Pages

Search This Blog

Sunday, 19 March 2023

"ප්‍රේමය මාරන්තිකය ඒය ඔබට ඔබව සේම ඔබගේ ආත්මයද අහිමි කරවයි. ඇත්තෙන්ම ප්‍රේමයට ඇබ්බැහි නොවන්න "


සැගවී ඈත මේ හිම යායේ,
ඔහේ පාවෙලා...
මීලාන වී ගියාද ඒ,
සිනා වාසනා...
සරා සදේ  සිනා සේලේ......

❤🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️

වළලලා දාපු අතිතීයක් ආයේ ගොඩ ගන්න වුණේ. මගෙන් කෙනෙක් කල ඉල්ලීමකට. මං නොහිතපු දෙයක් සිදු වී තිබුණා. මට සිහිය නැති වී මගේ රුධීර සංසරණ වේගය පවා ඉතාම අඩු මට්ටමකට පහත වැටිය. ඔව්... තවමත් ඒ වළලදාපු අතීතය පණ ගැහෙමින් තිබෙණු මම දුටුවෙමී. දෙවියනී ඇයි මේ තරමට මා අහේතුකව නොමරා මරන්නේ...

මට සමාවෙන්න රත්තරනේ. මං ගොඩාක් අසරණයි වගේම නිරුත්තරයි. අනේ මේ හැගිම් ඔක්කෝම මට පුලුවන් නම් මගේ හුස්මත් එක්කම අකුරු කරලා වචන වලට කැටි කරන්න. හද 🌙 තියෙන හැම රෑකම තවත් නොහඩා ඉන්න.....මේ හුස්ම තවමත් කඩා වැටෙන තරු දිහා බලාං හුල්ලනවා. ඔයාට ඇහෙනවාද දන්නේ නම් නෑ. 

අම්මා තාත්තා මාව දලා ගිය දවසේ මේ තරම් ඇස් තෙමුණේ නෑ. ඒත් ඔයා ගිය දවසේ ඉදං අද වෙනකං මේ ඇස් නොතෙමුණ දවසක් තිබුණේම නෑ. ඔයාව දකින දකින වාරයක් පසා මං දුක උහුලන් හිටියේ කොහොමද කියලා දන්නේ නෑ. කදුලු වලට උඩින් හිනාව ගත්තේ කොහොමද දන්නේ නෑ. හුස්ම හිර වෙනවා කියලා දැනෙද්දීත් මොකුත් නොවුණු ගාණට හිටියේ කොහොමද දන්නේ නෑ.

මගේ බොලොග් පිටුවේ මං  ජිවිතේ බොහොමයක් සන්ධිස්ථාන අකුරින් ගෙත්තම් කලාත්. මට ඔයාව, අපේ ආදරය ගෙත්තම් කරන්න බැරිව එක රාත්‍රීයක්ම අලුයම හිරු දකින තෙක් ඇස්වලට කදුලු ගෙන ශබ්දයක්වත් නොනගා ඇඩුවා. මට සමාවෙන්න.... මට සමාවෙන්න රත්තරං....

උඩින්ම පුර්විකාවට ගත්තේ ඔයා මත් වුණාම කියන සිංදුව. මං ඒකට ඔයා කියන නිසාම ආසද, නැතිනම් මං ආස නිසාම ඔයා කියනවාද දන්නේ නෑ. තවමත් ඔයා සිංදු කියද්දී, ඔයාට හොරෙන් විඩියෝ කරපු ඒ විඩියෝ පට බල බල මං මගේ හිත තුවාල කර ගන්නවා රත්තරං. ඔයා මගේ පලවෙනි ආදරේ නෙවෙයි තමයි. මං පලවෙනි ආදරෙන් ඉගෙන ගත්ත හා වරද්ද ගත්ත බොහෝ දේ හදා ගෙන ආදරේ කියන්නේ මොකක්ද කියලා දැන ගෙන කරපු ආදරයක් ඔයා... එකයි මේක අකුරු කරද්දී වුණත් හුස්ම හිරවෙන්නේ...

