අකුරු මේ තරම් ප්‍රභලයි කියලා අහලා තිබුණාට කවදාවත් මට දැනිලා තිබුණේ නෑ. මල් වගේ ගල් ආපු දවසුත් තිබුණා මගේ බොලොග් පිටුවට. ඇත්තෙන්ම මේ ටික අකුරු කරන්න මේ තරම් කාලයක් ගන්නට එක්තරා හේතුවක් එය. කොහොමෙන් කොහොම වුවද ඉඩෝරයේ පතොක් මලක් සේ හැමදේම දරාගන්නට නොසිතා, වසන්තයේ පිපෙන්නට සිතුවෙමී. මුරුගසන් වැහි පිට වැහි වැස්සත්. වැස්සෙන් පස්සේ පායන දේදුන්නට ආදරේ කිරිම සදහා, ඒ අමිහිරි මතක හා වචන සියල්ල ජිවිත ගංගා ඉවුරේ අත්හැර, නැවතත් මා බොලොග් පිටුව අකුරු කරන්නට සිතුවෙමී.
අපි හැමෝම හීන දකිනවා ඔයා වගේම මමත් . අපි එකම පොත රසවින්නට වුවත්, මං කැමතිම පැණිරස මිශ්‍ර තිත්ත ගතියට. කොහොමද හරියටම කියන්නේ හා..... නිල්කට්‍රෝල් පොතේ වැල්මී මිශ්‍ර මී පැණි රහාට වගේ.
--------------------------------------------------------------------
නමුත් මේ ලෝකේ ඊට හාත්පසින්ම වෙනස් විදිහට ආස කර හා දකින මිනිස්සු ඉන්නවා. මං ඒයාලාට කියන්නේ සමුරායිලා කියලා. මගේ හීනවල හැමදාම මුණ ගැහුණු. මට වෙන්න ඔනේම වුණ චරිතයක් ඔයා. හරි හරි ලොකු ලොකු හෑලි ඔනේ නෑ දැන් යමු කෝ..... කතාවට
මේක වෙන්නේ මාර්තු 23 ඒදා මට විශේෂ ප්‍රායෝගික සම්මන්ත්‍රණයක් සදහා කොටුව ශ්‍රේෂ්ඨාධිකරණය අසලට යන්න වෙනවා. ඉතිං මට නැන්දාලාගේ ගෙදර ඉදං යන්න වුණ නිසා ටිකක් කල්වේලා ඇතිව යන්න කියලා බස් නැවතුම් පොලට ආවේමී. හිස් බස් එකක කණ්ණාඩිය ළග අසුනක් දිනාගැනිම සදහාත් එක්කම.
හිස් බසයට පොරකන මිනිස්සු අතරින් කෙසේ හෝ මා කණ්ණාඩිය අසල අසුනක් හිමි කර ගත්තේමී. බස් රථය පණ ගන්වන්නටද තවත් වේලා ඇති බැවින් මම මගේ නරක පුරුද්දක් වුණ පොතක් කියවීම සදහා බැගයෙන් පොතක් ගෙන කියවන්නට විය.....

🌼🌸❤️🌼🌸❤️🌼🌸❤️🌼🌸❤️🌼🌸❤️🌼🌸❤️
හුරුපුරුදු සුවදක් මා අසලම දැවටෙන්නේය. නමුත් කිසිවක් ගැන නොසිතා අවසන් පරිච්ඡේද කිහිපය බැවින් කියවාගෙන යන්නටම සිතුවෙමී. මං දිහාම කෙනෙක් බලාගෙන සිටින බව දැනෙන්නට විය. ඒ ඇස් මගේ ඇස් ගමන් ගන්නා අකුරු උඩින් වචන දිහාවටම ගමන් ගන්නා බවක් හැගෙන්නේ විය. ඊළග පිටුව පෙරළ විට පමණී ඒ ඇස්, ඇසිපිය සලන බව ඇසෙන්නේ.
