තිම මොහොතේ දී....
ඔයා තියපු ගින්නට තිස්ස එක්ක අනුලාට දැවිලා නිවෙන්න නොදුන්නේ. වාසුකී, ඔයා අනුලා ඉස්සරහා පැරදුණා නේද. තිස්ස ඒ දේ දන්න නිසායි ඔයාට පපුව පසාරු කරන්න ඉඩදුන්නේ කියලා දැණුනා නේද...

පිටු 288 කින් රැජිණ පොත Mohan Raj Madawala ලියා අවසන් කලාත් දෙදිනකින් මාද එය කියා අවසන් කලද, තවමත් මම අනුලා සමග හැම රෑකම වැලපෙමී. තිස්ස සමග අනුලා දිහා ආඩම්බරයකින් බලා හිමී. වාසුකී සමග අනුලාට ශාප කරමී. මොහාන් රාජ් මඩවල සගවපු මිත්තා සමග මම ගිනි ගෙන දැවෙන රාජ මාළිගාවෙන් එලියට අනුලා එනතෙක් බලා හිමි.

අවසානයට මෙපමණකී මට සමාවෙන්න අනුලා රැජිණියනී 👑 ❤️🥺

✒️ මම ඔම්ශාන්

Monday, 17 July 2023

ඇයි ඔයා හැමදාමත් හැමදේකටම හ්ම් හ්ම් කියන්නේ, ඒක ඔව්ත් නැති නෑත් නැති හිස් වචනයක්


ජිවිතේ කියන්නේ රග මඩලක් අපි එහි නලුවන් වෙති කියලා ප්‍රසිද්ධ කියමනක් තියෙනවා. ඔව්.... ඒම කියමන ඔබට මට සාපේක්ෂයි. මං අද කියන්න යන්නේ මට මගේ ජිවිතේ මහාම මහා වෙනස්කම් කිහිපයක් කරන්න පුලුවන් කමක් තිබ්බ හා කරපු මනුස්සයෙක් ගැන. හීනයකින් වත් මං නොහිතපු, මං පුංචී කාලේ ඉදලාම පරිකල්පනය කර සිටි මනුස්සයෙක් නොවුන කෙනෙක් එයා, මම සර්ව සම්පූර්ණ නැති මිනිස්සු නැහැ නේ කියලා එයාව ලං කරගත්ත නිසා මගේ ජිවිතේ මං අද මේ තැනට ආවා.
❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤

"හදවතේ නිරුවත නුඹට හංගන්න බෑ මගෙන් ගැලවී ගියත් හිතෙන් ගැලවෙන්න බෑ... "

මේ තමයි ඒයාගේ ෆෝන් එකේ Welcome Tune එක. මේක මීට වසර කිහිපයකට කලින් නම් මට හරිම හුරුපුරුදු ගීතයක්. මොකද මට මුලින්ම ආදරේ කරපු කෙනා ඒයා. කියන්න නම් ගොඩාක් දේවල් තියෙනවා එයා ගැන නම්, කොහොම කියන්නද කියලා නම් හිතා ගන්න බැරි තරමට අසරණ වෙනවා, ඒ අතීතයට යන්න වුණාම. "තොල්පෙති විතරක් පලමු හාදුවෙන් තෙමන්න" කියලා දුන්න කෙනා. අපි අතර වයසින්, අත්දැකීම්, අදහස් වලින් පරතරයක් තිබ්බාට කවමදාකවත් ආදරේදී පරතරයක් නොතිබුණා. මොකද ඒයා මට ඒ තරම් කාර්‍ය්ලය තුලදී ආදරේ කලා. මට අදටත් සමහර ප්‍රශ්න එයාගෙන් අහන්න තිබ්බාත් නොඅහා ඉන්නේ " හර්ෂණ මට පොඩ්ඩක් නිදහසේ ඉන්න ඔනේ කියන නිසායි ". මං එයාට කොයි තරම් ආදරේ කලාද කිව්වෝත් මම ඒ කාර්‍යාලයට සමුදී කොළඹ මහා නගර සභාවේ වැඩට ආවාම "හර්ෂණ" කියන නම මාව රිදවාවී කියලා මම අකමැතිම නම "ඔම්ශාන්" පාවිච්චි කරන්න පටන් ගත්තා. මොකද හර්ෂණ කියලා මට කතා කරන්න අවසර තිබ්බේ ඔයාටයි අම්මාටයි විතරයි කියලා කවුරුත් නොදන්න නිසා.

--------------------------------------------------------------------

දවසක් මට මගේ කාර්‍යාලයේ වැඩකට එළියට යන්න වුණා. වෙලාව දවල් 1.00 යි මගේ කෑම එක බෑග් එකේ තවම වැඩේ ඉවර නැති නිසාත්, වැඩේ ඉවර වෙද්දී හවස් වෙන නිසාත්, කාර්‍යාලයට කෝල් එකක් දීලා

"අක්කේ මගේ කෑම එක කාට හරි දෙන්න වැඩේ ඉවර වෙද්දී තුන තුනාමහාරවත් වෙයි කියලා ෆෝන් එක තිබ්බා"

මම ඉතිං ඒ කාර්‍යාලයට අලුත් නිසා මං ගාව මාත් එක්ක වැඩ කරන අක්කාගේ ෆෝන් නම්බර් එක හැරෙන්න වෙන නම්බර් තිබ්බේ නෑ. වෙලාව සෙමින් සෙමින් ගෙවිලා ගියා. වෙලාව 2.43 යි මට නාන්නාදුනන අංකයකින් කෙටි පණිවිඩයක් එනවා. මෙන්න මෙහෙම

"හ්ම් හ්ම් කෑම නම් මාරම රසයි. මං කැමතිම කෑම සෝයා මීට් තිබ්බා හ්ම්  නමුත් මං අකමැති කෑමකුත් තිබ්බා ඒ කැරට්. කොහොම වුණත් කෑම එක රහයි හ්ම් හ්ම්. අම්මාට කියන්න ආයේ දවසක මට කෑම එකක් ඔනේ කියලා හ්ම්. පරිස්සමෙන් එන්න මැට්ටෝ "

🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼

වැඩ නිසා හෙම්බත්වෙලා හිටිය මං මැසේජ් එක බලලා පිළිතුරක් හෝ කවුද කියා හෝ නොවිමසා මට තිබුණ වැඩේ දිගටම කරනගෙන ගියෙමී. කාර්‍යාලයේ පැවරූ වැඩේ අවසන් කර නැවත කාර්‍යාලයට ගිය මම 5.45 බැවින් ඔෆ් එක අත්සන් කර ගෙදර යන්නට බස් හෝල්ට් එකට ගියෙමි. කටකපලා බස් එකේ සෙනග මමත් අමාරුවෙන් බස් එකට නැග්ගේ මරදානින් කෝච්චීයේ යන අය බැස්සාම ඉදගන්න සීට් එකක් ලැබෙයි කියලා. හිතුවා හරියටම හරි සීට් එකක් ලැබුණා. Facebook යන්න කියලා ෆෝන් එක අතට ගත්ත මං, ආවා මැසේජ් බලද්දී කලින් ආවා මැසේජ් එක නැවත වරක් කියවෙව්වා. පස්සේ RepLY කරනවා කියලා හිතාං ඒ නම්බර් එක  UNKNOWN කියලා Seve කරගත්තා. ඔන්න ඔහොමයි මගෙයි ඒයාගෙයි පලමු කතාබහ සිද්ධ වුණේ.

--------------------------------------------------------------------

ටික දිනක් ඔහේ ගෙවිලා ගියා. ආයේ UNKNOWN නමින් මට කෙටි පවිඩයක් ලැබුණා.

" හ්ම් හ්ම් මං එන ගමන් ඉන්නේ. ඔයා කන්න ඒපා දැන්ම හ්ම්. මම ඔයාටත් එක්ක කෑම ගෙනවා ඉන්න මං එනකං හ්ම් හ්ම්.

මම තුස්නීන් භූතවෙලා බලාං හිටියා ඒ කවුද මැසේජ් එක එවපු කෙනා කියලා. කොහොම හරි කෑම මේසේට වෙලා නොකා බලං ඉද්දී මෙන්න මෙයා ආවා

"හ්ම් හ්ම් ඉන්නවා නේ මං හිතුවා ඔයා කාලා ඇති කියලා හ්ම්" 

මට එක පාරටම හිනාවක් ගියා. කොහොම හරි නොහිතපු වෙලාවක හා සැලසුම් නොකල විදිහට අපිට එකට කන්න සිද්ධ වුණා. දෛවය මං විශ්වාස කරන්න විශාලතම හේතුවත් එකක් ඒක. ඒවගේම කාර්‍යාලයෙන් හැමෝමව කෑම කන කණ්ඩායම් වලට බෙදලා දැම්මාම අපි දෙන්නාට එක කණ්ඩායමක එක ළග පුටුවලට වැටුණේ. එක නම් අපි දෙන්නාම කියලා නෙවෙයි. ඔන්න ඔහොම කාලය ගෙවිලා යන්න ගියා.

2018 අප්‍රේල් 07 සෙනසුරාදා සිංහල දෙමළ අලුත් අවුරුද්ද නිසා අපිට සති දෙකක් නිවාඩු දුන්නා. මමත් කට්ටියගෙම පඩි හා බෝනස් හදලා මහන්සි වෙලා හිටියේ හොදටම. මගේ මේසයත් අස් කරලා ගෙදර යන්න ලෑස්ති වෙලා පහලට ගියා වතුර එකක් බිලා යමු කියලා. එතකොටම කවුදෝ ඔෆිස් එකේ කුස්සියේ මොකක්දෝ කරන සද්දයක් ආවා. මම බලද්දී ඒ එයා.

මම - මොකද කරන්නේ යන්නේ නැද්ද

එයා - හ්ම් හ්ම් නෑ යනවා. මගේ ඔලුව කැක්කුමයි එකයි මේ ඉගුරු දාලා කෝපී එකක් බීලා යන්න බැලුවා හ්ම්

මම - හරි මං යනවා ඔෆිස් එකේ කවුරුත් නෑ. Workshop එකට මොනවත් නැහැනේ ගන්න.

ඒයා - හ්ම් හ්ම් මං හිතන්නේ නෑ. ඔයා යන්න මමත් මේක බිලා සිකියුරිටි අංකල්ට යතුර දිලා යනවා....

මම - හරි ඔයාත් පරිස්සමෙන් යන්න.

ඒයා - ආ......... හර්ෂණ දෙයක් අහන්න තියෙනවා හ්ම් හ්ම්

මම - මොනවාද

ඒයා - හ්ම් හ්ම් කවුද කෑම හදන්නේ උදේට හ්ම්....

මම - මම ඇයී....

ඒයා - හ්ම් හ්ම් හැමදාම අම්මාට කියන්න කෑම රහයි කියලා ඔයාට මං කියද්දී ඇයි නොකිව්වේ හ්ම්

මම - මම නිරුත්තරයි. ඇස් ඇග කදුලු

එයා - හ්ම් හ්ම් මොකෝ මේ පොඩි එකා වගේ හ්ම්

එයා මගේ ළගට ඇවිදින් මා දැඩි ශක්තිමත් උණුසුමක් ලබා දීමට සිතා වැළද ගන්නා ලදී. ඒ වැළද ගැනිම අවසන් වුයේ ඒ දෙතොලෙහි රැදි කෝපී රසය මා දෙතොල් වල රදවාය.

🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️

කාලය ගෙවීයන්නට විය දැන් අපී ප්‍රේම කරන්නට විය. මං මේ ලොකේ ආසම තැනවන කලාභවන අසල ඇති වික්ටෝරියා පිළිරුව වෙතට මා පුදුම කරමින් ඒයා මා රැගෙන යන ලදී.


"හ්ම් හ්ම් හර්ෂණ මම හැමදාම ඔයාගේ මුහුණේ හිනාවක් තියෙන්න ඔනේ කියලා ප්‍රාර්ථනා කරනවා හ්ම්. මට පොරොන්දු වෙන්න මොන දේ වුණත් ඔයා අඩන්නේ නෑ කියලා හ්ම්"

මම - හරි.... මට කියන්න ඇයි ඔයා හැමදාමත් හැමදේකටම හ්ම් හ්ම් කියන්නේ

ඒයා - ඒක ඔව්ත් නැති නෑත් නැති හිස් වචනයක්

සෑම දෙයකම ආරම්භයේම එහි අවසානය ලියා ඇති ලෙස අපේ අවසානය දිනය සුර්‍යාගේ ප්‍රභාෂ්වර එලියත් සමග උදා විය.

මා හට කොළඹ මහා නගර සභාවේ රැකියාව භාර ගන්නා ලෙස පත්විම් ලිපිය තාත්තා අතට තැපැල් මාමා ලබා දී ඇති බව දන්නේ. ගෙදර ගොඩ වෙද්දීම "දැන් නම් මට සැනසිල්ලේ මැරෙන්න පුලුවන් පුතාට රජයේ රස්සාවක් හම්බ වුණා" කියන තාත්තාගේ සතුට මුසු වචන නිසායි. දැන් මා ඒ පත්වීම භාර ගත යුතුව ඇත. මන්ද ඒ මගේ පවුලේ හා තාත්තාගෙත් මගෙත් දිගු කාලීන හිනයක් බැවින්.

පසුදා උදෑසන මේ පිළිබඳව කාර්‍යාලය හා ඒයාව දැනුවත් කර ඉල්ලා අස්වීම ලියා දුන්නේමී. නමුත් කාර්‍යාලයේ කිසිවෙක් ඉල්ලා අස්විම පිළිනොගන්නා ලද්දේ මා ඒතරම් ඒ රැකියාවට ආදරේ කල බැවින් ය. වේලාව වෙනදාට වඩා වේගයෙන් ගෙවීයන්නට විය. එයා මට බොරැල්ලේ FAB එකෙන් ලොකු කේක් එකක් දී පුදුම කර

"ඔයා යන්න ඔනේ සතුටින් හර්ෂණ. ඔයාට මේ ලෝකේ තව දිනන්න තියෙනවා ඒ මෙතැන නෙවෙයි. ඔයා යන්න පරිස්සමෙන්" කියා අවසන් වරට කාර්‍යාලය කුස්සියේ දී මගේ දෙතොල් සිප ගත්තේය.