ඒදා වගේම අදත් කදුලු රස්නෙයි දෙයියනේ. පපුවේ පිච්චෙනවා..... මං මේක නොලියා ඉන්න උත්සහා කරලාත් ලියන්නේ. මං ඔයාට ගොඩාක් ආදරේ කලා, කරනවා කියලා පෙන්නන්න. මට ඔයාත් එක්ක කතා කරන්න අවසර නැති නිසා. කවදාම හරි මගේ මේ හුස්ම නතර වුණ දවසක ඔයාගේ ඇස්වලින් කදුලු නොහෙළා මේක කියවන්න රත්තරං මං ඔයාගේ හෙවණැල්ල වෙලා ඒ දිහා බලාං ඉන්නම්. ඔය මේක කියවෙව්වා පස්සේ හිතුවක්කාරකම අත් හරිවී කියලා මං හිතනවා.

--------------------------------------------------------------------

❤️ 2019 දෙසැම්බර් 22 13.50 පස්වරුවේ
"ඔයා කෑවාද කෑවේ නැත්තම් එන්න" (කියලා ඔයා මට ඇරයුම් කලා. ඒ තමයි අපි හමුවුණ පලමු වතාව හා කෙනෙක් මගෙන් කෑවාද කියලා ආපු පලවෙනි අවස්ථාව.ඒ වචන වලට වික්ටෝරියානු සුළග මුලු කාශ්ඨකට කොළඹ පොළවම සීතල කරන්නට විය )

❤️ 2020 අගෝස්තු 09 මගේ ඇස් පෙනෙන මානයෙන් පිට දුරට ඔයා යනවා. හරියටම දවස් 230 කට පස්සේ. මේ තමයි අපේ පලමු වෙන්වීම කිම නිවැරදීය.

❤️ 2020 සැප්තැම්බර් 20 මාත් එක්ක තියෙන කේන්තිය නිසාම මගේ උපන්දිනයට සුභ පැතුම් එක් නොකර දුර හිද බලා සිටිම. ජිවිතේ හැමෝම හිනාවෙද්දී මටත් හිනා විමට ඔනෑ තරම් ප්‍රස්තුත තියෙද්දී දුක සගවගෙන සිනාසීම

❤️ 2020 දෙසැම්බර් 25 මං ආස කරනසේම ප්‍රේම කරන කෙනෙක් සමග නිවසට පැමිණ, මා පුදුම කිරිම. අපි මුල්ම වතාවට වැළද ගැනීම. මට තවමත් ඔයාගේ ඒ සුවද මතකයි. මං ඒ සුවදට තවම ආදරෙයි.

❤️ 2021 මාර්තු 19 මම පළමුවරට හා අප පළමුවරට කැළණි පන්සලට යාම. මතකයි මට ඔයා සුදු සමන් පිච්චී මල් වට්ටියක් ගෙන පුජා කලා. " මං ඔයාටත් එක්ක ප්‍රාර්ථනා කලා කිවා" ජිවිතේ පලමු පාරට කෙනෙක් මං වෙනුවෙන් ප්‍රාර්ථනා කලාමයි. මම නම් බෝධියෙන් ඉල්ලුවේම මට ඔයාව නොලැබුණාත් ඔයා හැමදාටම හිනාවෙලා සතුටින් ඉන්න කියලා. නමුත් ඒ ඇයි කියලා දන්නේ නෑ.

❤️ 2021 ජුනී 10 අපි ඉස්පිරිතාලයකට යෑම.  මං ඔයාට අයිතිවාසිකම් කියන්නම පුලුවන් වුණ තෝතැන්න. දොස්තරගෙන් ලෙඩේ විස්තර අහද්දී ඔයා නිහඩ මං දිහා බලාං හිටියේම. අවනත වුණ පුංචී එකෙක් විලස.

ජිවිතේ දුෂ්කරම කාල පරිච්ඡේදයට මා පිවිසිම. නින්දත් නොනින්දත් අතර මා තනිවීම. විලාපය හා කදුල මා වේලා ගැනිම. මා තනිවී යුතු බව දෛවය තිරණයකට එළඹීම. මගේ සිනාව සතුට යන හැමදේම වික්ටෝරියානු සුළග විසින් රැගෙන යාම. ජනාකීර්ණ මං සන්ධියක මා තනීවී තනි මංසලක අතරමං වීම.

❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️

❤️ 2021 ජුලී 10 ඔයා ගැන ප්‍රථම අමිහිරි මතක අකුරු කිරිම. ඔයා දන්නවා මං දුක හා සතුට දෙකම දිනපොතේ ගෙත්තම් කරන වග. නමුත් ඔයා දවසක් මට කියනවා

එයා -  " මට ඔයාගේ දිනපොත ඔනේ ඔම්ශාන්"  කියලා

මම - " ඇයි මොකටද ?"