හිතුවක්කාර කැරළී කොණ්ඩයක් ඇති,
ඝනසේම අපිලිවෙල රැවුලකට
හිම්කම් කියන, සුර්‍යා මෙන් දීප්තිමත් ඇස්
ඒ ඇස් උඩ මේඝයන් දෙකක් රදවා තෛයිලෝක විජය පත්‍ර සුවද විදුවමින්
කාලවර්ණ හැඩිදැඩි ඔහු මා අසළන්ම සිටියේය.......ඒ මගේ පරිකල්පනයේ සිටී
රාවණාම විය. ඔහු.... එක්කෝ මේක පිස්සුවක්. ඇත්තෙන්ම මට මේ මොනවාද වෙලා තියෙන්නේ කියලා මම මගෙන්ම අසා සිටියෙමී. ටීෂර්ට් එකත් ඔහුත් කාල වර්ණ බැවින් ආගන්තුක ප්‍රභාෂ්වර බවක් ඔහු අසලින් එන්නේය.

ඔහු 🤴- ඇත්තටම ආදරෙයි ද?
මම 🥺- ( මං නිරුත්තරයි )
ඔහු 🤴- ඔම්ශාන් ඇත්තටම ආදරෙයිද ?
මම 🥺- ඔයා කොහොමද මගේ නම දන්නේ ?
ඔහු 🤴- කියන්නම ඔනේද.... එක රහසක්.
( සිනාසෙමින් )
මම 🥺- හ්ම්..... හ්ම්.....
ඔහු 🤴- ඔයා ආඩම්බරකාරයෙක් වගේ.
මම 🥺- නෑ.... වලව්කාරයෙක්.
ඔහු 🤴- නෑ වෙන්න බෑ. කැඩිච්චල සිංහල වලව්කාරයෝ නෑ..... මං හිතන විදිහට.
( උපහාසය මුසු සිනාවෙන් )
මම 🥺- සමහර විට ඉන්නත් බැරි නෑ.
ඔහු 🤴- ඇත්තටම ආදරෙයි ද?
මම 🥺- මොකාක්......
කවුද කිව්වේ......
මං දන්නේ නෑ.
ඔහු 🤴- මොකෝ මේ කලබල වෙලා කෑ ගහන්නේ ?
මම 🥺- මං කලබල නෑ. ඔයා අහපු ප්‍රශ්නයට උත්තරය දුන්නා එච්චරයි.
( ආඩම්බරයෙන් )
ඔහු 🤴- මං ඇහුවේ. ඉතාමත් සරල ප්‍රශ්නයක් නේ මැට්ටෝ.
මම 🥺- නෑ.... ඒක ඒතරම් සරල නෑ
ප්‍රශ්න එක්කම ජිවත් වුණ මට. ඔහුගේ ප්‍රශ්නයට පිලිතුරු ලබා දීමට තරම් ධෛර්යක් හදවතේ නැති බව දැනෙන්නේ තොල්පෙති වේලී ඇති බව දැනීමෙන්. එක ප්‍රශ්නයකට පුලුවන් වුණා මගේ මුලු දවසම උඩුයටිකුරු කරන්න. මුළු ඇගම සීතල වෙලා නමුත් තවමත් තොල්පෙති වියලී ඇත. අනේ මන්දා මොකක්ද මට වෙලා තියෙන්නේ කියලා හිතා ගන්න බෑ.
ඔහු 🤴- මොකෝ ඔම්ශාන්. කෝ උත්තර?
මම 🥺- මං දන්නේ නෑ අප්පා ඔවා...
( දෙගිඩියාවෙන් )
ඔහු 🤴- හරි හරි හිතන්න පතන්න දෙයක් නෑ. ඔයා හොදටම බය වෙලා ඉන්නේ නේද?
මම 🥺- හ්ම්... හ්ම්...
ඔහු 🤴- මං ඇහුවේ ඔයා කියවන පොතේ විදිහට, ඇත්තටම සිතා රාමාවන්ට ආදරේ කලාද කියලා ?