දෛවය අපිට හරස්වෙන විදිහ මහා පුදුමාකාරය. මමද එයා මගේ තාත්තාගෙත් පවුලේ අයගෙත් කැමැත්ත හා මගේ හීනය ලෙස ඒ පත්වීම භාරගෙන සේවයට වාර්තා කලෙමී. දින මාස ගෙවී ගිය නමුත් අපගේ දුරස්ථභාවය නැති කලේම දුරකථන ඇමතුම්ය. අවස්ථා දෙකක එයා මා ළග එයාගේ ලේන්සුව අමතක කර දමා යන ලදී. මමද කිසි දිනක ඒවා ලබා දීමට උත්සහා නොකලේ දිනක අප වෙන්වුවද මට ඇති එකම මතකය එය බැවින්.

"හ්ම් හ්ම් අපි මේ සෙනසුරාදා හම්බවෙමු. ඔයා කැමතිම තැන හරිද හ්ම්. මම මේ මාසේ අන්තිම ජපන් යනවා හ්ම් හ්ම්. මට යන්න කලින් ඔයාව බලන්න ඔනේ හර්ෂණ හ්ම්"

සෙනසුරාදා උදා විය මම විලාසිනියකගේ ප්‍රේමය කෘතියක්, කෝන්තයක්, ජේසු පොතක් හා පිරිත් නුලක් රැගෙන එයාව බලන්නට ගියෙමී. (ඒ මොහොත අකුරු කරන්නට බැරිය............................................................)

එයා ජපානය ගිය පසු මාස කිහිපයක් මා හා දුරකථනයෙන් එදිනෙදා දේ බෙදා ගත් නමුත් පසුව මගේ දුරකථන අංකය ඒයාට අමතක වී ඇති බව මා හට ඒයාගේ යාලුවන් කිහිප දෙනෙකුගෙන් දැනගන්නට ලැබිණ. මා හට අහේතුකව ප්‍රේම කල මා අහේතුකව අතරමං කල ප්‍රථම ප්‍රේමය ඔබය. ජපානයේ පිපෙන සකුරා මල් වල ප්‍රේමය විදින්න ඔබ, මා ගැන මොහොතකට හෝ සිහි නොකර.

අපේ ජිවිතේ වෙනස් කරන්න සමහර මිනිස්සුන්ව දෛවය විසින් අපට මුණගැහෙන සලස්වනවා. ඒ අය අපේ ජිවිත සාර්ථක විදිහට වෙනස් කරලා යන්න යනවා. අපිත් ඒ සාර්ථකත්වය දරාගෙන ඒ සමුදීම සතුටින් පිළිගන්න ඔනේ. ඒක තමයි එක්තරා විදිහක ආදරය කියන්නේ. නමුත් තවමත් මගේ හිතේ කෙළවරක ඒයාගේ ආදරේ තියෙනවා. අද අපි දෙන්නාම අපි දෙන්නාට කරපු ආදරේ නිසා සාර්ථක තැන්වල ඉන්නවා. ඉතිං අහේතුකව මාව අතරමං කරලා නෙවෙයි ඒයා ගියේ. ඒ නිසා මං තවම ඒයාට වෛර නොකර ආදරේ කරමී. හා....... ඒයාට ජපන් යන්න කියලා අදහස හා පාර හැදුවේ මං. අද එයා හිරෝෂිමාව යටට වෙලා සකුරා මල්වල සුවද විදිනවා. මං ඒයාට හොරෙන් එයාගේ Facebook එකට ගිහිං බලනවා. මොනවා වුණත් එයා මගේ පළමු ආදරේ......


✒️ මම ඔම්ශාන් 

Saturday, 13 May 2023

ඒ වැළද ගැනිම අවසන් වුයේ ඒ දෙතොලෙහි රැදි කෝපී රසය මා දෙතොල් වල රදවාය.

 


ජිවිතේ කියන්නේ රග මඩලක් අපි එහි නලුවන් වෙති කියලා ප්‍රසිද්ධ කියමනක් තියෙනවා. ඔව්.... ඒම කියමන ඔබට මට සාපේක්ෂයි. මං අද කියන්න යන්නේ මට මගේ ජිවිතේ මහාම මහා වෙනස්කම් කිහිපයක් කරන්න පුලුවන් කමක් තිබ්බ හා කරපු මනුස්සයෙක් ගැන. හීනයකින් වත් මං නොහිතපු, මං පුංචී කාලේ ඉදලාම පරිකල්පනය කර සිටි මනුස්සයෙක් නොවුන කෙනෙක් එයා, මම සර්ව සම්පූර්ණ නැති මිනිස්සු නැහැ නේ කියලා එයාව ලං කරගත්ත නිසා මගේ ජිවිතේ මං අද මේ තැනට ආවා.
❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤

"හදවතේ නිරුවත නුඹට හංගන්න බෑ මගෙන් ගැලවී ගියත් හිතෙන් ගැලවෙන්න බෑ... "

මේ තමයි ඒයාගේ ෆෝන් එකේ Welcome Tune එක. මේක මීට වසර කිහිපයකට කලින් නම් මට හරිම හුරුපුරුදු ගීතයක්. මොකද මට මුලින්ම ආදරේ කරපු කෙනා ඒයා. කියන්න නම් ගොඩාක් දේවල් තියෙනවා එයා ගැන නම්, කොහොම කියන්නද කියලා නම් හිතා ගන්න බැරි තරමට අසරණ වෙනවා, ඒ අතීතයට යන්න වුණාම. "තොල්පෙති විතරක් පලමු හාදුවෙන් තෙමන්න" කියලා දුන්න කෙනා. අපි අතර වයසින්, අත්දැකීම්, අදහස් වලින් පරතරයක් තිබ්බාට කවමදාකවත් ආදරේදී පරතරයක් නොතිබුණා. මොකද ඒයා මට ඒ තරම් කාර්‍ය්ලය තුලදී ආදරේ කලා. මට අදටත් සමහර ප්‍රශ්න එයාගෙන් අහන්න තිබ්බාත් නොඅහා ඉන්නේ " හර්ෂණ මට පොඩ්ඩක් නිදහසේ ඉන්න ඔනේ කියන නිසායි ". මං එයාට කොයි තරම් ආදරේ කලාද කිව්වෝත් මම ඒ කාර්‍යාලයට සමුදී කොළඹ මහා නගර සභාවේ වැඩට ආවාම "හර්ෂණ" කියන නම මාව රිදවාවී කියලා මම අකමැතිම නම "ඔම්ශාන්" පාවිච්චි කරන්න පටන් ගත්තා. මොකද හර්ෂණ කියලා මට කතා කරන්න අවසර තිබ්බේ ඔයාටයි අම්මාටයි විතරයි කියලා කවුරුත් නොදන්නවා ඇති.

---------------------------------------------------------------------

දවසක් මට මගේ කාර්‍යාලයේ වැඩකට එළියට යන්න වුණා. වෙලාව දවල් 1.00 යි මගේ කෑම එක බෑග් එකේ තවම වැඩේ ඉවර නැති නිසාත්, වැඩේ ඉවර වෙද්දී හවස් වෙන නිසාත්, කාර්‍යාලයට කෝල් එකක් දීලා

"අක්කේ මගේ කෑම එක කාට හරි දෙන්න වැඩේ ඉවර වෙද්දී තුන තුනාමහාරවත් වෙයි කියලා ෆෝන් එක තිබ්බා"

මම ඉතිං ඒ කාර්‍යාලයට අලුත් නිසා මං ගාව මාත් එක්ක වැඩ කරන අක්කාගේ ෆෝන් නම්බර් එක හැරෙන්න වෙන නම්බර් තිබ්බේ නෑ. වෙලාව සෙමින් සෙමින් ගෙවිලා ගියා. වෙලාව 2.43 යි මට නාන්නාදුනන අංකයකින් කෙටි පණිවිඩයක් එනවා. මෙන්න මෙහෙම

"හ්ම් හ්ම් කෑම නම් මාරම රසයි. මං කැමතිම කෑම සෝයා මීට් තිබ්බා හ්ම්  නමුත් මං අකමැති කෑමකුත් තිබ්බා ඒ කැරට්. කොහොම වුණත් කෑම එක රහයි හ්ම් හ්ම්. අම්මාට කියන්න ආයේ දවසක මට කෑම එකක් ඔනේ කියලා හ්ම්. පරිස්සමෙන් එන්න මැට්ටෝ "

🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼

වැඩ නිසා හෙම්බත්වෙලා හිටිය මං මැසේජ් එක බලලා පිළිතුරක් හෝ කවුද කියා හෝ නොවිමසා මට තිබුණ වැඩේ දිගටම කරනගෙන ගියෙමී. කාර්‍යාලයේ පැවරූ වැඩේ අවසන් කර නැවත කාර්‍යාලයට ගිය මම 5.45 බැවින් ඔෆ් එක අත්සන් කර ගෙදර යන්නට බස් හෝල්ට් එකට ගියෙමි. කටකපලා බස් එකේ සෙනග මමත් අමාරුවෙන් බස් එකට නැග්ගේ මරදානින් කෝච්චීයේ යන අය බැස්සාම ඉදගන්න සීට් එකක් ලැබෙයි කියලා. හිතුවා හරියටම හරි සීට් එකක් ලැබුණා. Facebook යන්න කියලා ෆෝන් එක අතට ගත්ත මං, ආවා මැසේජ් බලද්දී කලින් ආවා මැසේජ් එක නැවත වරක් කියවෙව්වා. පස්සේ RepLY කරනවා කියලා හිතාං ඒ නම්බර් එක  UNKNOWN කියලා Seve කරගත්තා. ඔන්න ඔහොමයි මගෙයි ඒයාගෙයි පලමු කතාබහ සිද්ධ වුණේ.

--------------------------------------------------------------------

ටික දිනක් ඔහේ ගෙවිලා ගියා. ආයේ UNKNOWN නමින් මට කෙටි පවිඩයක් ලැබුණා.

" හ්ම් හ්ම් මං එන ගමන් ඉන්නේ. ඔයා කන්න ඒපා දැන්ම හ්ම්. මම ඔයාටත් එක්ක කෑම ගෙනවා ඉන්න මං එනම් හ්ම් හ්ම්.

මම තුස්නීන් භූතවෙලා බලාං හිටියා ඒ කවුද මැසේජ් එක එවපු කෙනා කියලා. කොහොම හරි කෑම මේසේට වෙලා නොකා බලං ඉද්දී මෙන්න මෙයා ආවා

"හ්ම් හ්ම් ඉන්නවා නේ මං හිතුවා ඔයා කාලා ඇති කියලා හ්ම්" 

මට එක පාරටම හිනාවක් ගියා. කොහොම හරි නොහිතපු වෙලාවක හා සැලසුම් නොකල විදිහට අපිට එකට කන්න සිද්ධ වුණා. දෛවය මං විශ්වාස කරන්න විශාලතම හේතුවත් එකක් ඒක. ඒවගේම කාර්‍යාලයෙන් හැමෝමව කෑම කන කණ්ඩායම් වලට බෙදලා දැම්මාම අපි දෙන්නාට එක කණ්ඩායමක එක ළග පුටුවලට වැටුණේ. එක නම් අපි දෙන්නාම කියලා නෙවෙයි. ඔන්න ඔහොම කාලය ගෙවිලා යන්න ගියා.

2018 අප්‍රේල් 07 සෙනසුරාදා සිංහල දෙමළ අලුත් අවුරුද්ද නිසා අපිට සති දෙකක් නිවාඩු දුන්නා. මමත් කට්ටියගෙම පඩි හා බෝනස් හදලා මහන්සි වෙලා හිටියේ හොදටම. මගේ මේසයත් අස් කරලා ගෙදර යන්න ලෑස්ති වෙලා පහලට ගියා වතුර එකක් බිලා යමු කියලා. එතකොටම කවුදෝ ඔෆිස් එකේ කුස්සියේ මොකක්දෝ කරන සද්දයක් ආවා. මම බලද්දී ඒ එයා.

මම - මොකද කරන්නේ යන්නේ නැද්ද

එයා - හ්ම් හ්ම් නෑ යනවා. මගේ ඔලුව කැක්කුමයි එකයි මේ ඉගුරු දාලා කෝපී එකක් බීලා යන්න බැලුවා හ්ම්

මම - හරි මං යනවා ඔෆිස් එකේ කවුරුත් නෑ. Workshop එකට මොනවත් නැහැනේ ගන්න.

ඒයා - හ්ම් හ්ම් මං හිතන්නේ නෑ. ඔයා යන්න මමත් මේක බිලා සිකියුරිටි අංකල්ට යතුර දිලා යනවා....

මම - හරි ඔයාත් පරිස්සමෙන් යන්න.

ඒයා - ආ......... හර්ෂණ දෙයක් අහන්න තියෙනවා හ්ම් හ්ම්

මම - මොනවාද

ඒයා - හ්ම් හ්ම් කවුද කෑම හදන්නේ උදේට හ්ම්....

මම - මම ඇයී....

ඒයා - හ්ම් හ්ම් හැමදාම අම්මාට කියන්න කෑම රහයි කියලා ඔයාට මං කියද්දී ඇයි නොකිව්වේ හ්ම්

මම - මම නිරුත්තරයි. ඇස් ඇග කදුලු

එයා - හ්ම් හ්ම් මොකෝ මේ පොඩි එකා වගේ හ්ම්

එයා මගේ ළගට ඇවිදින් මා දැඩි ශක්තිමත් උණුසුමක් ලබා දීමට සිතා වැළද ගන්නා ලදී. ඒ වැළද ගැනිම අවසන් වුයේ ඒ දෙතොලෙහි රැදි කෝපී රසය මා දෙතොල් වල රදවාය.

🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️

කාලය ගෙවීයන්නට විය දැන් අපී ප්‍රේම කරන්නට විය. මං මේ ලොකේ ආසම තැනවන කලාභවන අසල ඇති වික්ටෝරියා පිළිරුව වෙතට මා පුදුම කරමින් ඒයා මා රැගෙන යන ලදී.

"හ්ම් හ්ම් හර්ෂණ මම හැමදාම ඔයාගේ මුහුණේ හිනාවක් තියෙන්න ඔනේ කියලා ප්‍රාර්ථනා කරනවා හ්ම්. මට පොරොන්දු වෙන්න මොන දේ වුණත් ඔයා අඩන්නේ නෑ කියලා හ්ම්"

මම - හරි.... මට කියන්න ඇයි ඔයා හැමදාමත් හැමදේකටම හ්ම් හ්ම් කියන්නේ

ඒයා - ඒක ඔව්ත් නැති නෑත් නැති හිස් වචනයක්

සෑම දෙයකම ආරම්භයේම එහි අවසානය ලියා ඇති ලෙස අපේ අවසානය දිනය සුර්‍යාගේ ප්‍රභාෂ්වර එලියත් සමග උදා විය.

