ජිවිතේ කියන්නේ රග මඩලක් අපි එහි නලුවන් වෙති කියලා ප්‍රසිද්ධ කියමනක් තියෙනවා. ඔව්.... ඒම කියමන ඔබට මට සාපේක්ෂයි. මං අද කියන්න යන්නේ මට මගේ ජිවිතේ මහාම මහා වෙනස්කම් කිහිපයක් කරන්න පුලුවන් කමක් තිබ්බ හා කරපු මනුස්සයෙක් ගැන. හීනයකින් වත් මං නොහිතපු, මං පුංචී කාලේ ඉදලාම පරිකල්පනය කර සිටි මනුස්සයෙක් නොවුන කෙනෙක් එයා, මම සර්ව සම්පූර්ණ නැති මිනිස්සු නැහැ නේ කියලා එයාව ලං කරගත්ත නිසා මගේ ජිවිතේ මං අද මේ තැනට ආවා.
❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤
"හදවතේ නිරුවත නුඹට හංගන්න බෑ මගෙන් ගැලවී ගියත් හිතෙන් ගැලවෙන්න බෑ... "
මේ තමයි ඒයාගේ ෆෝන් එකේ Welcome Tune එක. මේක මීට වසර කිහිපයකට කලින් නම් මට හරිම හුරුපුරුදු ගීතයක්. මොකද මට මුලින්ම ආදරේ කරපු කෙනා ඒයා. කියන්න නම් ගොඩාක් දේවල් තියෙනවා එයා ගැන නම්, කොහොම කියන්නද කියලා නම් හිතා ගන්න බැරි තරමට අසරණ වෙනවා, ඒ අතීතයට යන්න වුණාම. "තොල්පෙති විතරක් පලමු හාදුවෙන් තෙමන්න" කියලා දුන්න කෙනා. අපි අතර වයසින්, අත්දැකීම්, අදහස් වලින් පරතරයක් තිබ්බාට කවමදාකවත් ආදරේදී පරතරයක් නොතිබුණා. මොකද ඒයා මට ඒ තරම් කාර්‍ය්ලය තුලදී ආදරේ කලා. මට අදටත් සමහර ප්‍රශ්න එයාගෙන් අහන්න තිබ්බාත් නොඅහා ඉන්නේ " හර්ෂණ මට පොඩ්ඩක් නිදහසේ ඉන්න ඔනේ කියන නිසායි ". මං එයාට කොයි තරම් ආදරේ කලාද කිව්වෝත් මම ඒ කාර්‍යාලයට සමුදී කොළඹ මහා නගර සභාවේ වැඩට ආවාම "හර්ෂණ" කියන නම මාව රිදවාවී කියලා මම අකමැතිම නම "ඔම්ශාන්" පාවිච්චි කරන්න පටන් ගත්තා. මොකද හර්ෂණ කියලා මට කතා කරන්න අවසර තිබ්බේ ඔයාටයි අම්මාටයි විතරයි කියලා කවුරුත් නොදන්න නිසා.