මම 🥺- අම්මෝ........... මම බය වුණ තරමක්. ( ලොකු හුස්මක් බිමට අතහැරියෙමී )
ඔහු 🤴- ඔම්ශාන් මම ඔයාට "ඔම්" කියන්නම් එක හරි ලස්සන නමක්. ඔයාද දන්නවා ඇති නේද රාමායණය කතා වස්තුව. හා.....
නොදැන ඉන්න විදිහක් නෑ. දෙමළ මිනිස්සු එක මටත් වඩා හොදට දන්නවා නේ.
මම 🥺- ( මම දෙමළ නෙවෙයි කියලා කියන්න හිතුණ නමුත්. ඔහුගෙන් එන තෛයිලෝක විජය පත්‍ර සුවද මගේ ආත්මය සොරාගෙන ඇති බැවින් කිසිවක් නොකියා ඒ ඇස් දිහා බලා කතාවට සවන් දුන්නෙමී )
ඔහු 🤴- ඔයා දන්නවා ද? රාවණා කියන්නේම මහා ප්‍රාතාපවත් ආඩම්බරකාර චරිතයක්. ඒයාට සිතා කියන්නේම එකම එක ස්ත්‍රියක් විතරයි. ඒයා සිතාව ලංකාවට ගෙනාවාට එකම එක දවසක් වත් අතින් ඇල්ලුවේ නෑ කියලා. ඒ තරම් ශ්‍රේෂ්ඨ රජෙක් රාවණා. අඩුම ගාණේ අන්තංපුරයටවත් නොයවා වෙනම උයනක රාජකිය පහසුකම් මැද ඇයට ආරක්ෂකව දුන්නා.
මම 🥺- ඇයි ඒයා එහෙම කළේ ?
ඔහු 🤴- ඒ තමයි ප්‍රේමය ඔම්. සිතාව දුෂණය කරන්න රාවණාට බැරි කමක් නෑ. නමුත් ඔහු එසේ නොකලා. පරිවාර ස්ත්‍රීන් එක්ක ඇයට රාජභෝජන, රාජ්‍ය ආරක්ෂාව දී බලාගත්තා. ඒ ඇයගේ ආදරය අපේක්ෂාවෙන්. නමුත් ඉතිහාසය පුරාම අපි දැක්කේ රාවණාගේ දුෂ්ඨකම් විතරයි. ඒ රළු පපුව ඇතුලේ තිබුණ ආදරේ දැක්කේ නෑ. කවුරුත් කවදාවත්......
මම 🥺- ඉතිං.... සිතාත් රාවණාට ආදරේ කරන්න ඇතිද ?
ඔහු 🤴- ඔනෑම මනුස්සයෙක්ගේ හදවත සසල වෙන මොහොතක් එනවා ඔම්. ඔයාත් මාත් එහෙමයි. සිතාත් මනුස්සයෙක්. ඒ නිසා සසල නොවී තියෙවීද හදවත. සම්මත අසම්මත වර්ගීකරණය යටතේ සිතා රාවණාට ආදරේ නොකලාට අනිවාර්යයෙන්ම සිතාත් රාවණාට ආදරේ කලා ඔම්.
ඒක සත්තයි.
මම 🥺- කොහොමද ඔයා ඒ තරම් ස්ථීර වශයෙන් කියන්නේ.
ඔහු 🤴- ඔයා හිතනවාද? සිතාට රාම කුමාරයා අග්නී පරික්ශාව දුන්නාට පස්සේ ඒක මොහොතකට හෝ "රාමාට මා සැකයි රාවණා" කියලා නොහිතෙන්න ඇති කියලා.
එහෙම හිතුණා ඔම්. එකයි සිතා, රාම රාජධානියට ගියාම ආයෙත් රාජකියත්වය අතහැර වනයට යන්නේ. ගැහැණු එහෙමයි ප්‍රේමයේදී. ඉතිං වල්මීකී සුක්ශමව රාමායණය අවසන් කරන්නේම රාමා සිතාවන් අවසන් වන තෙක් එක් නොවුණ හේතුව පැහැදිලි නොකරම සියල්ල සක්‍රයා පිට පවරමින්. හරියට 550 වෙනී ජාතක කතාවල හැම දේම විසදන්න සක්‍රයා එනවා වගේ.