මා හට කොළඹ මහා නගර සභාවේ රැකියාව භාර ගන්නා ලෙස පත්විම් ලිපිය තාත්තා අතට තැපැල් මාමා ලබා දී ඇති බව දන්නේ. ගෙදර ගොඩ වෙද්දීම "දැන් නම් මට සැනසිල්ලේ මැරෙන්න පුලුවන් පුතාට රජයේ රස්සාවක් හම්බ වුණා" කියන තාත්තාගේ සතුට මුසු වචන නිසායි. දැන් මා ඒ පත්වීම භාර ගත යුතුව ඇත. මන්ද ඒ මගේ පවුලේ හා තාත්තාගෙත් මගෙත් දිගු කාලීන හිනයක් බැවින්.

පසුදා උදෑසන මේ පිළිබඳව කාර්‍යාලය හා ඒයාව දැනුවත් කර ඉල්ලා අස්වීම ලියා දුන්නේමී. නමුත් කාර්‍යාලයේ කිසිවෙක් ඉල්ලා අස්විම පිළිනොගන්නා ලද්දේ මා ඒතරම් ඒ රැකියාවට ආදරේ කල බැවින් ය. වේලාව වෙනදාට වඩා වේගයෙන් ගෙවීයන්නට විය. එයා මට බොරැල්ලේ FAB එකෙන් ලොකු කේක් එකක් දී පුදුම කර

"ඔයා යන්න ඔනේ සතුටින් හර්ෂණ. ඔයාට මේ ලෝකේ තව දිනන්න තියෙනවා ඒ මෙතැන නෙවෙයි. ඔයා යන්න පරිස්සමෙන්" කියා අවසන් වරට කාර්‍යාලය කුස්සියේ මගේ දෙතොල් සිප ගනිමින් කිවේය.

දෛවය අපිට හරස්වෙන විදිහ මහා පුදුමාකාරය. මමද එයා මගේ තාත්තා පවුලේ අයගේ කැමැත්ත හා මගේ හීනය ලෙස ඒ පත්වීම භාරගෙන සේවයට වාර්තා කලෙමී. දින මාස ගෙවී ගිය නමුත් අපගේ දුරස්ථභාවය නැති කලේම දුරකථන ඇමතුම්ය. අවස්ථා දෙකක එයා මා ළග එයාගේ ලේන්සුව අමතක කර දමා යන ලදී. මමද කිසි දිනක ඒවා ලබා දීමට උත්සහා නොකලේ දිනක අප වෙන්වුවද මට ඇති එකම මතකය එය බැවින්.

"හ්ම් හ්ම් අපි මේ සෙනසුරාදා හම්බවෙමු. ඔයා කැමතිම තැන හරිද හ්ම්. මම මේ මාසේ අන්තිම ජපන් යනවා හ්ම් හ්ම්. මට යන්න කලින් ඔයාව බලන්න ඔනේ හර්ෂණ හ්ම්"

සෙනසුරාදා උදා විය මම විලාසිනියකගේ ප්‍රේමය කෘතියක්, කෝන්තයක්, ජේසු පොතක් හා පිරිත් නුලක් රැගෙන එයාව බලන්නට ගියෙමී. (ඒ මොහොත අකුරු කරන්නට බැරිය............................................................)

එයා ජපානය ගිය පසු මාස කිහිපයක් මා හා දුරකථනයෙන් එදිනෙදා දේ බෙදා ගත් නමුත් පසුව මගේ දුරකථන අංකය ඒයාට අමතක වී ඇති බව මා හට ඒයාගේ යාලුවන් කිහිප දෙනෙකුගෙන් දැනගන්නට ලැබිණ. මා හට අහේතුකව ප්‍රේම කල අහේතුකව අතරමං කල ප්‍රථම ප්‍රේමය ඔබය. ජපානයේ පිපෙන සකුරා මල් වල ප්‍රේමය විදින්න ඔබ මා ගැන මොහොතකට හෝ සිහි නොකර.

අපේ ජිවිතේ වෙනස් කරන්න සමහර මිනිස්සුන්ව දෛවය විසින් අපට මුණගැහෙන සලස්වනවා. ඒ අය අපේ ජිවිත සාර්ථක විදිහට වෙනස් කරලා යන්න යනවා. අපිත් ඒ සාර්ථකත්වය දරාගෙන ඒ සමුදීම සතුටින් පිළිගන්න ඔනේ. ඒක තමයි එක්තරා විදිහක ආදරය කියන්නේ. නමුත් තවමත් මගේ හිතේ කෙළවරක ඒයාගේ ආදරේ තියෙනවා. අද අපි දෙන්නාම අපි දෙන්නාට කරපු ආදරේ නිසා සාර්ථක තැන්වල ඉන්නවා. ඉතිං අහේතුකව මාව අතරමං කරලා නෙවෙයි ඒයා ගියේ. ඒ නිසා මං තවම ඒයාට වෛර නොකර ආදරේ කරමී. හා....... ඒයාට ජපන් යන්න කියලා අදහස හා පාර හැදුවේ මං. අද එයා හිරෝෂිමාව යටට වෙලා සකුරා මල්වල සුවද විදිනවා. මං ඒයාට හොරෙන් එයාගේ Facebook එකට ගිහිං බලනවා. මොනවා වුණත් එයා මගේ පළමු ආදරේ......

✒️ මම ඔම්ශාන් 

Friday, 5 May 2023

දැන් මට මැරෙන්නම හිතෙනවා දෙයියනේ. ඔයා හිටියේ මට මිටරයක් පිසුපසින්. අනේ ඒ හුස්මත් ඒ සුවදත් මාව නොමරා මරණවා.


 ජිවිතේ කියන්නේම අහේතුක හමුවීම් ඇති නිශ්චිතවම වෙන් වන්නට වෙන සිදුවීම්ද දාමයක් ඇති පරිච්ඡේදය කිහිපයකින් ඇමණුම් සහිත කෘතියක් කිව්වේත් මා නිවැරදී කියා මා සිතමී.

🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸

අද දවසේ මට වුණ සිදුවීම මා කිසිසෙත්ම අනුමත කල සිදුවීමක් නෙවෙයි. ඒත් මට ඒ දේ නොවන්නට වග බලා ගන්නට තිබු, නමුත් මා නිහඩව සිටියේම. මා ඒ තරම්ම අසරණ නිසායි. අද සරා සද එදාට වඩා දිප්තිමත් වූ බව බලන්නවත්, මට ඔලුව උස්සන බැරි තරම් මං අද අසරණ වුණා කියලා කිව්වාත්. මා නිවැරදී කියලා ඔබ සිතා වීද. ඔව් ලෝකය ඉදිරියේ ඔබ කශේරුකාවක් ඇති අයෙක් ලෙස සිට ගන්නා තෙක් ඔබගේ තේරීම් අතරේ මා එක තේරීමක් වන තෙක්ම අපිට කිසිමදාක ලං වෙන්නට උත්සහා ගත නොහැකි බව සිහි තබා ගන්න. දැන්වත් අපි ඒ දකින සිහිනෙන් එලියට එමු නේද.

ආදරණීය දිනපොත වෙත....
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

අද මම මාරම අසරණ වුණ දවසක් ඒයා ආවා මං ළගටම. අපි හිටියේ හරියටම මීටරයක දුරින් මට ඇහෙනවා ඒ හුස්ම ගන්න ශබ්දය. ඒයා අද සුවදයි, හරියටම ගංගාරාමයට පුංචී ලමයින් ගෙනියන සමන් පිච්ච මල් වගේ.

මං ඒ සුවද මගේ ලගට එන්න කල් තියාම එයා එන්නේ කියලා දන්නවා වුණාත්. මට එයා දිහා බලන්න අවසර නෑ. නමුත් මට එයාව නොබලාම ඉන්න බැරි වුණා. ඉතිං මං මගේ කණ්ණාඩි දෙක හොරෙන් පිහිදාහන ගමන් ඒයා දිහා කණ්ණාඩි දෙක අතරින් බැලුවා. ඒ ඇස් මං දිහාම බලාං ඉන්නවා දෙයියනේ. මුරුගසන් මහ වැහි අතරින් එන සීතල සුලගට වෙව්ව්ලමින් හිටිය මාව එකවරම ගිනි ගන්නට ගත්තා. දහඩිය මාව තෙත් කරන්නට විය.

මං දන්නවා ඔයා හිතනවා ඇති මං ඔයාට අකාරුණිකයි කියලා. අනේ නැහැ රත්තරං. මං කොච්චර අසරණයි ද කියලා ගෙත්තම කරන්නේ කොහොමද කියලා මේ අකුරුවත් දන්නේ නෑ. මට ඔයාව තදින් බදාගන්න තරම් වේදනාවක් තියෙනවා නමුත් මොකක්දෝ හැගිමක් මාවත් ඔයාවත් හිර කරං ඉන්නවා.

නවතින්නම් අදට. ඔයා දෙයක් දැන ගන්න රත්තරනේ. මං ඔයා ගැන එදා වගේ අදටත් වද වෙන විත්තිය. මගේ හිතේ ඒදා වගේ ඔයාට ආදරයක් නැති වුණාට මොකක් දෝ දෙයක් ඉතිරි වෙලා තියෙනවා.  මහා පාලු හිස්බවක් මගේ හදවතම වෙලා ගන්න පුලුවන් විදිහට......

නවතින්නම්
මම ඔම්ශාන්
2023-05-05 දින 16.00 පස්වරු
නගර ශාලා භූමියේ සිට
🥺🖤🥺🖤🥺🖤🥺🖤🥺🖤

අපිව සමහර මිනිස්සු දාලා ගියත් දැනෙනවා. ඒ ඇයි කියලා හේතුව සෙවීම නිශ්පල දෙයකී. ඒ අය යන්නට යන්නේ ඔබගෙත් මගේ ආත්මයම සොරාගෙන. ආත්මය ගෙන ගිය ඔවුන් නැවත ආපු පැමිණේ යැයි අප කොපමණ කාලයක් නම් බලා සිටින්නේමුද. නමුත් ඔවුන් පැමිණෙනවා අවාරේ පිපෙන මල් සේ. ඒ සුපුරුදු මිනිසාගේ පැමිණීම පිලිගන්නේ අපි ආගන්තුකයෙක් විලසින්‍ ය. ඉතිං ප්‍රේමය නැවත අවාරේ හෝ නොපිපෙන්න. හදා ගන්න දෙන්න හදවත නැවත ඔබ නොඑනවා කියා.

✒️ මම ඔම්ශාන් 

Wednesday, 26 April 2023

සමහර අය අපිට හේතුවක් නොකියා අහේතුකව යන්නේ අන්න ඒ නිසායි.


ජිවිතේ සමහර පුරුදු තියෙනවා අපිට කවදාවත් වෙනස් කරන්න බැරි ලෙසට  ඇබ්බැහි කරවු.  ඉතිං මමත් අන්න ඒවාගේ සමහර පුරුදු වලට ඇබ්බැහි වෙලා තියෙනවා. හොද ඒවා වගේම නරක ඒවාටත්. මගේ ජිවිතේට ආගන්තුකයින් අහේතුකව ඇවිල්ලා යනවා. ඒ ඇවිත් යන අයට පරිස්සමෙන් යන්න කියන එකත් දැන් පුරුද්දක් වෙලා


(අපි ආයේ මුණගැහෙන්නේ සැලසුම් නොකල මොහොතක)

💙 තවමත් තේ නිවලාද බොන්නේ ? කලින් වගේම,

❤️ හ්ම් හ්ම්

............... ( දිගු සංවාදයකට පසුව )

❤️ මං යන්නම් ?

💙 යන්නම් කියන්න ඒපා, ගිහිං එන්නම් කියන්න!

❤️ ඔයා තවමත් වෙනස් වුණේ නෑ නේද, තවමත් යන්නම් කියනවාට බයද?

💙 හ්ම්.... මං හිතන්නේ

❤️ ඒනම් එදා..........

💙 ඔව් මං ඒදා ඔයාට යන්න දුන්නේ නුහුරක් දැනුණ නිසායි. පරිස්සමෙන් ගිහිං එන්න.

(හුරු හිතට නුහුරක් දැණුනා අපි කෙරූ ආදරේ නවතින්න අවසරයි ප්‍රේමයෙන් )

සමහර මිනිස්සු අපිට හමුවු මුල් කාලයේ නැතිවම බැරි ඇබ්බැහි වීමක් වුණාට, කාලය හා ප්‍රශ්න එක්ක ඒ අය අපිට ඔනේමද කියලා දැනෙන වෙලාවක් එනවා. සමහර අය අපිට හේතුවක් නොකියා අහේතුකව යන්නේ අන්න ඒ නිසායි. ඒ අවස්ථාව කොතරම් වේදනාකාරී වුවද අල්ලා සිටිමට වඩා අත්හැරිම යෞග්‍ය බවයි මා සිතන්නේමී.

✒️ මම ඔම්ශාන් 

                                ❤️❤️❤️

Saturday, 15 April 2023

ඊළග පිටුව පෙරළ විට පමණී ඒ ඇස්, ඇසිපිය සලන බව ඇසෙන්නේ.


අකුරු මේ තරම් ප්‍රභලයි කියලා අහලා තිබුණාට කවදාවත් මට දැනිලා තිබුණේ නෑ. මල් වගේ ගල් ආපු දවසුත් තිබුණා මගේ බොලොග් පිටුවට. ඇත්තෙන්ම මේ ටික අකුරු කරන්න මේ තරම් කාලයක් ගන්නට එක්තරා හේතුවක් එය. කොහොමෙන් කොහොම වුවද ඉඩෝරයේ පතොක් මලක් සේ හැමදේම දරාගන්නට නොසිතා, වසන්තයේ පිපෙන්නට සිතුවෙමී. මුරුගසන් වැහි පිට වැහි වැස්සත්. වැස්සෙන් පස්සේ පායන දේදුන්නට ආදරේ කිරිම සදහා, ඒ අමිහිරි මතක හා වචන සියල්ල ජිවිත ගංගා ඉවුරේ අත්හැර, නැවතත් මා බොලොග් පිටුව අකුරු කරන්නට සිතුවෙමී.


අපි හැමෝම හීන දකිනවා ඔයා වගේම මමත් . අපි එකම පොත රසවින්නට වුවත්, මං කැමතිම පැණිරස මිශ්‍ර තිත්ත ගතියට. කොහොමද හරියටම කියන්නේ හා..... නිල්කට්‍රෝල් පොතේ වැල්මී මිශ්‍ර මී පැණි රහාට වගේ.