--------------------------------------------------------------------
දවසක් මට මගේ කාර්‍යාලයේ වැඩකට එළියට යන්න වුණා. වෙලාව දවල් 1.00 යි මගේ කෑම එක බෑග් එකේ තවම වැඩේ ඉවර නැති නිසාත්, වැඩේ ඉවර වෙද්දී හවස් වෙන නිසාත්, කාර්‍යාලයට කෝල් එකක් දීලා
"අක්කේ මගේ කෑම එක කාට හරි දෙන්න වැඩේ ඉවර වෙද්දී තුන තුනාමහාරවත් වෙයි කියලා ෆෝන් එක තිබ්බා"
මම ඉතිං ඒ කාර්‍යාලයට අලුත් නිසා මං ගාව මාත් එක්ක වැඩ කරන අක්කාගේ ෆෝන් නම්බර් එක හැරෙන්න වෙන නම්බර් තිබ්බේ නෑ. වෙලාව සෙමින් සෙමින් ගෙවිලා ගියා. වෙලාව 2.43 යි මට නාන්නාදුනන අංකයකින් කෙටි පණිවිඩයක් එනවා. මෙන්න මෙහෙම
"හ්ම් හ්ම් කෑම නම් මාරම රසයි. මං කැමතිම කෑම සෝයා මීට් තිබ්බා හ්ම් නමුත් මං අකමැති කෑමකුත් තිබ්බා ඒ කැරට්. කොහොම වුණත් කෑම එක රහයි හ්ම් හ්ම්. අම්මාට කියන්න ආයේ දවසක මට කෑම එකක් ඔනේ කියලා හ්ම්. පරිස්සමෙන් එන්න මැට්ටෝ "
🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼🌸🌼
වැඩ නිසා හෙම්බත්වෙලා හිටිය මං මැසේජ් එක බලලා පිළිතුරක් හෝ කවුද කියා හෝ නොවිමසා මට තිබුණ වැඩේ දිගටම කරනගෙන ගියෙමී. කාර්‍යාලයේ පැවරූ වැඩේ අවසන් කර නැවත කාර්‍යාලයට ගිය මම 5.45 බැවින් ඔෆ් එක අත්සන් කර ගෙදර යන්නට බස් හෝල්ට් එකට ගියෙමි. කටකපලා බස් එකේ සෙනග මමත් අමාරුවෙන් බස් එකට නැග්ගේ මරදානින් කෝච්චීයේ යන අය බැස්සාම ඉදගන්න සීට් එකක් ලැබෙයි කියලා. හිතුවා හරියටම හරි සීට් එකක් ලැබුණා. Facebook යන්න කියලා ෆෝන් එක අතට ගත්ත මං, ආවා මැසේජ් බලද්දී කලින් ආවා මැසේජ් එක නැවත වරක් කියවෙව්වා. පස්සේ RepLY කරනවා කියලා හිතාං ඒ නම්බර් එක UNKNOWN කියලා Seve කරගත්තා. ඔන්න ඔහොමයි මගෙයි ඒයාගෙයි පලමු කතාබහ සිද්ධ වුණේ.

ටික දිනක් ඔහේ ගෙවිලා ගියා. ආයේ UNKNOWN නමින් මට කෙටි පවිඩයක් ලැබුණා.
" හ්ම් හ්ම් මං එන ගමන් ඉන්නේ. ඔයා කන්න ඒපා දැන්ම හ්ම්. මම ඔයාටත් එක්ක කෑම ගෙනවා ඉන්න මං එනකං හ්ම් හ්ම්.
මම තුස්නීන් භූතවෙලා බලාං හිටියා ඒ කවුද මැසේජ් එක එවපු කෙනා කියලා. කොහොම හරි කෑම මේසේට වෙලා නොකා බලං ඉද්දී මෙන්න මෙයා ආවා
"හ්ම් හ්ම් ඉන්නවා නේ මං හිතුවා ඔයා කාලා ඇති කියලා හ්ම්"
මට එක පාරටම හිනාවක් ගියා. කොහොම හරි නොහිතපු වෙලාවක හා සැලසුම් නොකල විදිහට අපිට එකට කන්න සිද්ධ වුණා. දෛවය මං විශ්වාස කරන්න විශාලතම හේතුවත් එකක් ඒක. ඒවගේම කාර්‍යාලයෙන් හැමෝමව කෑම කන කණ්ඩායම් වලට බෙදලා දැම්මාම අපි දෙන්නාට එක කණ්ඩායමක එක ළග පුටුවලට වැටුණේ. එක නම් අපි දෙන්නාම කියලා නෙවෙයි. ඔන්න ඔහොම කාලය ගෙවිලා යන්න ගියා.
2018 අප්‍රේල් 07 සෙනසුරාදා සිංහල දෙමළ අලුත් අවුරුද්ද නිසා අපිට සති දෙකක් නිවාඩු දුන්නා. මමත් කට්ටියගෙම පඩි හා බෝනස් හදලා මහන්සි වෙලා හිටියේ හොදටම. මගේ මේසයත් අස් කරලා ගෙදර යන්න ලෑස්ති වෙලා පහලට ගියා වතුර එකක් බිලා යමු කියලා. එතකොටම කවුදෝ ඔෆිස් එකේ කුස්සියේ මොකක්දෝ කරන සද්දයක් ආවා. මම බලද්දී ඒ එයා.