සමහර විට අපිට අපේ ජිවිතවල රාවණාලා වගේ අසම්මත ප්‍රේම කතා හමුවේලා ඇති නේද? සමාජ වෙනස්ම කෝණයකින් නිර්වචනය කරද්දීත් හද පතුලෙන්ම ඒවා දරාගෙන ආදරේ කරන මිනිස්සු ඉන්න ඇති නේද නොදැනුණාට. මං හිතන්නේ ම මට හමුවෙලාත් ඇති හමුවෙලා මගහැරිලාත් ඇති කියලා. මනමේ කුමරිය, මාධවී අභිසාරිකාව වගේ චරිතවල ප්‍රේමය නොදැක්ක අපි. ඒ චරිතවල දැක්කේම වෙන වෙන දේවල් විතරයි. අපිට ඉතිහාසයේ කොහේම හරි වැරදිලා කියලා හිතෙනවා.

❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤
බසය කොටුව බස්නැවතුම් පොලට ලගා විය. අපේ කතාබහද අවසන් අදිරයට ඇවිත්.
ඔහු 🤴- මම ඒනම් යනවා ඔම්.
පරිස්සමෙන් යන්න.
හා...... (මගෙන් ඔයාට තැග්ගක් කියා ඔහු මා අත පොතක් රදවා බසයෙන් බැස්සේය.)
මට නුවර යන කෝච්චීය මිස් වෙයි.
ඔයා ආයේ නුවර ආවාම හම්බවෙමු
මම 🥺- ඔයා කොහොමද මාව දන්නේ?
ඔහු 🤴- දවස් දළදා මාලිගාවට ආවා නේ කැම්පස් එකේ අයත් එක්ක. අන්න ඒදා, ඔයා දළදා කරඩුව ගාව ඉදලා ප්‍රාර්ථනා කරපුවා මට ඇහුණා ළමයෝ.
මම 🥺- බොරු නේ...
ඔහු 🤴- ආයේ හමුවුණාම ඔක්කෝම කියන්නම්. දැන් යන්න පරක්කු වෙනවා. එතකං මාව මතක් වෙන්න හා ඔයාගේ හිතේ ඇවිලෙන ගින්නෙන් නිවෙන්න ඔය පොත කියවන්න. ( කියා ඔහු පාර මාරුවී දුම්රිය පොල තුළට ගියේය )
මම 🥺- ඔහු මට තෑගී කල පොත දිහා බැලුවෙමී. ඒ පොත මා කාලයක් තිස්සේ හොයන "අම්මාපහ මං කඩුව දුන්නා පොතයි".
❤️එක්කෝ මට පිස්සු ඇයි දෙයියනේ කොහෙවත් ඉන්න මිනිස්සු මට තෑගී දෙන්නේ.

❤️මටයි නුවරටයි ඇති සම්බන්ධය මොකක්ද?
❤️අත්භුත ආත්ම වගේ මිනිස්සු ඇවිත් යනවා.
❤️අත්භුත ආත්ම වගේ මිනිස්සු ඇවිත් යනවා.
❤️මේවා මනුස්සයෙක්ට කියන්න පුලුවන් ද.
❤️අනේ මන්දා මං දන්නේ මේච්චර.
මෙතෙක් මගේ පරිකල්පනයේ සිටි රාවණා
දැන් සැබෑ ප්‍රේමවන්තයෙක් වුණා.
පොතක් මට තෑගි ලැබුණා එපමණයි.
"ඇත්තටම රාමාට මා සැකයි රාවණා" කියලා කියන්න ඇතිද සිතා.
මට සමාවෙන්න රාවණා..........

මම ✒️ ඔම්ශාන්