--------------------------------------------------------------------

නමුත් මේ ලෝකේ ඊට හාත්පසින්ම වෙනස් විදිහට ආස කර හා දකින මිනිස්සු ඉන්නවා. මං ඒයාලාට කියන්නේ සමුරායිලා කියලා. මගේ හීනවල හැමදාම මුණ ගැහුණු. මට වෙන්න ඔනේම වුණ චරිතයක් ඔයා. හරි හරි ලොකු ලොකු හෑලි ඔනේ නෑ දැන් යමු කෝ..... කතාවට

මේක වෙන්නේ මාර්තු 23 ඒදා මට විශේෂ ප්‍රායෝගික සම්මන්ත්‍රණයක් සදහා කොටුව ශ්‍රේෂ්ඨාධිකරණය අසලට යන්න වෙනවා. ඉතිං මට නැන්දාලාගේ ගෙදර ඉදං යන්න වුණ නිසා ටිකක් කල්වේලා ඇතිව යන්න කියලා බස් නැවතුම් පොලට ආවේමී. හිස් බස් එකක කණ්ණාඩිය ළග අසුනක් දිනාගැනිම සදහාත් එක්කම.

හිස් බසයට පොරකන මිනිස්සු අතරින් කෙසේ හෝ මා කණ්ණාඩිය අසල අසුනක් හිමි කර ගත්තේමී. බස් රථය පණ ගන්වන්නටද තවත් වේලා ඇති බැවින් මම මගේ නරක පුරුද්දක් වුණ පොතක් කියවීම සදහා බැගයෙන් පොතක් ගෙන කියවන්නට විය.....

🌼🌸❤️🌼🌸❤️🌼🌸❤️🌼🌸❤️🌼🌸❤️🌼🌸❤️

හුරුපුරුදු සුවදක් මා අසලම දැවටෙන්නේය. නමුත් කිසිවක් ගැන නොසිතා අවසන් පරිච්ඡේද කිහිපය බැවින් කියවාගෙන යන්නටම සිතුවෙමී. මං දිහාම කෙනෙක් බලාගෙන සිටින බව දැනෙන්නට විය. ඒ ඇස් මගේ ඇස් ගමන් ගන්නා අකුරු උඩින් වචන දිහාවටම ගමන් ගන්නා බවක් හැගෙන්නේ විය. ඊළග පිටුව පෙරළ විට පමණී ඒ ඇස්, ඇසිපිය සලන බව ඇසෙන්නේ.

හිතුවක්කාර කැරළී කොණ්ඩයක් ඇති,
ඝනසේම අපිලිවෙල රැවුලකට
හිම්කම් කියන, සුර්‍යා මෙන් දීප්තිමත් ඇස්
ඒ ඇස් උඩ මේඝයන් දෙකක් රදවා තෛයිලෝක විජය පත්‍ර සුවද විදුවමින්
කාලවර්ණ හැඩිදැඩි ඔහු මා අසළන්ම සිටියේය.......ඒ මගේ පරිකල්පනයේ සිටී
රාවණාම විය. ඔහු.... එක්කෝ මේක පිස්සුවක්. ඇත්තෙන්ම මට මේ මොනවාද වෙලා තියෙන්නේ කියලා මම මගෙන්ම අසා සිටියෙමී. ටීෂර්ට් එකත් ඔහුත් කාල වර්ණ බැවින් ආගන්තුක ප්‍රභාෂ්වර බවක් ඔහු අසලින් එන්නේය.

--------------------------------------------------------------------

ඔහු 🤴- ඇත්තටම ආදරෙයි ද?

මම 🥺- ( මං නිරුත්තරයි )

ඔහු 🤴- ඔම්ශාන් ඇත්තටම ආදරෙයිද ?

මම 🥺- ඔයා කොහොමද මගේ නම දන්නේ ?

ඔහු 🤴- කියන්නම ඔනේද.... එක රහසක්.
( සිනාසෙමින් ) 

මම 🥺- හ්ම්..... හ්ම්.....

ඔහු 🤴- ඔයා ආඩම්බරකාරයෙක් වගේ.

මම 🥺-  නෑ.... වලව්කාරයෙක්.

ඔහු 🤴- නෑ වෙන්න බෑ. කැඩිච්චල සිංහල වලව්කාරයෝ නෑ..... මං හිතන විදිහට.
( උපහාසය මුසු සිනාවෙන් )

මම 🥺- සමහර විට ඉන්නත් බැරි නෑ.

ඔහු 🤴- ඇත්තටම ආදරෙයි ද?

මම 🥺-  මොකාක්......
කවුද කිව්වේ......
මං දන්නේ නෑ.

ඔහු 🤴- මොකෝ මේ කලබල වෙලා කෑ ගහන්නේ ?

මම 🥺-  මං කලබල නෑ. ඔයා අහපු ප්‍රශ්නයට උත්තරය දුන්නා එච්චරයි.
( ආඩම්බරයෙන් )

ඔහු 🤴- මං ඇහුවේ. ඉතාමත් සරල ප්‍රශ්නයක් නේ මැට්ටෝ.

මම 🥺- නෑ.... ඒක ඒතරම් සරල නෑ

ප්‍රශ්න එක්කම ජිවත් වුණ මට. ඔහුගේ ප්‍රශ්නයට පිලිතුරු ලබා දීමට තරම් ධෛර්යක් හදවතේ නැති බව දැනෙන්නේ තොල්පෙති වේලී ඇති බව දැනීමෙන්. එක ප්‍රශ්නයකට පුලුවන් වුණා මගේ මුලු දවසම උඩුයටිකුරු කරන්න. මුළු ඇගම සීතල වෙලා නමුත් තවමත් තොල්පෙති වියලී ඇත. අනේ මන්දා මොකක්ද මට වෙලා තියෙන්නේ කියලා හිතා ගන්න බෑ.

ඔහු 🤴- මොකෝ ඔම්ශාන්. කෝ උත්තර?

මම 🥺-  මං දන්නේ නෑ අප්පා ඔවා...
( දෙගිඩියාවෙන් )

ඔහු 🤴-  හරි හරි හිතන්න පතන්න දෙයක් නෑ. ඔයා හොදටම බය වෙලා ඉන්නේ නේද?

මම 🥺- හ්ම්... හ්ම්...

ඔහු 🤴- මං ඇහුවේ ඔයා කියවන පොතේ විදිහට, ඇත්තටම සිතා රාමාවන්ට ආදරේ කලාද කියලා ?

මම 🥺- අම්මෝ........... මම බය වුණ තරමක්. ( ලොකු හුස්මක් බිමට අතහැරියෙමී )

ඔහු 🤴- ඔම්ශාන් මම ඔයාට "ඔම්" කියන්නම් එක හරි ලස්සන නමක්. ඔයාද දන්නවා ඇති නේද රාමායණය කතා වස්තුව. හා.....
නොදැන ඉන්න විදිහක් නෑ. දෙමළ මිනිස්සු එක මටත් වඩා හොදට දන්නවා නේ.

මම 🥺- ( මම දෙමළ නෙවෙයි කියලා කියන්න හිතුණ නමුත්. ඔහුගෙන් එන තෛයිලෝක විජය පත්‍ර සුවද මගේ ආත්මය සොරාගෙන ඇති බැවින් කිසිවක් නොකියා ඒ ඇස් දිහා බලා කතාවට සවන් දුන්නෙමී )

ඔහු 🤴- ඔයා දන්නවා ද? රාවණා කියන්නේම මහා ප්‍රාතාපවත් ආඩම්බරකාර චරිතයක්. ඒයාට සිතා කියන්නේම එකම එක ස්ත්‍රියක් විතරයි. ඒයා සිතාව ලංකාවට ගෙනාවාට එකම එක දවසක් වත් අතින් ඇල්ලුවේ නෑ කියලා. ඒ තරම් ශ්‍රේෂ්ඨ රජෙක් රාවණා. අඩුම ගාණේ අන්තංපුරයටවත් නොයවා වෙනම උයනක රාජකිය පහසුකම් මැද ඇයට ආරක්ෂකව දුන්නා.

මම 🥺- ඇයි ඒයා එහෙම කළේ ?

ඔහු 🤴-  ඒ තමයි ප්‍රේමය ඔම්. සිතාව දුෂණය කරන්න රාවණාට බැරි කමක් නෑ. නමුත් ඔහු එසේ නොකලා. පරිවාර ස්ත්‍රීන් එක්ක ඇයට රාජභෝජන, රාජ්‍ය ආරක්ෂාව දී බලාගත්තා. ඒ ඇයගේ ආදරය අපේක්ෂාවෙන්. නමුත් ඉතිහාසය පුරාම අපි දැක්කේ රාවණාගේ දුෂ්ඨකම් විතරයි. ඒ රළු පපුව ඇතුලේ තිබුණ ආදරේ දැක්කේ නෑ. කවුරුත් කවදාවත්......

මම 🥺-  ඉතිං.... සිතාත් රාවණාට ආදරේ කරන්න ඇතිද ?

ඔහු 🤴- ඔනෑම මනුස්සයෙක්ගේ හදවත සසල වෙන මොහොතක් එනවා ඔම්. ඔයාත් මාත් එහෙමයි. සිතාත් මනුස්සයෙක්. ඒ නිසා සසල නොවී තියෙවීද හදවත. සම්මත අසම්මත වර්ගීකරණය යටතේ සිතා රාවණාට ආදරේ නොකලාට අනිවාර්යයෙන්ම සිතාත් රාවණාට ආදරේ කලා ඔම්.
ඒක සත්තයි.

මම 🥺-  කොහොමද ඔයා ඒ තරම් ස්ථීර වශයෙන් කියන්නේ.

ඔහු 🤴-  ඔයා හිතනවාද? සිතාට රාම කුමාරයා අග්නී පරික්ශාව දුන්නාට පස්සේ ඒක මොහොතකට හෝ "රාමාට මා සැකයි රාවණා" කියලා නොහිතෙන්න ඇති කියලා.
 
එහෙම හිතුණා ඔම්. එකයි  සිතා, රාම රාජධානියට ගියාම ආයෙත් රාජකියත්වය අතහැර වනයට යන්නේ. ගැහැණු එහෙමයි ප්‍රේමයේදී. ඉතිං වල්මීකී සුක්ශමව රාමායණය අවසන් කරන්නේම රාමා සිතාවන් අවසන් වන තෙක් එක් නොවුණ හේතුව පැහැදිලි නොකරම සියල්ල සක්‍රයා පිට පවරමින්. හරියට 550 වෙනී ජාතක කතාවල හැම දේම විසදන්න සක්‍රයා එනවා වගේ.

සමහර විට අපිට අපේ ජිවිතවල රාවණාලා වගේ අසම්මත ප්‍රේම කතා හමුවේලා ඇති නේද? සමාජ වෙනස්ම කෝණයකින් නිර්වචනය කරද්දීත් හද පතුලෙන්ම ඒවා දරාගෙන ආදරේ කරන මිනිස්සු ඉන්න ඇති නේද නොදැනුණාට. මං හිතන්නේ ම මට හමුවෙලාත් ඇති හමුවෙලා මගහැරිලාත් ඇති කියලා. මනමේ කුමරිය, මාධවී අභිසාරිකාව වගේ චරිතවල ප්‍රේමය නොදැක්ක අපි. ඒ චරිතවල දැක්කේම වෙන වෙන දේවල් විතරයි. අපිට ඉතිහාසයේ කොහේම හරි වැරදිලා කියලා හිතෙනවා.

❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤

බසය කොටුව බස්නැවතුම් පොලට ලගා විය. අපේ කතාබහද අවසන් අදිරයට ඇවිත්.

ඔහු 🤴-  මම ඒනම් යනවා ඔම්.
පරිස්සමෙන් යන්න.
හා...... (මගෙන් ඔයාට තැග්ගක් කියා ඔහු මා අත පොතක් රදවා බසයෙන් බැස්සේය.)

මට නුවර යන කෝච්චීය මිස් වෙයි.
ඔයා ආයේ නුවර ආවාම හම්බවෙමු

මම 🥺- ඔයා කොහොමද මාව දන්නේ?

ඔහු 🤴- දවස් දළදා මාලිගාවට ආවා නේ කැම්පස් එකේ අයත් එක්ක. අන්න ඒදා, ඔයා දළදා කරඩුව ගාව ඉදලා ප්‍රාර්ථනා කරපුවා මට ඇහුණා ළමයෝ.

මම 🥺- බොරු නේ...

ඔහු 🤴- ආයේ හමුවුණාම ඔක්කෝම කියන්නම්. දැන් යන්න පරක්කු වෙනවා. එතකං මාව මතක් වෙන්න හා ඔයාගේ හිතේ ඇවිලෙන ගින්නෙන් නිවෙන්න ඔය පොත කියවන්න. ( කියා ඔහු පාර මාරුවී දුම්රිය පොල තුළට ගියේය )

මම 🥺- ඔහු මට තෑගී කල පොත දිහා බැලුවෙමී. ඒ පොත මා කාලයක් තිස්සේ හොයන "අම්මාපහ මං කඩුව දුන්නා පොතයි".

❤️එක්කෝ මට පිස්සු ඇයි දෙයියනේ කොහෙවත් ඉන්න මිනිස්සු මට තෑගී දෙන්නේ. 
❤️මටයි නුවරටයි ඇති සම්බන්ධය මොකක්ද?
❤️අත්භුත ආත්ම වගේ මිනිස්සු ඇවිත් යනවා. 
❤️මේවා මනුස්සයෙක්ට කියන්න පුලුවන් ද. 
❤️අනේ මන්දා මං දන්නේ මේච්චර. 
මෙතෙක් මගේ පරිකල්පනයේ සිටි රාවණා 
දැන් සැබෑ ප්‍රේමවන්තයෙක් වුණා. 
පොතක් මට තෑගි ලැබුණා එපමණයි.

"ඇත්තටම රාමාට මා සැකයි රාවණා" කියලා කියන්න ඇතිද සිතා.
මට සමාවෙන්න රාවණා..........

මම ✒️ ඔම්ශාන් 








Saturday, 25 March 2023

මං කොහොමද දෙයියනේ ඒ ඇත්ත ඔයාට කියන්නේ. මම මාරම අසරණයි නේ.




මං මගේ බොලොග් පිටුව ලියන්නේ මගේ ආත්ම ස්පර්ශ කරමින් හා ඇබ්බැහි වීමකටද ඇතුලු වෙමින්. ඉතිං අද ලියන්නේ මට මේ ලොකේ හමුවුණ සුන්දරම සුන්දර මනුස්සයෙක් ගැන. ජිවිතේදී අපිට නෙක නෙක මිනිස්සු මුණ ගැහුණත් මතකයේ රැදෙන්නේ ස්වල්ප දෙනෙක් පමණී. ඒ අතරින් මතකයේ විතරක් නෙවෙයි ඔයා මාගේ ආත්මයේ රැදුණ කෙනෙක්, කියලා කියන්න කැමති මං. මෙතැන් සිට මං ඔයාව ගෞරවණීය ලෙස ආරක්ෂා කරමින් ලෝකය හමුවේ තබමී.

