සද්ධන්ත කුලේ ඇතෙක්,
නොකියාම නික්ම යාමේ කතාව....
🌼🥺❤🌸🤴🐘
මගේ ජිවිතේ කවදාවත් අයිතිවාසිකම් නොකියු අයිතිකාරයා. ගහක මුදුන් මුල කපා දැම්මාට පස්සේ සෙසු මුල් වලින් පලක් තියෙවීද ගහට. මං පුංචීම පුංචී වරදක් ලොකු කරගෙන, උද්දච්ච තිරණයක් ගැනිම.
හඩා වැටිමෙන් හා පාශ්ච්තාප වීමෙන් අවසන් කල හැකිද ?
නෑ..... තවමත් අඩනවා තනිවෙන හැම මොහොතකම. හඩනොනගා...
ඇස් අගිස්ස වෙන තෙක් කදුලු පුරවගෙන
බිංදුවක් හෝ බිම නොහෙලා...
(2021-06-18 සෙනසුරාදා දින උදෑසන 10.34 ට ඔහුගෙන් දුරකථන ඇමතුම මා හට ලැබිණී. ගන්දෝ නොගන්දෝ කියා දැඩි මානසික පොර බැදිමක සිටින විට කුමක් හෝ අදුර්ශමාණ බලවේගයක ක්‍රියාවෙන් දුරකථනය ආන්ස්වර් කලෙමී )
❤තාත්තා - මං ඉතුවේ ආන්ස්වර් නොකරයි කියලා. මොකද මං දැන් සතියක ඉදලාද ගන්නේ.
🥺මම - හරි දැන් ගත්තානේ මොකක්ද කාරණය ?
❤තාත්තා - පුතා.. අද කියටද ගෙදර එන්නේ ?
🥺මම - ඇයි මොකටද ?.. හැමදාම එන වෙලාවට තමයි එන්නේ. මොකද මෙතැන මම නෙවෙයි නේ අයිතිකාරයා.
❤තාත්තා - අද සෙනසුරාදා. ඔයා වෙනදා වගේ 2.00 ට ඔෆ් වේලා එනවා නේද ?
🥺මම - එක කියන්න බෑ.
❤තාත්තා - පුතා තවම මාත් එක්ක තරහායින්ද ඉන්නේ ?
🥺මම - ඔව් ඇයි..... කියන්න ආවා කාරණය කියන්න මට වැල් වටාරම් ඔනේ නෑ.
❤තාත්තා - පුතා මං අද ඔයා ආසම කෑමක් හැදුවා.
🥺මම - ඉතිං මං මොනවා කරන්නද ඒකට
❤තාත්තා - පුතා ඔයා මාත් එක්ක තියෙන තරහාට මේච්චර දවසක් පිටින් කෑවා ඇති. අද ඉදං ගෙදරින් කන්න.
🥺මම - මං ආයේ කනවා නම් කන්නේ ඔය ගෙදරින් ඔයාගේ දානේ තමයි.
❤තාත්තා - හ්ම් හ්ම්
🥺මම - එක කියන්න ද ගත්තේ....
❤තාත්තා - පුතා... මම ඔයා ආසම ඉස්සෝ අල දාලා උයලා බීට්රූට් හොදි හැදුවා. කහ බතක් හදලා මැල්ලුම් මැලෙව්වා.
🥺මම - ඔව් ඉතිං දැන් කලින් කිව්වා නේ මං ආසම ඒවා ඉව්වා කියලා. ආයේ ඒවා විස්තර කරන්න ඔනේ නෑ. ඒක මං දන්නවා නේ.
❤තාත්තා - ඔයා තවම මාත් එක්ක තරහායිද ?
🥺මම - ඇයි !!! යාලුයි වගේද ඔයාට පෙන්නේ.
❤තාත්තා - පුතා මට ඔයාට කියන්න දෙයක් තියෙනවා දැන් සතියක් තිස්සේ. හා... තව ඔයා එක්ක මට තැනකට යන්නත් තියෙනවා ඔයාට පුලුවන් ද එන්න ?
🥺මම - මොකක්ද කියන්න තියෙන්නේ. සල්ලී ඔනේ, බැංකුවට ගිහිං අරන් දෙන්න කියලා නේ.