ඒයා - "මං දවසක් වැරැද්ද කලා. ඒකට ඔයාගේ හිත රිදුණා නේද ? අනිවාර්යයෙන් ඔයා ඒක දිනපොතේ ලියලා ඇති. එක කොලේ ඉරන්න ඔනේ මට "

මම - "ඒකට කමක් නෑ එක එහෙමම තිබුණාවේ"

එයා - "මාත් එක්ක තවම තරහා නෑ නේ"


❤️ 2021 ජුලී 21 ඒයාලගේ ගෙදර අය විසින් ඒයා එක්ක කතා කරන්න කියලා ඉල්ලීම

❤️ 2021 ජුලී 25 ඒයාගේ උඩගුකම ඇත්හැර මා සමග යලී නැවත කතාබහ කිරිම. නමුත් මා වඩා කැමති ඒ උඩගුකමට බව කිසිදා එයාට නොකිවෙමී.

❤️ 2021 අගෝස්තු 11 මා කෝරෝනා වෛරසය  නිරෝධායනය වී පැමිණි විගස ඒයාව හමුවීම හා අපගේ ප්‍රථම වෙන්වීමට ගෙපැල් කැපිම.


❤️ 2021 අගෝස්තු 21 අප දෙදෙනාගේ අභ්‍යන්තර සිතල යුද්ධය හිරු දැකිමට පටන් ගැනීම.

❤️ 2021 අගෝස්තු 25 හිරුත් සදුත් තරුත් එකවර අවරට යාම. සුළගට විප්‍රලම්භ ශුංගාරය මුසු වීම. සප්ත මහා සගර රැලී හඩට පමණක් පෙම් කිරිමට ඇරඹීම. එළියට වෛර කර අදුරට පෙම් බැදීමට සිදු වීම. ඔව් ඒයා අහේතුකව මා හැර දාම යයි. ඇස් අගිස්සට කදුලු ගෙන නොහඩා ඒ දෙස බලා සිටියෙමී.

❤️ 2021 අගෝස්තු 29 මා ලබා දුන් තෑගී නැවත මා හටම ලබා දීම.

❤️ 2021 සැප්තැම්බර් 20 මාගේ උපන්දිනය වර්ජනය කිරිම. නමුත් මා ඒයා පැමිණෙයි යන උපේක්ෂාවෙන් බලා සිටියෙමී.

❤️ 2021 සැප්තැම්බර් 25 පළමු මානසික හා ශාරීරික තුවාල ඒයා විසින් සිදු කිරිම. ශරීරික තුවාලයේ කැලල් මැකී ඇති නමුත් මානසික තුවාලයේ කැලල් තවමත් මැකී නොමැත.

❤️ 2021 නොවැම්බර් 11 විප්‍රලම්භ ශුංගාරය මුසු අපගේ ඇස් එකිනෙකට ගැටීම.

❤️ 2021 නොවැම්බර් 12  වික්ටෝරියානු අහස ගිගුරුම් දෙන ලෙස මා හට බැණීම. ඒ විලාපය දරා ගැනිමට නොහැකිව අහස මහ වැස්සකින් පොළව තෙමු නමුත්, ඒ වැස්සට තෙමුණු මා හා මගේ හදවතේ බුර බුරා නැගුණූ විප්‍රලම්භ ශුංගාරයේ ගිනි දැල් නිවීමට නොහැකි වීය.

❤️ 2021 දෙසැම්බර් 04 දෙදෙනාටම දෛවයේ සරදමකින් එකිනෙකා සමීපව යම් හෝරා කිහිපයක් ගත කිරිමට සිදු වීම.

"ප්‍රේමය මාරන්තිකය ඒය ඔබට ඔබව සේම ඔබගේ ආත්මයද අහිමි කරවයි. ඇත්තෙන්ම ප්‍රේමයට ඇබ්බැහි නොවන්න.
ප්‍රේමය නිසා 2022 පෙබරවාරි 11 දින මම දිවි නසා ගන්නට උත්සහා ගත්තෙමී. නමුත් ඒ දුරකථන ඇමතුම නොඑන්නට මා අදටත් මේ වික්ටෝරියානු සුළගට මුසුව අවසන්. කාලය ගෙවී යන්නට විය මා මාස කිහිපයක් මානසික පීඩනය හෙවත් ඩිප්‍රෙෂන් තත්ත්වය සදහා මානසික වෛද්‍යවරයෙක් සදහා යොමු වුවෙමී"

❤️ 2022 අගෝස්තු 29 අදට අපි විරසැක වී දින 399 ක් වන්නට විය.