විලාසිනියකගේ ප්‍රේමය නම් කෘතියේ මෙන්න මෙහෙම වචන පේලියක් තියෙනවා.........

" ආදරය කියන එක කෙනෙකුගේ හිතේ බලයෙන් ආරෝපණය කරන්ට පුළුවන් දෙයක් නෙවේ. ඒක ඉබේම හටගන්න ඕන. ඒ කියන්නෙ, කාටවත් බෑ කෙනෙකුට ආදරය කරන්ට, තමාගෙ හිත ඉඩ දුන්නොත් මිස, එයා වෙනුවෙන් ඔබ කොයි දේ කළත් එයාගේ හිතේ ඔබ කෙරෙහි ආදරයක් උපන්නෙ නෑ."

( විලාසිනියකගේ ප්‍රේමය- පිටුව 127)

❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️

--------------------------------------------------------------------

ඔව්... ඔයා මට ගොඩාක් ප්‍රේම කලා. ඒ කොච්චර ද කියනවා නම් මට ඒක දරාගන්න බැරි තරමට දැනුනා, නොදැනුනා වගේ හිටියාට. සමහර වේලාවන් හීදී, මං ඔයාව පසුකරගෙන ගියේ. බැන්නේ, කේන්ති ගත්තේ අන්න ඒ ආදරේට මං ඇබ්බැහි වෙයි කියන බයට. ඔයා පුංචී වුණාට ඔයාගේ ආදරේ සප්ත මහා සාගරයට වඩා විශාලයි. මට මතක විදිහට අපි එකිනෙකා හමුවුණේම යෝගට් එකක් බෙදා ගන්න යද්දී. මට තවම මතකයි ඒ දවස, හිනාවකින් අපි අපිව හදුනා ගත්තා.

ඔයා හැමවෙලාවකම කියන්නේ...

ඒයා -  "මට ඔම්ශාන් කෙනෙක් වෙන්න ඔනේ "

මම - "ඒක එහෙම ලේසීයෙන් වෙන්න පුලුවන් දෙයක් නෙවෙයි " 

කියලා ඉවර වෙද්දීම අපි දෙන්නා හයියෙන් බක බක ගහලා හිනාවෙනවා.

මේ විහාර මහා දේවී අහස යට ඔයා මං නිසා කොච්චර නම් අඩලා ඇද්ද. මං ඒවා තඹ සතේකට මායිම් කලේ නෑ. මට ඒ ගැන ලොකු පසුතැවිල්ලක් නම් තියෙනවා. ඒත් ඔයාගෙන් සමාව ඉල්ලලා ඔයාගේ කදුලු හෑල්ලු කරන්න මං කැමති නෑ.

ඔයා මහාම මහා පුදුම කෙනෙක්. මං එච්චර ඔයාව ප්‍රතික්ෂේප කරද්දීත්, ඔයා මාව හැම තැනකම ආරක්ෂා කලා. මං වැටුණ හැම වෙලාවකම හයියක් වුණා. මට තවම මතකයි. තාත්තා මැරුණ වෙලාවේ හැමෝම මට කතා කරලා මරණ ගැන විස්තර අහද්දී. ඔයා විතරයි මගෙන් කෝල් එක ගත්තේ ගමන් ඇහුවේ

"ඔයා කාලාද ඔම්ශාන් ඉන්නේ කියලා ?"

එතකොට තමයි මට මතක් වුණේ මං දවස් දෙකක් තිස්සේ නොකා ඉන්නේ කියලා. ඇත්තමයි ඒ වේලාවේ ඔයා මං ගාව හිටියා නම් සමහර වේලාවට මං ඔයාව බදාගෙන අඩන්න තිබුණා.              

--------------------------------------------------------------------

හැමෝම මට කියන දෙයක් තියෙනවා. ඒ ඔයා අහන්නේ මං කියන දේ විතරමයි කියලා. ඒවාගේම ඔයාව මට හොදට තේරුම් ගන්න පුලුවන් ලු. ඔව්..... එක ඇත්ත. සමහර අවස්ථා වලටදී කාටවත් ඇහුම්කන් නොදුණු ඔයා, මට අවනත වෙනවා. ඒ ඇයි කියලා නම් මං ඇත්තටම දන්නේ නෑ. නමුත් මොකක් හරිම හේතුවක් ඇති කියලා මං හිතලා තියෙනවා. සමහර වේලාවල් වල අපි එකී කෙනෙකා කතා කරද්දී, ඔයා මගේ ඇස් දීහා බලාගෙනමයි කතා කරන්නේ. ඒක මට මාරම අපහසුතාවයක් ගෙන එනවා. මොකද ඒ ඇස්වල  තියෙන්නේ ආදරේ. ඔයා දන්නවාද කියලා නම් දන්නේ නෑ. නිකමට හරි ඔයා පියයුරක් කඩා බිම හෙලලා මට ශාප කලා නම් මං ඉන්න තැනම අලුවේලා, අලු සුළගට මුසු වෙනවා. කිමද ඔයාගේ ආදරේ ඒ තරමට බලවත් කියලා මට දැනෙනවා.

දවසක් මං සිංදු අහන කොට මෙන්න මෙහෙම ඇහුණා.....ඒ

නෙලා ගැනුමට නොහැකි වුවද,
අත්හැරිමත් නොවේ ප්‍රේමය....
බලා දුර හිද කතා නොකරම,
සුසුම් පපුවක හිර කිරිමය....

🥺🖤❤️🥺🖤❤️🥺🖤❤️🥺🖤❤️

මට මේ සිංදුවේ පද අතර ඔයාව මැවී නොපෙනුණා නම් තමයි පුදුම. මං නම් මාව ගණන් නොගන්නා කෙනෙක්ව ආයේ ජිවිතේට ගණන් ගන්නේ නෑ. ඒ අතින් ඔයා මාරම ශ්‍රේෂ්ඨ කෙනෙක්. මං ඔයා ගැන ලියනවා කියලා ඔයාට කියද්දී  ඔයා පුදුම විදිහට උපේක්ෂාවෙන් බලාං ඉදලා

" හා...... එනම් ලියන්න කෝ. ලියලා මටත් එවන්න කිව්වා "

ඔව් ගොඩාක් හැගිම් මේකේ ගෙත්තම් කරන්න අමාරුයි. මොකද මං දන්නවා ඔයා මේක කියවනවා කියලා. එහෙම මං හැම හැගීමක්ම සියුම්ව ගෙත්තම් කලහොත්, ඔයාට මාව අමතක කරන්න අමාරු වෙනවා, අපහසු වෙනවා. ඔයා නොදන්න වගේම අනික් අය නොදන්න කතාවක් තියෙනවා මට කියන්න. නමුත් එක කියන්න කාලය හා අවකාශය මේ මොහොත නෙවෙයි.

--------------------------------------------------------------------

ඔයා මගෙන් හැමදාම අහන ප්‍රශ්නය තමයි.

" ඇයි මට අකමැති කියලා ?"

ඔයා තමයි මං මේ ලෝකේ දැක්කා 
ලස්සනම කෙනා
සහකම්පන හදවතක් තියෙන කෙනා
මාව ඉවසන කෙනා
මාව දරාගත්තු කෙනා
මාව තේරුම් ගත්ත කෙනා
කොටින්ම කිව්වෝත් මාව මටත් වඩා දන්න එකම කෙනා ඔයා. ඔයා මං කන්න කැමති අකමැති දේ ඉදන් අදින්න කැමති අකමැති දේ, කරන නොකරන දේ පවා දන්නවා. නමුත් මං මාරම අසරණයි.

දවසක් ඔයා මාව නොමරා මැරුවා වචන කිහිපයකින්. ඔයාට මතකද..........

ඒ තමයි මං මනුස්සයෙක් ඉස්සරහා අඩපු පලවෙනීම දවස. සමාන්‍යයෙන් මම ආදරේ කරන මනුස්සයෙක් ඉස්සරහා හැර වෙන කිසිම අවස්ථාව අඩන්නේ නෑ. ඒදා මං ගොඩාක් වේදනාවෙන් හිනාවෙලා හිටපු දවසක්. ඔයා මගේ ලගට ඇවිත් මොකක්ද හිතේ තියෙන අවුල කියලා අහද්දීම, මගේ ඇස්වලින් කදුලු පැන්නේ සීමා මායිම් නොදන්නා ලෙසයි. අවසානයේදී ඔයා මට කිව්ව වචන මාව පිච්චුවා අමු දර ගොඩක ගිනි තිබ්බ ගාණට.

"ඔම්ශාන් මං තවමත් බලාං ඉන්නවා ඔයා වෙනුවෙන්, මං ඔයාට ආදරෙයි මැට්ටෝ" කියලා කිව්වා

මං  කොහොමද දෙයියනේ ඒ ඇත්ත ඔයාට කියන්නේ. මම මාරම අසරණයි නේ. මාත් එක්කම ඒ ඇත්ත වැලලෙයිද. අන්තිම වෙනකං ම ඔයා ඒ ඇත්ත නොදැනම මං ගැන වැරදි වැටහිමකම ඉදී නේ. කොහොම නමුත් මං ඒදා දෙයක් හිතා ගත්තා. ඒ පුරාවෘත්තවල ක්‍රිෂ්ණ කුමරු රුක්මනීට දීපු පොරොන්දුවක් නිසා, ඒ තරම් ආදරය කල රාධාව අතහැර රුක්මනීව විවාහ කරගත්තේ යම් සේද. මං මේ සංසාර ගමනේදී එක මංසන්ධියක ඔයාට ආදරේ කරනවා සත්තයි.
පොරොන්දු වෙනවා.
මං මේ මා මත දිවුරා.....
නමුත් මට හැමදාමත් ඔනේ මහා හයියෙන් බක බක ගහලා හිනාවෙලා සතුටින් ඉන්න පුලුවන් ඔයාව මිසක් වෙන කෙනෙක්ව නෙවෙයි.
🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸

ඔයා මේක කියවනවා සත්තයි. මොකද මේ මොහොත වෙනකං ඔයා මට ආදරෙයි කියලා වික්ටෝරියානු සුළග ඔයාගේ සුවද අරගෙන ඇවිදින් මට කිව්වා. මට සමාවෙන්න. ඔයාට තවමත් ආදරේ කරන්න බැරි විම හා මගේ එකදු ගෙත්තම් කල වචනයකින් හෝ ඔයාගේ අහිංසක හිත රිදුණා නම්.

පරිස්සමෙන් ඉන්න ඔනේ ඔයා. හැමදාමත් මේ ඔම්ශාන් කියනවා වගේ ඔයා හිනාවෙලා ඉන්න ඔනේ හරිද. එක ඇත්තක් කියන්නද?
මං ඔයාගේ ඇස් වලට මාර ආසයි වගේම බයයි ඇබ්බැහි වෙයි කියලා. නවතිනවා පරිස්සමෙන්........
❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️


✒️ මම ඔම්ශාන්






Sunday, 19 March 2023

"ප්‍රේමය මාරන්තිකය ඒය ඔබට ඔබව සේම ඔබගේ ආත්මයද අහිමි කරවයි. ඇත්තෙන්ම ප්‍රේමයට ඇබ්බැහි නොවන්න "


සැගවී ඈත මේ හිම යායේ,
ඔහේ පාවෙලා...
මීලාන වී ගියාද ඒ,
සිනා වාසනා...
සරා සදේ  සිනා සේලේ......

❤🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️

වළලලා දාපු අතිතීයක් ආයේ ගොඩ ගන්න වුණේ. මගෙන් කෙනෙක් කල ඉල්ලීමකට. මං නොහිතපු දෙයක් සිදු වී තිබුණා. මට සිහිය නැති වී මගේ රුධීර සංසරණ වේගය පවා ඉතාම අඩු මට්ටමකට පහත වැටිය. ඔව්... තවමත් ඒ වළලදාපු අතීතය පණ ගැහෙමින් තිබෙණු මම දුටුවෙමී. දෙවියනී ඇයි මේ තරමට මා අහේතුකව නොමරා මරන්නේ...

මට සමාවෙන්න රත්තරනේ. මං ගොඩාක් අසරණයි වගේම නිරුත්තරයි. අනේ මේ හැගිම් ඔක්කෝම මට පුලුවන් නම් මගේ හුස්මත් එක්කම අකුරු කරලා වචන වලට කැටි කරන්න. හද 🌙 තියෙන හැම රෑකම තවත් නොහඩා ඉන්න.....මේ හුස්ම තවමත් කඩා වැටෙන තරු දිහා බලාං හුල්ලනවා. ඔයාට ඇහෙනවාද දන්නේ නම් නෑ. 

අම්මා තාත්තා මාව දලා ගිය දවසේ මේ තරම් ඇස් තෙමුණේ නෑ. ඒත් ඔයා ගිය දවසේ ඉදං අද වෙනකං මේ ඇස් නොතෙමුණ දවසක් තිබුණේම නෑ. ඔයාව දකින දකින වාරයක් පසා මං දුක උහුලන් හිටියේ කොහොමද කියලා දන්නේ නෑ. කදුලු වලට උඩින් හිනාව ගත්තේ කොහොමද දන්නේ නෑ. හුස්ම හිර වෙනවා කියලා දැනෙද්දීත් මොකුත් නොවුණු ගාණට හිටියේ කොහොමද දන්නේ නෑ.

මගේ බොලොග් පිටුවේ මං  ජිවිතේ බොහොමයක් සන්ධිස්ථාන අකුරින් ගෙත්තම් කලාත්. මට ඔයාව, අපේ ආදරය ගෙත්තම් කරන්න බැරිව එක රාත්‍රීයක්ම අලුයම හිරු දකින තෙක් ඇස්වලට කදුලු ගෙන ශබ්දයක්වත් නොනගා ඇඩුවා. මට සමාවෙන්න.... මට සමාවෙන්න රත්තරං....

උඩින්ම පුර්විකාවට ගත්තේ ඔයා මත් වුණාම කියන සිංදුව. මං ඒකට ඔයා කියන නිසාම ආසද, නැතිනම් මං ආස නිසාම ඔයා කියනවාද දන්නේ නෑ. තවමත් ඔයා සිංදු කියද්දී, ඔයාට හොරෙන් විඩියෝ කරපු ඒ විඩියෝ පට බල බල මං මගේ හිත තුවාල කර ගන්නවා රත්තරං. ඔයා මගේ පලවෙනි ආදරේ නෙවෙයි තමයි. මං පලවෙනි ආදරෙන් ඉගෙන ගත්ත හා වරද්ද ගත්ත බොහෝ දේ හදා ගෙන ආදරේ කියන්නේ මොකක්ද කියලා දැන ගෙන කරපු ආදරයක් ඔයා... එකයි මේක අකුරු කරද්දී වුණත් හුස්ම හිරවෙන්නේ...