❤තාත්තා - නැහැ... නැහැ... පුතේ මට ආයේ සල්ලී ඒපා. පුතා එන්න කෝ. මම පුතා එනකං ඉන්නම්.
🥺මම - බලන්නම්... එත් මට හරියටම එනවේලාවක් කියන්න බෑ.
❤තාත්තා - හරි කමක් නෑ පරිස්සමෙන් පුතේ ඔයා. මං ඔයා එනකං බලාං ඉන්නවා
උඩගුකම උපතින්ම උරුම කරගත් මම මේ දුරකථන කතාබහ පිලිබදව කිසිදු තැකිමක් නොකලේ. මට ඔහු පිලිබදව ඇති දැඩි කේන්තිය නිසායි. මාද නැවත මගේ සුපුරුදු රාජකාරි වැඩවල යෙදෙන්නට විය
-------------------------------------------------------------------
තවමත් මම සේවා ස්ථානයේ
වේලාව දවහල් 01.55 යි
නැවත දුරකථන නාද විය. දුරකථන තිරය "අක්කා" නමින් දිස් විය.
🥺මම - ආ.... අක්කා කියන්න
🌼අක්කා - මල්ලී තාත්තාට අද ඔයා එක්ක ජාතික රෝහලට යන්න ඔනේ කියලා කිව්වා.
🥺මම - ආ.. ඔව්.. ඔව්.. කිව්වා. කොහෙද යන්න ඔනේ කියලා නම්.
🌼අක්කා - මම තව පැයකින් පොඩ්ඩක් එලියට යනවා. ඔයා එහෙනම් තාත්තාව එක්කං යන්න.
🥺මම - ඔයා ඒයාව එක්කං යන්න කෝ අක්කා.
🌼අක්කා - මං එක්කං යන්න ඇහුවා දැන් සතියක් තිස්සේ. ඔයා එක්කම යන්න ඔනේ කියලා මුරණ්ඩු වෙනවා. ඔන්න ඔහේ එක්කං යනවා තාත්තා නේ.
🥺මම - හ්ම් හ්ම්
🌼අක්කා - දැන් ඔෆ් වෙලා එනවා නේ
🥺මම - නෑ අද පොඩ්ඩක් වැඩ වැඩි ඉවර කරලාම එනවා. ( කිසිදු රාජකාරියක් නොතිබුණු අතර තාත්තා එක්ක රෝහලට යාම ප්‍රතික්ෂේප කිරිම මා විසින් ප්‍රමාද කිරිමෙන් සිදු කල යුතු බව සිතමින් බොරුවක් කිවෙමි. )
-------------------------------------------------------------------
ඉර ගිනියම් කරමින් පොළවට කාෂ්ඨකය තවරමින් වේලාව 02.30 යි බව මතක් කලේ අක්කා නැවත කෝල් එකක් ගත් බැවිනී.
🌼අක්කා - මල්ලී තාත්තාට සනිප නෑ. මං ජාතික රෝහලට එනවා. ඔයාත් එන්න.
❤මම - (නිරුත්තරයි)
🌼අක්කා - තාත්තාට ඔයා එක්ක කතා කරන්න ඔනේ කිව්වා. ඉක්මනින් එන්න.
🥺මම - (නැවතත් නිරුත්තරයි) කියන්නේ කුමක්ද කරන්නේ කුමක්ද කියා නොදැනන උන් තැන හිද ගත්තේමී.
ගිනියම් වු ඉරු එකවරම අහසෙන් පැන යන්නට ගියේය. හද තියා තනී තරුවක් වත් නැති අහසක් හා මුසල සීතලක් එක්ක මං තනිවිය.
කෙසේ කොහොම ගියාද නම් නොදනී.
මා විනාඩි කිහිපයකින් ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය අසල සිටි බව අක්කාගේ කටහඩන් මා පියවී සිහියට පැමිණිමෙන් තේරුම් ගියේය.