මම - මොකද කරන්නේ යන්නේ නැද්ද
එයා - හ්ම් හ්ම් නෑ යනවා. මගේ ඔලුව කැක්කුමයි එකයි මේ ඉගුරු දාලා කෝපී එකක් බීලා යන්න බැලුවා හ්ම්
මම - හරි මං යනවා ඔෆිස් එකේ කවුරුත් නෑ. Workshop එකට මොනවත් නැහැනේ ගන්න.
ඒයා - හ්ම් හ්ම් මං හිතන්නේ නෑ. ඔයා යන්න මමත් මේක බිලා සිකියුරිටි අංකල්ට යතුර දිලා යනවා....
මම - හරි ඔයාත් පරිස්සමෙන් යන්න.
ඒයා - ආ......... හර්ෂණ දෙයක් අහන්න තියෙනවා හ්ම් හ්ම්
මම - මොනවාද
ඒයා - හ්ම් හ්ම් කවුද කෑම හදන්නේ උදේට හ්ම්....
මම - මම ඇයී....
ඒයා - හ්ම් හ්ම් හැමදාම අම්මාට කියන්න කෑම රහයි කියලා ඔයාට මං කියද්දී ඇයි නොකිව්වේ හ්ම්
මම - මම නිරුත්තරයි. ඇස් ඇග කදුලු
එයා - හ්ම් හ්ම් මොකෝ මේ පොඩි එකා වගේ හ්ම්
එයා මගේ ළගට ඇවිදින් මා දැඩි ශක්තිමත් උණුසුමක් ලබා දීමට සිතා වැළද ගන්නා ලදී. ඒ වැළද ගැනිම අවසන් වුයේ ඒ දෙතොලෙහි රැදි කෝපී රසය මා දෙතොල් වල රදවාය.
🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️
කාලය ගෙවීයන්නට විය දැන් අපී ප්‍රේම කරන්නට විය. මං මේ ලොකේ ආසම තැනවන කලාභවන අසල ඇති වික්ටෝරියා පිළිරුව වෙතට මා පුදුම කරමින් ඒයා මා රැගෙන යන ලදී.
"හ්ම් හ්ම් හර්ෂණ මම හැමදාම ඔයාගේ මුහුණේ හිනාවක් තියෙන්න ඔනේ කියලා ප්‍රාර්ථනා කරනවා හ්ම්. මට පොරොන්දු වෙන්න මොන දේ වුණත් ඔයා අඩන්නේ නෑ කියලා හ්ම්"
මම - හරි.... මට කියන්න ඇයි ඔයා හැමදාමත් හැමදේකටම හ්ම් හ්ම් කියන්නේ
ඒයා - ඒක ඔව්ත් නැති නෑත් නැති හිස් වචනයක්
සෑම දෙයකම ආරම්භයේම එහි අවසානය ලියා ඇති ලෙස අපේ අවසානය දිනය සුර්‍යාගේ ප්‍රභාෂ්වර එලියත් සමග උදා විය.
මා හට කොළඹ මහා නගර සභාවේ රැකියාව භාර ගන්නා ලෙස පත්විම් ලිපිය තාත්තා අතට තැපැල් මාමා ලබා දී ඇති බව දන්නේ. ගෙදර ගොඩ වෙද්දීම "දැන් නම් මට සැනසිල්ලේ මැරෙන්න පුලුවන් පුතාට රජයේ රස්සාවක් හම්බ වුණා" කියන තාත්තාගේ සතුට මුසු වචන නිසායි. දැන් මා ඒ පත්වීම භාර ගත යුතුව ඇත. මන්ද ඒ මගේ පවුලේ හා තාත්තාගෙත් මගෙත් දිගු කාලීන හිනයක් බැවින්.