ඒදා වගේම අදත් කදුලු රස්නෙයි දෙයියනේ. පපුවේ පිච්චෙනවා..... මං මේක නොලියා ඉන්න උත්සහා කරලාත් ලියන්නේ. මං ඔයාට ගොඩාක් ආදරේ කලා, කරනවා කියලා පෙන්නන්න. මට ඔයාත් එක්ක කතා කරන්න අවසර නැති නිසා. කවදාම හරි මගේ මේ හුස්ම නතර වුණ දවසක ඔයාගේ ඇස්වලින් කදුලු නොහෙළා මේක කියවන්න රත්තරං මං ඔයාගේ හෙවණැල්ල වෙලා ඒ දිහා බලාං ඉන්නම්. ඔය මේක කියවෙව්වා පස්සේ හිතුවක්කාරකම අත් හරිවී කියලා මං හිතනවා.

--------------------------------------------------------------------

❤️ 2019 දෙසැම්බර් 22 13.50 පස්වරුවේ
"ඔයා කෑවාද කෑවේ නැත්තම් එන්න" (කියලා ඔයා මට ඇරයුම් කලා. ඒ තමයි අපි හමුවුණ පලමු වතාව හා කෙනෙක් මගෙන් කෑවාද කියලා ආපු පලවෙනි අවස්ථාව.ඒ වචන වලට වික්ටෝරියානු සුළග මුලු කාශ්ඨකට කොළඹ පොළවම සීතල කරන්නට විය )

❤️ 2020 අගෝස්තු 09 මගේ ඇස් පෙනෙන මානයෙන් පිට දුරට ඔයා යනවා. හරියටම දවස් 230 කට පස්සේ. මේ තමයි අපේ පලමු වෙන්වීම කිම නිවැරදීය.

❤️ 2020 සැප්තැම්බර් 20 මාත් එක්ක තියෙන කේන්තිය නිසාම මගේ උපන්දිනයට සුභ පැතුම් එක් නොකර දුර හිද බලා සිටිම. ජිවිතේ හැමෝම හිනාවෙද්දී මටත් හිනා විමට ඔනෑ තරම් ප්‍රස්තුත තියෙද්දී දුක සගවගෙන සිනාසීම

❤️ 2020 දෙසැම්බර් 25 මං ආස කරනසේම ප්‍රේම කරන කෙනෙක් සමග නිවසට පැමිණ, මා පුදුම කිරිම. අපි මුල්ම වතාවට වැළද ගැනීම. මට තවමත් ඔයාගේ ඒ සුවද මතකයි. මං ඒ සුවදට තවම ආදරෙයි.

❤️ 2021 මාර්තු 19 මම පළමුවරට හා අප පළමුවරට කැළණි පන්සලට යාම. මතකයි මට ඔයා සුදු සමන් පිච්චී මල් වට්ටියක් ගෙන පුජා කලා. " මං ඔයාටත් එක්ක ප්‍රාර්ථනා කලා කිවා" ජිවිතේ පලමු පාරට කෙනෙක් මං වෙනුවෙන් ප්‍රාර්ථනා කලාමයි. මම නම් බෝධියෙන් ඉල්ලුවේම මට ඔයාව නොලැබුණාත් ඔයා හැමදාටම හිනාවෙලා සතුටින් ඉන්න කියලා. නමුත් ඒ ඇයි කියලා දන්නේ නෑ.

❤️ 2021 ජුනී 10 අපි ඉස්පිරිතාලයකට යෑම.  මං ඔයාට අයිතිවාසිකම් කියන්නම පුලුවන් වුණ තෝතැන්න. දොස්තරගෙන් ලෙඩේ විස්තර අහද්දී ඔයා නිහඩ මං දිහා බලාං හිටියේම. අවනත වුණ පුංචී එකෙක් විලස.

ජිවිතේ දුෂ්කරම කාල පරිච්ඡේදයට මා පිවිසිම. නින්දත් නොනින්දත් අතර මා තනිවීම. විලාපය හා කදුල මා වේලා ගැනිම. මා තනිවී යුතු බව දෛවය තිරණයකට එළඹීම. මගේ සිනාව සතුට යන හැමදේම වික්ටෝරියානු සුළග විසින් රැගෙන යාම. ජනාකීර්ණ මං සන්ධියක මා තනීවී තනි මංසලක අතරමං වීම.

❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️

❤️ 2021 ජුලී 10 ඔයා ගැන ප්‍රථම අමිහිරි මතක අකුරු කිරිම. ඔයා දන්නවා මං දුක හා සතුට දෙකම දිනපොතේ ගෙත්තම් කරන වග. නමුත් ඔයා දවසක් මට කියනවා

එයා -  " මට ඔයාගේ දිනපොත ඔනේ ඔම්ශාන්"  කියලා

මම - " ඇයි මොකටද ?"

ඒයා - "මං දවසක් වැරැද්ද කලා. ඒකට ඔයාගේ හිත රිදුණා නේද ? අනිවාර්යයෙන් ඔයා ඒක දිනපොතේ ලියලා ඇති. එක කොලේ ඉරන්න ඔනේ මට "

මම - "ඒකට කමක් නෑ එක එහෙමම තිබුණාවේ"

එයා - "මාත් එක්ක තවම තරහා නෑ නේ"


❤️ 2021 ජුලී 21 ඒයාලගේ ගෙදර අය විසින් ඒයා එක්ක කතා කරන්න කියලා ඉල්ලීම

❤️ 2021 ජුලී 25 ඒයාගේ උඩගුකම ඇත්හැර මා සමග යලී නැවත කතාබහ කිරිම. නමුත් මා වඩා කැමති ඒ උඩගුකමට බව කිසිදා එයාට නොකිවෙමී.

❤️ 2021 අගෝස්තු 11 මා කෝරෝනා වෛරසය  නිරෝධායනය වී පැමිණි විගස ඒයාව හමුවීම හා අපගේ ප්‍රථම වෙන්වීමට ගෙපැල් කැපිම.


❤️ 2021 අගෝස්තු 21 අප දෙදෙනාගේ අභ්‍යන්තර සිතල යුද්ධය හිරු දැකිමට පටන් ගැනීම.

❤️ 2021 අගෝස්තු 25 හිරුත් සදුත් තරුත් එකවර අවරට යාම. සුළගට විප්‍රලම්භ ශුංගාරය මුසු වීම. සප්ත මහා සගර රැලී හඩට පමණක් පෙම් කිරිමට ඇරඹීම. එළියට වෛර කර අදුරට පෙම් බැදීමට සිදු වීම. ඔව් ඒයා අහේතුකව මා හැර දාම යයි. ඇස් අගිස්සට කදුලු ගෙන නොහඩා ඒ දෙස බලා සිටියෙමී.

❤️ 2021 අගෝස්තු 29 මා ලබා දුන් තෑගී නැවත මා හටම ලබා දීම.

❤️ 2021 සැප්තැම්බර් 20 මාගේ උපන්දිනය වර්ජනය කිරිම. නමුත් මා ඒයා පැමිණෙයි යන උපේක්ෂාවෙන් බලා සිටියෙමී.

❤️ 2021 සැප්තැම්බර් 25 පළමු මානසික හා ශාරීරික තුවාල ඒයා විසින් සිදු කිරිම. ශරීරික තුවාලයේ කැලල් මැකී ඇති නමුත් මානසික තුවාලයේ කැලල් තවමත් මැකී නොමැත.

❤️ 2021 නොවැම්බර් 11 විප්‍රලම්භ ශුංගාරය මුසු අපගේ ඇස් එකිනෙකට ගැටීම.

❤️ 2021 නොවැම්බර් 12  වික්ටෝරියානු අහස ගිගුරුම් දෙන ලෙස මා හට බැණීම. ඒ විලාපය දරා ගැනිමට නොහැකිව අහස මහ වැස්සකින් පොළව තෙමු නමුත්, ඒ වැස්සට තෙමුණු මා හා මගේ හදවතේ බුර බුරා නැගුණූ විප්‍රලම්භ ශුංගාරයේ ගිනි දැල් නිවීමට නොහැකි වීය.

❤️ 2021 දෙසැම්බර් 04 දෙදෙනාටම දෛවයේ සරදමකින් එකිනෙකා සමීපව යම් හෝරා කිහිපයක් ගත කිරිමට සිදු වීම.

"ප්‍රේමය මාරන්තිකය ඒය ඔබට ඔබව සේම ඔබගේ ආත්මයද අහිමි කරවයි. ඇත්තෙන්ම ප්‍රේමයට ඇබ්බැහි නොවන්න.
ප්‍රේමය නිසා 2022 පෙබරවාරි 11 දින මම දිවි නසා ගන්නට උත්සහා ගත්තෙමී. නමුත් ඒ දුරකථන ඇමතුම නොඑන්නට මා අදටත් මේ වික්ටෝරියානු සුළගට මුසුව අවසන්. කාලය ගෙවී යන්නට විය මා මාස කිහිපයක් මානසික පීඩනය හෙවත් ඩිප්‍රෙෂන් තත්ත්වය සදහා මානසික වෛද්‍යවරයෙක් සදහා යොමු වුවෙමී"

❤️ 2022 අගෝස්තු 29 අදට අපි විරසැක වී දින 399 ක් වන්නට විය.

කාලය බොහෝ වේගයෙන් හෝ සෙමින් ගෙවී ගොසින් ය. මාද දැන් ඒ වෛද්‍ය ප්‍රතිකාර නිසාත් මාගේ හිතවතුන් නිසාත් ඒ මානසික තත්වයෙන් පිටතට පැමිණීයෙමී. නමුත් දෙයක් ස්ථිරසාර ලෙස දන්නෙමී. ඒ මා හදවතින් කල ප්‍රථම හා අවසන් ප්‍රේමය ඔබම පමණී.

එතැන් සිට අද මේ සිදුවිම ගෙත්තම් කරන මොහොත තෙක් මා කිසිවෙකුටත් ප්‍රේම නොකරන්නෙමී. දැන් මා ප්‍රේමයට බිය වන්නේමී. ඒ ප්‍රේමය නිසා මාහට සිදු වු වේදනාවන් නිසා නොව, ප්‍රේමය යන අර්ථාන්විත හැගිම විදිමට තරම් මා වාසනාවන්තයෙක් නොවන බැවින්. නමුත් එක් කරුණක් සත්‍යයකි. ඒ මම ඒදා මෙන් අදත්, අද මෙන් හෙටත් ඔබට ප්‍රේම කරන වග නමුත් අපට කිසි දිනක, හෝරාවකට කෙසේ වෙතත් තත්පරයකට හෝ නැවතත්  එකට එකතු වීමට නොහැකි බවද මා දනිමී. රත්තරනේ ඔයා අහේතුකව මා දමා ගියේ ඇයි ද යන්නයි මට තවම ගැටලුව. තවමත් මං ඒ ප්‍රශ්නය නිදි නැති හැම රෑකම මගෙන්ම අසන විලාපය ඔබට නොඅසෙන්නේද.

තවත් අකුරු වචන වලට හරවා ගෙත්තම් කිරිමට අපහසුය. කදුලු ඒ තරමට ගිණියම් වී ඇත. හුස්ම තව තවත් සිරවෙන්නට ලගය. අතැගිලි ද වෙව්ලන්නට විය.

ඔයා වෙලාවට කන්නේ බොන්නේ නෑ කියලා මං දන්නවා. ඔයාට ග්‍රෑස්ටික් නිසාවත් වෙලාවට කන්න බොන්න. පරිස්සමෙන් රත්තරනේ. ඔයාට බුදු සරණයි.
❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤

✒️ මම ඔම්ශාන්




Wednesday, 15 March 2023

අපි දෙන්නාට තිබ්බේම රාගය ගැන පරස්පර හා අන්ත දෙකක මතයන් වීම ගැන මට තියෙන්නේ මහාම මහ අමුතු කියවීමක්.

 

රාගය කියන්නේම ඉරු රශ්මිය වැනිය. දවාලන්න හැකි සේම නිවාලීය හැකි. අපි හැමෝම ලගම රාගය විවිධාකාර ප්‍රමාණයන්ගෙන් සමන්විතයි. අඩුවැඩි වශයෙන්. රාගය නැති මිනිහා මළ අයෙක් සේ මා නිර්වචනය කරන්නේමී. මන්දයත් රාගය ජිවිතේදී යම් යම් සම්බන්ධතා ශක්තිමත් කිරිමට හා පවත්වාගෙන යාමට දක්වන සහයෝගය අතිමහත්ය බැවින්‍ ය.

අපි දෙන්නාට තිබ්බේම රාගය ගැන පරස්පර හා අන්ත දෙකක මතයන් වීම ගැන මට තියෙන්නේ මහාම මහ අමුතු කියවීමක්. මට රාගය ක්‍රිඩාවක් වු නමුත් ඔයාට රාගය කියන්නේ ම භාවනාවක්.

අනේ මන්දා ඔයා හැමදාම කිව්වේ. අපි හැම රෝම කූපයක්ම ස්පර්ශ වෙන රාගය මුසු ප්‍රේමයෙන් හෝ ප්‍රේමය මුසු රාගයෙන් බැදෙමු කියලා. මටත් ඔයාගේ රාගය මුසු හුස්ම වලින් එන ශබ්දයට හා රාග රසය  විදින්න ආසයි. ඒ බව පරිකල්පනය කල වාර අනන්තයි අප්‍රමාණයි.

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

ඒ රාගික සුවද මගේ සයනයේ හතරමුල්ලේ තවරා. සීතල රෑයවල් පහන් කලේම මහාම මහා කාලකණ්නී මුසල සිතුවිලි වලට තිත තබමින්. ඉදින් මාද මිනිහෙක් බැවින් මා සිතේද රාගය නොඉපද තියේ වීද.

ඒදා මද සිතල මුසු වුණ, සෞම්‍ය ලෙස හද පායා තිබු රාත්‍රීයක්. නිවසේ සියල්ලන්ම බණ ගෙදරකට ගොස් සිටි බැවින් නිවසේ මා තනිව සිටියෙමී.

-----------------------------------------------------------------

මම උඩුමහලේ තිබු මගේ කාමරයෙන් එලියට පැමිණ මුහුදත් හදත් පෙනන ලෙස පුටුවක් ගෙන ඉදගත්තේ සිතල වතුර නා පැමිණ මා හට හද එලිය මුසු සීතල, මගේ නිරුවත් උඩු කයට තවරා ගැනිම පිණිසය.