මල්ලී, තාත්තා පපුව රිදෙනවා කියලා කිව්වා සතියක් තිස්සේ. බොහෙත් ගන්න යමු කිව්වාම මල්ලී එක්ක යන්නම් කිව්වා. අදත් අහද්දී කිව්වා ඔයා වැඩ හැරිලා ආවාම යමු කියලා. නිකමට ගිහිං බලද්දී තාත්තා පපුව අල්ලං හිටියා. මං බයවුණා එකයි එක්කං ආවේ දැන් තාත්තා කතා කරන්නේ නෑනේ.( අක්කා එක හුස්මට කියාගෙන ගියේ මට පියවී සිහියට එන්නටවත් ඉඩ නොදී)
🌼අක්කා - තාත්තේ..... මල්ලී ආවා නැගිටලා බලන්න කෝ... (කදුලු වගුරුවමින් කියන්නට විය)
🥺මම - තාත්තේ......(දින 513 ට පස්සේ නැවතත් තාත්තා කියා මම ඇමතුවෙමී)
තාත්තා ඇස් හැර මා දෙස සිනාවක් පා
❤තාත්තා - මාත් එක්ක තවමත් තරහායිද ? මගේ රත්තරං පුතේ.... (අවසානයේ, පැණයක මා අතරමං කළේය - වේලාව 05.32 යි )
🥺💔🥺💔🥺💔🥺
මුලු රෝහලම කඩි ගුලක් වගේ. ත්‍රීවීල් රථයේ සිටි තාත්තාව රෝහල් කාර්‍ය මණ්ඩලය හදිසි ප්‍රතිකාර ඒක්කයට රැගෙන ගොස් ප්‍රතිකාර කරන බව ඒකකය දොර අසල සිටි මට දැක ගන්නට විය...
තාත්තේ.... තාත්තේ.... තාත්තේ යැයි කිවාත්. හඩක් පිට නොවන වචන, මගෙන් පිට විය.....
තවත් මිනිත්තු කිහිපයක් ගෙවී ගියේ ඒ හදක් තියා තනී තරුවක් වත් නැති අහසක් යටයි....
වෛද්‍යවරයා මගේ හැගිම් වලින් තාත්තාගේ පුතා බව දැනගත්තේය. මට ඔහු වෙතට පැමිණෙන ලෙස පැවසීය.
🌸වෛද්‍යවරයා - ඇයි මේච්චර පරක්කු වුණේ. උදේම එක්කං එන්න එපැයි ඔයාලා, එනම් ඒයාව බේර ගන්න තිබ්බා.
🥺මම - ඩොක්ටර් මට සමාවෙන්න... ( කියා බිමට ඇද වැටුණේ ඒ පැණයට මුලු ඇගම පණ නැති විම නිසායි )
🌸වෛද්‍යවරයා - මටත් සමාවෙන්න තාත්තාව බේරා ගන්න බැරි වුණා.
කලුවර අහස මුළු පොළවම වේලා ගත්තා. සිතල මුසු මුසල සුලග ගහක තිබුණ එකදු වේලුණු කොළයකට වත් රැදෙන්න නොදී බිම හෙලුවා. සප්ත මහා සාගරය එක හුස්මේ රස්නේටම හිදුණා.
ජිවිතේ එකම එක උද්දච්චකමක්, ආඩම්බරකමක්, කෝපයක්, නොවිසිලිවන්ත කමක් අදටත් මාව නොමරා මරණවා.....
සමාවෙන්න තාත්තේ.... කියා
අහස පුපුරන්න කෑ ගැසුවත්
ඇසෙන මානයක ඔයා නෑ....
ලේ බිංදුවක් හෝ නොහෙලා මං මැරුණේ. රෝහලේ තාත්තාගේ නිසල සිරුර අසල සිටින විට "තාත්තා" යන නමින් දුරකථනය නාද වන විටයි......
සමාවෙන්න තාත්තේ......
🥺❤🥺💙🥺💛🥺💚🥺🧡
දින 642 ක් ගෙවිලාත් තවමත් ඔයාගේ නමීන් ඒ අංකය මගේ ෆෝන් එකේ තියෙනවා තාත්තේ. ඔයා දන්නවාද මගේ ෆෝන් එකේ දැන් Miss Call නෑ. Call ආහපු ගමන් ම මං Answer කරනවා.ඒදා ඒ වරද මට තවමත් වද දෙනවා. මට සමාවෙන්න මගේ රත්තරං තාත්තේ.......
✒️ මම - ඔම්ශාන්