කාලය බොහෝ වේගයෙන් හෝ සෙමින් ගෙවී ගොසින් ය. මාද දැන් ඒ වෛද්‍ය ප්‍රතිකාර නිසාත් මාගේ හිතවතුන් නිසාත් ඒ මානසික තත්වයෙන් පිටතට පැමිණීයෙමී. නමුත් දෙයක් ස්ථිරසාර ලෙස දන්නෙමී. ඒ මා හදවතින් කල ප්‍රථම හා අවසන් ප්‍රේමය ඔබම පමණී.

එතැන් සිට අද මේ සිදුවිම ගෙත්තම් කරන මොහොත තෙක් මා කිසිවෙකුටත් ප්‍රේම නොකරන්නෙමී. දැන් මා ප්‍රේමයට බිය වන්නේමී. ඒ ප්‍රේමය නිසා මාහට සිදු වු වේදනාවන් නිසා නොව, ප්‍රේමය යන අර්ථාන්විත හැගිම විදිමට තරම් මා වාසනාවන්තයෙක් නොවන බැවින්. නමුත් එක් කරුණක් සත්‍යයකි. ඒ මම ඒදා මෙන් අදත්, අද මෙන් හෙටත් ඔබට ප්‍රේම කරන වග නමුත් අපට කිසි දිනක, හෝරාවකට කෙසේ වෙතත් තත්පරයකට හෝ නැවතත්  එකට එකතු වීමට නොහැකි බවද මා දනිමී. රත්තරනේ ඔයා අහේතුකව මා දමා ගියේ ඇයි ද යන්නයි මට තවම ගැටලුව. තවමත් මං ඒ ප්‍රශ්නය නිදි නැති හැම රෑකම මගෙන්ම අසන විලාපය ඔබට නොඅසෙන්නේද.

තවත් අකුරු වචන වලට හරවා ගෙත්තම් කිරිමට අපහසුය. කදුලු ඒ තරමට ගිණියම් වී ඇත. හුස්ම තව තවත් සිරවෙන්නට ලගය. අතැගිලි ද වෙව්ලන්නට විය.

ඔයා වෙලාවට කන්නේ බොන්නේ නෑ කියලා මං දන්නවා. ඔයාට ග්‍රෑස්ටික් නිසාවත් වෙලාවට කන්න බොන්න. පරිස්සමෙන් රත්තරනේ. ඔයාට බුදු සරණයි.
❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤❤️🖤

✒️ මම ඔම්ශාන්




27 comments:

  1. Replies
    1. අනිවාර්යයෙන් ම

      Delete
  2. ♥️♥️♥️♥️♥️♥️

    ReplyDelete
  3. හරිම ලස්සනයි මල්ලි.❤

    ReplyDelete
  4. බොහොම ස්තූතියි

    ReplyDelete
  5. ප්‍රේමය බොහෝ විට මාරාන්තිකයි. ඉවසීම නමැති බෙහෙත ඉක්මනින් වැටුනොත් ගොඩ

    ReplyDelete
  6. Kathawe mata notheruna eka thanak තිබුණා .e thmay victorianu suwada?

    ReplyDelete
    Replies
    1. වික්ටෝරියානු සුලග කියන්නේ වික්ටෝරියා පාර්ක් එකේ න් එන සුළගට

      Delete
  7. අපි ලබා ගැනීම්, බලාපොරොත්තු වීම් ප්‍රේමය තුල ‍ජීවමාන කරන තාක්.. ප්‍රේමය අත්හැර ගිය ඇයි දැනීමට නොහැකි වනු ඇත.

    ReplyDelete
  8. හැමදාම මට කියන්න තියෙන්නෙ. එදත් අදත් ඔයා ලියන අකුරක් ගානෙ දැනෙනවා. හරිම රහයි. දිගටම ලියන්න මල්ලි. මේ ලියනවා වගෙම. මේක ඔයාගෙ ස්ටයිල් එක. ඒක ඔයාගෙ. ජය ❤😍

    ReplyDelete