නිවැසියන්ට හොරෙන් පෙර සැලසුම් කල පරිදී, මා පහල කුස්සියේ ඇති ශීතකරණයේ තිබු බියර් බෝතල් දෙකක් කමරයට ගෙනාවේ. මගේ අල්මාරියේ තිබු ශිත නොකල බියර් බෝතල් දෙකක් එහි තබමින් ය.

නංගි - "මං බණ ගෙදරින් එන්න කලින් ඔයාට කෝල් එකක් දෙන්නම් අයියා. තෝ ඉක්මනින් කාලා බීලා නිදා ගන්නවා. නැත්තම් තාත්තා තෝව මරයි. මතකයිනේ එක පාරක් පුටුවක් කැඩෙන්න ගුටි කෑවා."

මම 😁 - "යකෝ.... මං එදා පොලිසියට ගියා නම් තාත්තා අද වැලිකඩ. මං හයිය හත්තියට ඉන්න මිනිහෙක් නිසාම හොදට ගියා."

නංගී - "අනේ මේ.... එදා නොගහ හිටියානම් තමා පුදුම. එදා නම් ඕවර් වැඩී තමුසේ. නටපු නාඩගම් අපි නේ දන්නේ."

මම 😁 -  "හරි !! හරි !! එනකොට කෝල් එකක් දෙන්න. බොරුවට කෑම එකක් ගෙන්නද අහලා. හරිද ?"

නංගි - "හරි හරි මටත් චීස් කැලි දෙකක්, තුනක් තියෙනවා හරිද?. මේ තමුසේ බිලා, වමනේ එහෙම දාන්නේ නෑ තෙරුණා නේ."

මම 😁 - "පිස්සු ද !!!  මම වමනේ දාන්න. යකෝ මං මේවා බොන්නේ ඔලේවල් කරන කාලේ ඉදං."

නංගි - "එදා එහෙම  වමනේ දාලා තමයි පුටු කැඩෙන්න කෑවේ. මතකද ??"

මම 😁 - "හරි හරි කෝල් එකක් දෙනවා කෝ... එන්න කලින්"

කියා මා දුරකථනය විසන්ධි කලේ. බියර් බිමට මේසය සකස් කරන අතර වාරයේදීය. රේඩියෝවට Pen Drive එක සම්බන්ධ කර කසුන් කල්හාරගේ සිංදු වාදනය විමට සලස්වා, ඉක්මනින් තුවාය ගලවා විසි කලේ. කලිසමක් ඇද බියර් බෝතලයේ කුල් එක යාමට පෙර බීමටය.

මම 😁 - දැන් ඔක්කෝම හරි... බියර් හරි... බයිට් හරි.... සිංදු හරි.... ටීෂු පේපර් හරි... ටුත් පික් හරි...  මුහුද හරි... හද හරි 🌙 සිතලත් ගාණටම තියෙනවා.😊

ආදර මල්වල පාට කියන්නද....🎵🎵
මත් මල් සේනා.....🎶🎵
ඇරඹුමම කදුලක් වේලා....🎼🎵
මල් මිටක් තියන්න ඔබ අතේ....🎶🎵🎼

(සිංදු එකින් එක වාදනය වී ගියේ පලවෙනී බියර් බෝතල හිස් කරමින්ය.)

මම 😁 - යකෝ එකක් එච්චර ඉක්මනින් මම එක බියර් බෝතලයක් බිලාද. ඔම්ශාන්.... දැන් නම් උඹ වෘත්තියමය බේබද්දෙක් වෙලා බම්. කමක් නෑ.... තාත්තා එන්න කලින් අනික් එකත් කඩපං.... 😁😁😁

අනෙක් බියර් බෝතලයක් විවෘත කලේ. අතැති සිගරැටුවද පසෙක තබා  මගේ දත්වලින්ය.

සිගරට් දුම් වලලු 🌙 හද දෙසට මම යොමු කලේ හදට නොක්කාඩු කරන ලෙසයි. 😏 එකවරම ඒ හඩ මා සලිත කරන්නට විය...

එයා 😊 - "ආ මේ ඉන්නේ.. තමුසේ මොකද කරන්නේ."

මම 😁 -  "කෑ ගහන්න එපා මං මේ... මේ දන්නේ නැද්ද පොඩි ශොට් එකක් ගත්තා."

එයා 😊 - "හොද පොඩි...  බියර් බෝතල් දෙකක්. යකෝ එකටද පොඩි කියන්නේ..."

මම 😁 - "හ්ම් හ්ම්"

එයා 😊 - (මා අසල තිබු පුටුව ගෙන ඉදගත්තේය)
"කෝ ගෙදර අය.... ඇයි? පෙන්න නැත්තේ"

මම 😁 - "ඒයාලා බණ ගෙදරකට ගියා..."

එයා 😊 - "ඒකයි හාම් පුතා මේතරම් සෙල්ලමක් දාන්නේ.."

මම 😁 - "මේ අහනවා කෝ.... මං දෙයක් අහන්නද ඔයාගෙන් ?"

එයා 😊 - "අපෝ එපා ඔම්ශාන්.... ඔයාගේ ප්‍රශ්න වලට මං ගාව උත්තර නෑ. අනික ඒ ප්‍රශ්න ඉවර වෙන ඒවාත් නෙවෙයි."

මම 😁 - "අනේ මේ පොඩ්ඩක් අහන්නම්"

එයා 😊 - "ආ... කියනවාකෝ කෙටියෙන්"

මම 😁 - "ඔයා ඇයි හැමදාම මං අහද්දී කියන්නේ රාගය කියන්නේම භාවනාවක් කියලා. ඇයි ඔයා ඒ හැගිම එච්චර රාමු කරන්න හදන්නේ."

ඒයා 😊 -  "මාත් බැලුවා, කෝ තවම ඔයාගේ රෝමාන්තිකයා ඇහැරුනේ නැත්තේ ඇයි කියලා..."

(එයා, මම විවෘත කර තිබු බියර් බෝතලයෙන් බියර් කෝප්පයකට දමා ගෙන එක හුස්මට හිස් කලේය.) 😊😊😊

මට නම් මෙය විශ්මයක් නොවේ අප දෙදෙනා එක්ව බොන පලමු අවස්ථාවද මේ නොවන බැවින්, මම එයාට ආදරේ කරන්න සමීපතම එක් හේතුවක් එයා මත්පැන් ගැනිම 😁😁😁

ඒයා 😊 - "දැන් නම් කියන්න බෑ ඔම්. ඔයා දැන් ගිහිං කාලා නිදා ගන්නවා. තාත්තා එන්න කලින්. (මං යනවා කියා එයා චීස් කැල්ලක් කන ගමන් නැගිටින ලදී.)

මම එක වරම එයාගේ අතින් අල්ලා ගෙන මා අසලට ගත්තෙමී.
(රේඩියෝවෙන් තරුකා නිවා දුර ඈත තනිවෙලා වාදනය වන්නට විය)

පායා තිබු හද 🌙 මේඝයක් ඇවිදින් සැගවෙන්නට විය. මුහුදු රළ නිහඩ වන්නට විය. සීතල සුළග අප වටා වඩාත් ලං වෙන්නට විය. ඒතරම් සීතලක් මගේ නිරුවත් උඩු කය ස්පර්ශ කරන විටද මා රාගය නැමති ගිනි දැල් වලින් ඇවිලෙන්නට පටන් අරගෙනය. මං ගිනි කන්දක්සේ රාග සිතුවිලි වලින් දැවෙන්නේය.

එයා 😊 - "ඔම්ශාන් ඔයා බීලා වැඩී ගිහිං නිදා ගන්නවා. මං මේ යන ගමන් නිකං බලලා යන්න ආවේ."

මම 😁 - "බෑ.... මට ඒ භාවනාවට දැන් සම වදින්න ඔනේ. අනේ ප්ලීස්...."

(කියලා මං එයාව මගේ සමීපයට ගෙන ඒ ඇස් දිහා වඩා සරාගී ලෙස බැලුවෙමී. ඒ ඇස්ද රාගයෙන් පරිපුර්ණ වී ඇත.)

තවත් ඇයි එක මොහොතක් හරි නිකං අපතේ යවන්නේ කියලා. මම එයාගේ දෙතොල් මගේ දෙතොල් වලින් ස්පර්ශ කරන්න විය. මගේ අතැගිලි ඒයාගේ කන්පෙති අතර තදින් රදවා ගෙන එයාට මගේ ග්‍රාහනයෙන් මිදෙන්නට නොදුන්නෙමී. 😊😁

--------------------------------------------------------------------

මී මැස්සෙක් මලක රොන් ගන්නා සේ මම ඒ තොල් පෙතිවල පහස විදින්නට විය. තත්පර විනාඩි ගෙවෙන්නට විය. ඒයාද මට ආයාසයකින් තොරව අවනත වු බවක් දැනුනේ, ඒ අත්ද මගේ කන්පෙති තදින් අල්ලා ගන්නා බව දැණුනු විටය. දැන් මුලු ක්‍රිඩා පිටියම අපගේය.
හද 🌙 හොරෙන් හොරෙන් අප දිහා බලයි. ඒ බව මට පසක් වුයේ ඒයාගේ මුහුණට හද එලිය විටෙන් විට වැටෙන විටය. දැන් මගේ දෙතොල් වලින් බෙල්ලට පැමිණියේ අනාරාධිත අමුත්තෙක් ලෙස එයායි ප්‍රථමයෙන්. මට මේ රාගික ගින්නෙන් නිවෙන්න බෑ මයි හිත කියන්නේ. රාගය තියෙන්නේ ඇස්වලද තොල් වලද බෙල්ලේද යන්න මට තවමත් හිතා ගන්න බෑ.

මම 😁 - "දැන් නම් සිමාව ඉක්මවා අපි යනවා කියලා දැනෙන්නේ." (යැයි සිහින් කෙදිරියක් සමග මම මිමිණුවේ, එයාව තදින් වැලදගෙන සිටින විටය.)

ඒයා 😊 - (මගේ කට එක් අතිකින් වසන ගමන්) "කමක් නෑ..... මං ආසයි මේ අසම්මත රාගික ගිනි දැල් වලට පිච්චීලා, අලුවෙලා ආයේ ෆිනික්ස් කුරුල්ලෙක් වගේ ඒ අලුවලින්ම ඉපදිලා අලු වෙන්න. තාමත් ඒ දෙතොල් මගේ බෙල්ල වටා දගකරමින් සිටි...

මම 😁 - "ඔයාට අවසර දෙනවා මං. ඒ අසම්මත රාගික ගින්නෙන් මාවත් දවා අලු කරන්න. (අඩවන් මගේ ඇස් හද 🌙 දකිද්දී ලැජ්ජාවක් ඇති වෙන බැවින් මා ඇස් වසා ගත්තෙමී.)

දෙතොල් වලින් බෙල්ලටත්, බෙල්ලෙන් දෙතොල් වලටත් අප දෙදෙනා රාගය මුසු ප්‍රේමය තවරන්න විය.

මේ අතර වාරයේ හිස් නොකල බියර් බෝතලය බිදී කැඩෙන්නට විය. මුලු කාමර මිදුලම බියර් සුවද වෙලාගත්තේය.

මම 😁 - "මේ බියර් සුවදට වඩා මං ඔයාගේ සුවදට ආසයි. මං ඒ සුවදට කෑදරයි."

ඒයා 😊 - "ඒක රාගික සුවද. දැන් මං ඔයාව මගේ භාවනාවේ උච්චතම අවස්ථාවට ගෙනියන්න හදන්නේ."

තවම එයා මගේ දෙතොල්, කන් පෙති, බෙල්ල මතම. එයාගේ තොල් පෙති වලින් එහෙ මෙහෙ යන්නේ මගේ නිරුවත් උඩු කයට සිතලක් නොදැනෙන ලෙසට අසම්මත රාගික ගින්න අවුලමින්ය.

තාත්තා - පුතා කැවාද ????

ඇවිලෙමින් තිබු අසම්මතේ රාගික ගින්නට නගර සභාවේ ගිනි නිවන හමුදාවෙන් ජල ප්‍රහාරයක් එල්ල කලා සේ අප දෙදෙනාම බියෙන් නිවී ගියෙමු.😞😞😞😞😞

මම - (බියටම උඩු මහලේ සිට) "ඔව්....." තාත්තේ කියන්නට විය

තාත්තා - "තව කවුද උඩ ඉන්නාව පෙන්නේ."

එයා - "මම අංකල්"

තාත්තා - "හා... පුතා මොකද රෑ වෙලා මෙහෙ"

මේ ලෝකයේ රාගයට බොහෝ නිර්වචන තිබේ. ඉතිං තවත් කුමකටද මා අටුව ටිකා එක් කරන්නේ. රාගය විදින්න සියල්ලම කැමතිය ඒ තමන් ප්‍රේමය කරන උන් සමග. ඒ ප්‍රේමය මුසු රාගයක් විදින්නට.
ඔබත් උපුලී උත්තමාවිය සේ රාගය උපක්‍රමශීලීව විදින්නට උත්සහ නොකර ලැබෙන සෑම අවස්ථාවකම ප්‍රේමය මුසු රාගයෙන් ඇවිලෙන්න.

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

"ඒයා මාව ඇල්ලුවා. 😍
අත ගෑවා.... ඉම්බා...😊😁
ගොරව ගොරවා නිදා ගත්තා....
පස්සේ නැගිටලා යන්ඩ ගියා.. එච්චරයි."🥺

නිල්කට්‍රෝල් (පිටුව 78 )
මොහාන් රාජ් මඩවල

✒️ මම ඔම්ශාන් 


Saturday, 11 March 2023

සරත් කියන වචනේ මගේ ජිවිතේට නැතිවම බැරි වචනයක්. ඒක කොහොම, කෙසේද කියලා නම් දන්නේ නෑ. නමුත් මං දන්න එක දෙයක් නම් තියෙනවා.


සරත් කියන වචනේ මගේ ජිවිතේට නැතිවම බැරි වචනයක්. ඒක කොහොම, කෙසේද කියලා නම් දන්නේ නෑ. නමුත් මං දන්න එක දෙයක් නම් තියෙනවා. ඒ මං ජිවිතේදී සහමුලින්ම කඩා ගෙන වැටුණ දවසක් තියෙනවා නම් ඒ අද කියන්න යන දවස කියලා මං දන්නවා. නමුත් ඒදා මං නොහඩා ඉන්නේ නැතිව, ඇඩුවා නම් හෝ පණ පිටින් ඒ හැගිම් වල නොදැම්මා නම්, අද ඒවායේ විලාප වලට, මට නින්ද නොයා තියෙන්නේ නෑ. ඒ විලාප බය නිසා අදටත් මම වැස්සේ දී අකුණු කොටනවාටත් ගොඩාක් බයයි.

