ජිවිතේ සමහර පුරුදු තියෙනවා අපිට කවදාවත් වෙනස් කරන්න බැරි ලෙසට ඇබ්බැහි කරවු. ඉතිං මමත් අන්න ඒවාගේ සමහර පුරුදු වලට ඇබ්බැහි වෙලා තියෙනවා. හොද ඒවා වගේම නරක ඒවාටත්. මගේ ජිවිතේට ආගන්තුකයින් අහේතුකව ඇවිල්ලා යනවා. ඒ ඇවිත් යන අයට පරිස්සමෙන් යන්න කියන එකත් දැන් පුරුද්දක් වෙලා
(අපි ආයේ මුණගැහෙන්නේ සැලසුම් නොකල මොහොතක)
💙 තවමත් තේ නිවලාද බොන්නේ ? කලින් වගේම,
❤️ හ්ම් හ්ම්
............... ( දිගු සංවාදයකට පසුව )
❤️ මං යන්නම් ?
💙 යන්නම් කියන්න ඒපා, ගිහිං එන්නම් කියන්න!
❤️ ඔයා තවමත් වෙනස් වුණේ නෑ නේද, තවමත් යන්නම් කියනවාට බයද?
💙 හ්ම්.... මං හිතන්නේ
❤️ ඒනම් එදා..........
💙 ඔව් මං ඒදා ඔයාට යන්න දුන්නේ නුහුරක් දැනුණ නිසායි. පරිස්සමෙන් ගිහිං එන්න.
(හුරු හිතට නුහුරක් දැණුනා අපි කෙරූ ආදරේ නවතින්න අවසරයි ප්‍රේමයෙන් )
සමහර මිනිස්සු අපිට හමුවු මුල් කාලයේ නැතිවම බැරි ඇබ්බැහි වීමක් වුණාට, කාලය හා ප්‍රශ්න එක්ක ඒ අය අපිට ඔනේමද කියලා දැනෙන වෙලාවක් එනවා. සමහර අය අපිට හේතුවක් නොකියා අහේතුකව යන්නේ අන්න ඒ නිසායි. ඒ අවස්ථාව කොතරම් වේදනාකාරී වුවද අල්ලා සිටිමට වඩා අත්හැරිම යෞග්‍ය බවයි මා සිතන්නේමී.
✒️ මම ඔම්ශාන්
❤️❤️❤️
❤️❤️❤️