පසුදා උදෑසන මේ පිළිබඳව කාර්‍යාලය හා ඒයාව දැනුවත් කර ඉල්ලා අස්වීම ලියා දුන්නේමී. නමුත් කාර්‍යාලයේ කිසිවෙක් ඉල්ලා අස්විම පිළිනොගන්නා ලද්දේ මා ඒතරම් ඒ රැකියාවට ආදරේ කල බැවින් ය. වේලාව වෙනදාට වඩා වේගයෙන් ගෙවීයන්නට විය. එයා මට බොරැල්ලේ FAB එකෙන් ලොකු කේක් එකක් දී පුදුම කර
"ඔයා යන්න ඔනේ සතුටින් හර්ෂණ. ඔයාට මේ ලෝකේ තව දිනන්න තියෙනවා ඒ මෙතැන නෙවෙයි. ඔයා යන්න පරිස්සමෙන්" කියා අවසන් වරට කාර්‍යාලය කුස්සියේ දී මගේ දෙතොල් සිප ගත්තේය.
දෛවය අපිට හරස්වෙන විදිහ මහා පුදුමාකාරය. මමද එයා මගේ තාත්තාගෙත් පවුලේ අයගෙත් කැමැත්ත හා මගේ හීනය ලෙස ඒ පත්වීම භාරගෙන සේවයට වාර්තා කලෙමී. දින මාස ගෙවී ගිය නමුත් අපගේ දුරස්ථභාවය නැති කලේම දුරකථන ඇමතුම්ය. අවස්ථා දෙකක එයා මා ළග එයාගේ ලේන්සුව අමතක කර දමා යන ලදී. මමද කිසි දිනක ඒවා ලබා දීමට උත්සහා නොකලේ දිනක අප වෙන්වුවද මට ඇති එකම මතකය එය බැවින්.
"හ්ම් හ්ම් අපි මේ සෙනසුරාදා හම්බවෙමු. ඔයා කැමතිම තැන හරිද හ්ම්. මම මේ මාසේ අන්තිම ජපන් යනවා හ්ම් හ්ම්. මට යන්න කලින් ඔයාව බලන්න ඔනේ හර්ෂණ හ්ම්"
සෙනසුරාදා උදා විය මම විලාසිනියකගේ ප්‍රේමය කෘතියක්, කෝන්තයක්, ජේසු පොතක් හා පිරිත් නුලක් රැගෙන එයාව බලන්නට ගියෙමී. (ඒ මොහොත අකුරු කරන්නට බැරිය............................................................)
එයා ජපානය ගිය පසු මාස කිහිපයක් මා හා දුරකථනයෙන් එදිනෙදා දේ බෙදා ගත් නමුත් පසුව මගේ දුරකථන අංකය ඒයාට අමතක වී ඇති බව මා හට ඒයාගේ යාලුවන් කිහිප දෙනෙකුගෙන් දැනගන්නට ලැබිණ. මා හට අහේතුකව ප්‍රේම කල මා අහේතුකව අතරමං කල ප්‍රථම ප්‍රේමය ඔබය. ජපානයේ පිපෙන සකුරා මල් වල ප්‍රේමය විදින්න ඔබ, මා ගැන මොහොතකට හෝ සිහි නොකර.
අපේ ජිවිතේ වෙනස් කරන්න සමහර මිනිස්සුන්ව දෛවය විසින් අපට මුණගැහෙන සලස්වනවා. ඒ අය අපේ ජිවිත සාර්ථක විදිහට වෙනස් කරලා යන්න යනවා. අපිත් ඒ සාර්ථකත්වය දරාගෙන ඒ සමුදීම සතුටින් පිළිගන්න ඔනේ. ඒක තමයි එක්තරා විදිහක ආදරය කියන්නේ. නමුත් තවමත් මගේ හිතේ කෙළවරක ඒයාගේ ආදරේ තියෙනවා. අද අපි දෙන්නාම අපි දෙන්නාට කරපු ආදරේ නිසා සාර්ථක තැන්වල ඉන්නවා. ඉතිං අහේතුකව මාව අතරමං කරලා නෙවෙයි ඒයා ගියේ. ඒ නිසා මං තවම ඒයාට වෛර නොකර ආදරේ කරමී. හා....... ඒයාට ජපන් යන්න කියලා අදහස හා පාර හැදුවේ මං. අද එයා හිරෝෂිමාව යටට වෙලා සකුරා මල්වල සුවද විදිනවා. මං ඒයාට හොරෙන් එයාගේ Facebook එකට ගිහිං බලනවා. මොනවා වුණත් එයා මගේ පළමු ආදරේ......
✒️ මම ඔම්ශාන්

No comments:
Post a Comment