🖤❤🖤❤🖤❤🖤❤🖤❤

-----------------------------------------------------------


ජිවිතේදී අපි සීමීත කාලයක් එකට ගෙව්වාත්. අපි දෙන්නා එකට ඉන්න එක ෆෝටෝ එකක් වත් නැති වීම පිලිබදව මට පසුතැවිල්ලක් වගේම කෝපයක් තියෙන්නේ. මොකද අපි කවදාවත් නොහිතපු දෙයක් අපිට මුහුණ දෙන්න වුණේ. නමුත් ඔයා මට කලින් එ දේ දැනගෙන හිටියා. මේක ලියන කොටත් මගේ ඇස් වලින් කදුලු වාන් දානවා. මේ පාර නම් මං ඒවා නවතාලන්නේ නෑ. තවමත් ඒ දුක දරා ගන්න පුලුවන් මනුස්සයෙක් නෙවෙයි මං. මමත් හැගිම් දැනිම් තියෙන ඇටමස් ලේ නහර වලින් සමන්විත මනුස්සයෙක්.

"ඇයි...... 
ඇයි......  
ඇයි...... 
මට මෙහෙම කලේ " කියලා 
අදටත් මං මගෙන්ම අහන ??????
මගේ කාමරේ බිත්ති හතරේ දෝංකාර 
දෙන වචනයක් ඒක...
ඇත්තෙන්ම මාව දාලා යනකොට ඔයාට පුංචීම පුංචී වේදනාවක්වත් දැණුනේ නැද්ද ?

දෙසැම්බර් 30 සිකුරාදා දවසක්. 
ඔයාගේ මුහුණේ මං කවදාවත් නැති දිප්තියක් දැක්කා. ලොකු බරකින් නිදහස් වෙන බවක් පෙනුණා. ඇස් පවා දිප්තියෙන් දිස්වුණා. තරු පවා පැරදවිය හැකි ඒ ඇස්වලට. මං හිතුවෙම හෙට අලුත් අවුරුදු උදාවෙන නිසා කියලායි.
🖤❤🖤❤🖤❤🖤❤🖤❤

රෑට කන්න හිටියේ ඉදිආප්ප. ඔයා මගෙන් ඇහුවා මං කවන්නද කියලා. 
මම හ්ම්.... හ්ම්.... ගැහුවා මිසක්, 
ඒය ප්‍රතික්ෂේප කිරිමට තරම් මගේ හිතට හේතුවක් තිබ්බේ නෑ. නමුත් කවන අතරමගදී ඔයාගේ ඇස්වලින් කදුලක් කඩාගෙන වැටුණා, මං දැක්කාත්. ඔයා මං දකින්න කලින් ඒක පිහදානවා මං දැක්ක නොදැක්ක ගාණට හිටියා. මං කාලා නැගිටින්න හදන කොටම ඔයා ලග තිබුණ වතුර එක මගේ අතට දිලා බොන්න කිව්වා. ඔයාගේ අත් මාරම සීතලයි. මගේ අතඅල්ලන කොටම මට දැනුනා. නමුත් මට කිසිවක් වැටහුණේ නෑ. රෑ අහස දිහා බලද්දී හදත් නෑති අමාවක දවසක්ද කොහෙද ඒදා !!!...... හදත් නැති නිසා මං නින්දට ගියේ හරියටම ඔරලෝසුවේ 9.00 ට වදින කණිමේ ශබ්දයත් එක්කමයි.
🖤🖤🖤🖤🖤🖤🖤🖤

2006 දෙසැම්බර් 31 උදේ කුකුලා කෑගහන්නත් කලින්
"අයින් වෙන්න.......
අයින් වෙන්න........
ලමයාව පරිස්සමෙන් අයින් කරන්න " කියන ශබ්දයට මුලු ගේම ඇරුණේ එක මිටට බය වේලා...

ජිවිතේ දැකපු ලොකුම ගින්න එදා මං දැක්කා.
🔥🖤🔥🖤🔥🖤🔥🖤🔥🖤🔥🖤🔥🖤🔥🖤🔥

ආච්චිගේ විලාපය, සියාගේ හතරඅතට දිවිම මධ්‍යයේ මං දැක්කා තාත්තා වතුර බාල්දීයක් ගෙනවිත් ගින්න නිවනවා.

ඒ එක වතුර බාල්දියකින් ඒ ගින්න නිවුණාත්, ඇත්තම ගින්න ඇවිල්ලෙන්න පටන් ගත්තේ ඒ ගින්න නිවුණාට පස්සෙයි...

🥺 මම - අම්මේ......( කියලා යටි ගිරියෙන් කෑ ගහන්න ගත්තා) මගේ අම්මාගේ ඇගෙන් දුම දානවා...  ඒයා වේදනාවෙන් මං දිහා බලාං ඉන්නවා.

සියා - අනේ ජුඩ් ඉක්මනින් වාහනයක් ගෙන්නකෝ. නැත්තම් කෙල්ලගේ පණ මෙතැනම යයි.

🥺 මම - අම්මේ නැගිටින්න කෝ..... ( කියලා කෑගහලා අඩන කොටත් ආච්චී ගෙදර තිබ්බ ජේසුගේ කුරුස දිහා බලාගෙන පපුවට ගහා ගත්තා )

😭 ආච්චි - මට මේවා දකින්නද මගේ හුස්ම ටික ගන්න නැතිව තිබ්බේ ජේසු ස්වාමී දරුවනේ........ අඩු මාසෙන් ඉපදුණ මගේ මගේ කෙල්ලව මං හැදුවේ පරිස්සමෙන් නේ දෙයියනේ...... අද ඒකී ගිනිබත් වෙලා ඉන්නවා නේ.......

මං අත උස්සලා ඔයාගෙන් ඉල්ලුවානේද මේකිට ඉවසීම දෙන්න කියලා ජේසූ....... ඇයි??? ජේසු ඔයා මාව අත් හැරියේ...... මට වාවන්නේ නෑ ස්වාමී දරුවනේ..... මගේ පපුව පත්තුවෙනවා දෙයියනේ......... ( කියමින් ආච්චී අම්මා විලාප තියමින් අඩනවා )

අල්ලපු ගෙදර නැන්දා මාව අම්මා ලගින් ඈත් කලාත්, මම දැක්කා අම්මා ගේ ඇස් මං දිහාම බලාං ඉන්නවා.

🖤 අම්මා - "හර්ෂණ මගේ පුතේ............." කියලා කෑ ගැහුවා.

අල්ලපු ගෙදර නැන්දා මගේ කන්දෙක ඉක්මනින්ම වැහුවා...

මම කන්දෙකේ තියෙන අත්දෙක අයින් කරන්න හැදුවත් මට ඒ දේ කරන්න බැරි වුණා. මොකද මං අවුරුදු 10 පොඩි එකෙක්. ඒ දරදඩු අත් එක්ක හැප්පෙන්න බෑ. නමුත් ඒ අත්වලට ඒ විලාපයේ ඇසීම නවතාලන්න බැරි විය.

🖤 අම්මා -" අම්මේ මට දැවිල්ලයි අම්මේ...." (කියලා ආච්චි අම්මා දිහාවට හැරිලා කිව්වා)

😭 ආච්චි - ජේසු ස්වාමි දරුවනේ මගේ බඩින් වදාපු දරුවා ගිනිබත් වෙලා කෑ ගහනවා, උඹ ඔය කුරුසෙන් බැහැලා ඇවිත් මගේ කෙල්ලව බේරපං ජේසු.............  මේ අම්මාගේ කදුලුවලට උත්තර දීපං ජේසු..... (කියලා තවත් හයියෙන් අඩමින් කෑ ගහනවා මං දැක්කා )

මුලු ගේ පිරෙන්න කට්ටිය ආවා. මං කාවදාවත් අපේ ගේ මේ තරම් මිනිස්සුන්ගෙන් පිරිලා දැකලා තිබ්බේ නෑ.

අල්ලපු ගෙදර නැන්දා -" මෙයා ගොඩාක් පිච්චිලා. මං හිතන්නේ නෑ ගොඩාක් වෙලා අල්ලං හිදිවී කියලා. හුස්ම ටික ඉක්මනින් යයි. ලක්මාලිගේ තාත්තේ" කියලා නැන්දා මාමට කියනවා මට ඇහුණා.

ඒයා යන ගමන කොයි වගේද ? ඒ වේදානාව කොහොමද කියලා නොදන්නවා වුණත්. එයා ලොකු දුර ගමන් යනවා එකයි. ඒයා පිච්චීලා ඉන්නැද්දි ඒක බලාගෙන නොහඩා ඉන්න පුලුවන් කමකුයි මට තිබ්බේ නෑ. අම්මේ....... අම්මේ............ කියලා කදුලු නොආවාත් මං අඩන්න ගත්තා

🖤 අම්මා -" හර්ෂණ මගේ පුතේ.........." කියලා (මට ලග එන්න පිලිස්සුණූ වේදනාව සහිත සිරුරෙන් ඉගිකලා)

😭 ආච්චි - දෙයියනේ මං මේ දණිස් රිදෙනකං යාච්ක්දා කාලා.......... අද මාව මේ වගේ අසරණ කරන්නද ජේසූ ඒම කලේ...... මගේ බඩපපුව පත්තු වෙනවා........ මේ කොල්ලාට මං මොකක්ද කියන්නේ ජේසු ස්වාමීන් දරුවනේ.....

අල්ලපු ගෙදර නැන්දා - "ලක්මාලිගේ තාත්තේ මං හිතන්නේ නෑ ඉස්පිරිතාලෙට ගෙනියන්න පුලුවන් කියලා. මෙයා ගොඩාක්ම පිච්චීලා නේ. ගෙදරම පණයි"
මෙහෙම කියන ගමන් ලක්මාලිගේ අම්මා මාව වරුකරගෙන අම්මා ලගට එක්කගෙන ගියා.

😭 ආච්චී - " එරිනෝ...... උඹට ඔය භූමිතෙල් ඇගට වැටෙද්දී කොල්ලාව මතක් වුණේම නැද්ද? ගිනිකූර ගහන්න හයියක් කොහොමද ආවේ එරීනෝ......( කියා විලාප නගන්නීය)

ලක්මාලිගේ අම්මා මාව පිච්චීලා අන්තිම හුස්ම ටික අදින අම්මා, ලගට මාව එක්කක් ගියා.

🖤 අම්මා  - "හර්ෂණ මගේ පුතේ  ඔයා හොදට ඉගෙන ගන්න ඔනේ. අම්මා වගේ මුරණ්ඩු වෙන්න ඒපා. ආත්තම්මා කියන දේ අහං ඉන්න. අම්මා ඔයා දිහා බලාං ඉන්නවා"

"ලක්මාලිගේ අම්මේ මට තිබායි. වතුර ටිකක් කොල්ලාගේ අතින් පොවන්න කෝ"

ඉක්මනින් ලක්මාලීගේ අම්මා වතුර එකක් අරන් එන්න මාව අම්මා ගාව දමා යන්නට ගියේය. අම්මා එකවරම එයාගේ අතින් මගේ අත අල්ලන්න විය. ඒ වෙලාවේ මං හිතූවේ අත පිච්චීලා නැ කියන්නේ අම්මා බේරෙවී කියලා මයි.

🖤 අම්මා - "අම්මා එක්ක තරහා වෙන්න එපා මගේ රත්තරං පුතේ. අම්මා ඔයාට ගොඩාක් ආදරේයි මගේ මැණික". කියද්දීම ලක්මාලිගේ අම්මා වතුර විදුරුවක් ගෙනවිත් මා අතින් අල්ලං අම්මාට පොවන්නට විය තවමත් අම්මා මගේ අත අල්ලාගෙනය.

ලක්මාලිගේ අම්මා - ඇතිද එරින්...

🖤 අම්මා - අක්කේ මගේ කොල්ලාගේ අතින් වතුරත් බිව්වා. මට දැන් සැනසිල්ලේ යන්න පුලුවන් අක්කේ. මගේ කොල්ලාව බලාගන්න.

තාත්තා හා සියා ත්‍රිවිල් එකක් ගේ අසලටම ගෙනාවේ. අම්මාව රෝහල කරා ගෙන යාමටයි. ත්‍රීවීල් එකෙන් බැස නිවස ඇතුලට හා තාත්තාත් සීයාත් අම්මාව ඉස්පිරිතාලෙට එක්කගෙන යාමට වත්තම් කරද්දී

🖤 අම්මා - ජුඩ්....... මම යනවා ලමයින් ටික පරිස්සමෙන්. මට සමාවෙන්න. කොල්ලාව අයියෙන් අල්ල ගන්න කියලා මගේ අත තාත්තාගේ අතට භාර දී ඒයා සදහටම මගේ අත අත්හරින ලදී.

😭 ආච්චී - "ජේසු ස්වාමීන් දරුවනී මොකක්ද මේ කලේ. මගේ කෙල්ලව ඇයි මට කලින් ඔයා ගවට ගත්තේ"   කියලා කෑ ගසා අඩද්දී. මෙතෙක් නොහඩා සිටිය අය පවා අයියෝ.....අයියෝ..... කියා අඩන්න ගත්තේය..මුලු ගේම කදුලු හා විලාප වලින් පිරියන්නට විය..
කුමක් වුවේද ? කුමක් කරන්නද ? කියා මගේ පුංචි හදවතට වගේම මගේ දෙසවන් වලටද දරා ගන්නට නොහැකි විය. මං ක්ලාන්ත වන්නට විය.

ඔන්න ඔහොමයි සරත් කියන කොළ හැලෙන සෘතුව මගේ ජිවිතේට ලං වුණේ අදත් හෙටත් හැමදාමත් සමහර දේවල් අපි එක්ක බැදිලාම තියෙනවා හරියට සරත් සෘතුව වගේ. අම්මෙක් නැති ලමයින්ට වසන්ත සෘතුවක් නෑ කවදවත්ම ඉතුරුව ඇති එකම සෘතුව සරත් පමණී..

අදටත් මං ඇගේ සොහොන් කොතට නොයන්නේය. මන්දයත් කරදඩු උස්මහත් වුවද හදවත තවම මුදු මොලොක් බැවින්...
ඔබට මෙවන් විපතක් කිසි දිනක නොවේවා
🖤❤🖤❤🖤❤🖤❤🖤
🌸🌼🌸🌼🌸🌸🌼🌸🌼

✒️  මම ඔම්ශාන්